කොත්තු බාස්....................dawasata Rs. 3000

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොත්තු බාස්ගෙ කටේ බීඩිය මුදලාලි ගැසූ පිටි ගුලියෙන් බඩ ඇතුළේ


    බීඩියක් දල්වාගෙන ‘එළවළු රොටී පුච්චනවා’ යැයි පවසා වෙළෙඳසල් හිමියෙක් කොත්තු බාස්ගේ මුහුණට පිටි ගුලියකින් පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ හෝටලයකින් වාර්තා වෙයි.


    වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


    කෑගල්ල නගරයේ හෝටලයක හිමිකරුවෙක් මීට වසරකට පමණ ඉහත දී ‘කොත්තු බාස් කෙනෙක් වහාම ඕනෑ’ යනුවෙන් පුවත්පතක දැන්වීමක් පලකර ගම්පහ ප්‍රදේශයේ 40 හැවිරිදි විවාහක කොත්තු බාස් කෙනෙක් සොයාගෙන තිබුණි. මෙම කොත්තු බාස්ට තුන් වේල කෑම දී දිනකට වෙළෙඳසල් හිමියා විසින් රුපියල් 3000ක මුදලක් ද ගෙවනු ලබයි. කොත්තු බාස් දිනකට දුම්වැටි 4ක් 5ක් දල්වන බව වාර්තා වෙයි. දුම්වැටි දැල්වීම සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු දැනගෙන සිටියේ ද නැත.


    දිනක් හෝටල් හිමිකරු සිය බිරිඳට හෝටලය රැක බලා ගන්නා ලෙස දන්වා හදිසි අවශ්‍යතාවකට කොළඹ ගියේය.

    එදින කොත්තු බාස් කොත්තු සකසන අවස්ථාවේ දී බීඩියක් දල්වාගෙන සිටින අයුරු හෝටල් හිමිකරුවාගේ බිරිඳ දුටු බව සිය සැමියාට පැවසුවාය. පසුව එම අවස්ථාවේම හෝටල් හිමිකරු කොත්තු බාස් ගෙන්වා අවවාද කාට යළි කෑම හදන අවස්ථාවේ දී දුම්වැටි පාවිච්චි කළොත් රැකියාවෙන් දොට්ට දමන බවත් දුම්වැටියක් දැල්වීමට අවශ්‍ය නම් පිටුපසට ගොස් එය කරගන්නා ලෙස ද කීය. කොත්තු බාස් වරද පිළිගෙන හෝටල් හිමියාගෙන් සමාව ද අයැද යළි සේවය කරමින් සිටියේය.

    දින කිහිපයකට ඉහත දී පෙරවරුවේ හෝටලයේ හිමිකාර යුවළ අසල්වැසි නිවසක අවමංගල්‍යයකට ගියේ හෝටලයේ සේවකයෙකුට රැක බලා ගන්නා ලෙස දුරකතනයෙන් දුන් දැනුම් දීමකට අනුවය. පෙරවරු 10ට පමණ හෝටල් හිමිකාර යුවළ පැමිණෙන අවස්ථාවේ දී කොත්තු බාස් බීඩියක් කටේ රඳවාගෙන එළවළු රොටී පුච්චන අයුරු යළි දැක තිබුණි.


    හෝටල් හිමිකරු යළි හෝටලයට පැමිණි අයුරු කොත්තු බාස් දැක නොතිබුණු අතර සෙමින් කොත්තු බාස් අසලට ගිය හෝටල් හිමිකරු කුඩාවට කඩා තිබූ පිටි ගුලියක් ගෙන මීටර් තුනක් පමණ ඈතින් සිට කොත්තු බාස්ගේ මුහුණට එල්ල කළේය. කොත්තු බාස්ගේ කටේ තිබුණු බීඩිය ද පිටි ගුලියත් එක්ක බඩට ගියෙන් කොත්තු බාස්ට කර කියා ගත හැකි දෙයක් නොවීය.


    කොත්තු බාස් සේවය අතහැර දමා යන්නට සූදානම් වුවද හෝටල් හිමිකරු යළි ඔහු රඳවාගෙන මේ වන විට සේවය කරන බව ද වාර්තා වේ.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හෝටල් හිමිකරු කුඩාවට කඩා තිබූ පිටි ගුලියක් ගෙන මීටර් තුනක් පමණ ඈතින් සිට කොත්තු බාස්ගේ මුහුණට එල්ල කළේය. කොත්තු බාස්ගේ කටේ තිබුණු බීඩිය ද පිටි ගුලියත් එක්ක බඩට ගියෙන් කොත්තු බාස්ට කර කියා ගත හැකි දෙයක් නොවීය.
    :shocked::shocked:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    හෝටල් හිමිකරු යළි හෝටලයට පැමිණි අයුරු කොත්තු බාස් දැක නොතිබුණු අතර සෙමින් කොත්තු බාස් අසලට ගිය හෝටල් හිමිකරු කුඩාවට කඩා තිබූ පිටි ගුලියක් ගෙන මීටර් තුනක් පමණ ඈතින් සිට කොත්තු බාස්ගේ මුහුණට එල්ල කළේය. කොත්තු බාස්ගේ කටේ තිබුණු බීඩිය ද පිටි ගුලියත් එක්ක බඩට ගියෙන් කොත්තු බාස්ට කර කියා ගත හැකි දෙයක් නොවීය.
    මේක ලංකාදීප ඔන්ලයින් එකේ තිබුනු, ඕක ලියන එකාට උදේ හීතලට මතක්වෙනකොට ලියන කතා වලින් එකක් වගේ මට නං පේන්නෙ
    ඔහොම පිටිගුලිය කටට යන්න කට ඇරං බීඩි බොන එකෙක් නං ටිකක් හරි හිතන්න තිබ්බා, කට ඇරන් බීඩි බොන්න පුලුවන් කමක් නැහැනේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    කොහොමද ඌට නොපෙනෙන්න මීටර් තුනක් දුර ඉඳන් පිටි ගුලිය කඩාගෙන උගෙ කටට ඒම් කරල ගහන්නෙ. මුදලාලියා මනුස්සයෙක් නම් වෙන්න බෑ.

    samahara welawata Okun ekama kathawa keepa serayakma danawa ban
    ඔව් ඔය හුත්තලා පත්තරේ පිටු වල ඉඩ මකාගන්නත් එකම නිව්ස් එක දෙපාරක් දානව. එක තැනක දාන වයස නෙමෙයි අනිත් තැන තියෙන්නෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,311
    113
    කෑගල්ල
    කොත්තු බාස් කියන්නෙ නම්බුකාර ජොබ් එකක් මුදලාලි ඌට වඳින්නෙ නැති එක විතරයි. :lol:
    හප්පො ඔවු බන් ඌ විතරක් නෙමේ අපිත් උට වැදලා තමා කොත්තුවක් දාගන්නේ.
    පරාට බිත්තර රොටි එලවලු රොටි ඔක්කොම උට කියලානේ බන් දාගන්නේ. ඒ වෙන මහන්සියේ හැටියට 3000 ට වඩා දුන්නත් වටිනවා.
     
    • Like
    Reactions: kinkon

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    "කොත්තු බාස්ගෙ කටේ බීඩිය මුදලාලි ගැසූ පිටි ගුලියෙන් බඩ ඇතුළේ"

    මේක තේරුම් කරලා දියන්

    ප. ලි. ආ හරි හරි..
     
    • Like
    Reactions: kasun090354t

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හප්පො ඔවු බන් ඌ විතරක් නෙමේ අපිත් උට වැදලා තමා කොත්තුවක් දාගන්නේ.
    පරාට බිත්තර රොටි එලවලු රොටි ඔක්කොම උට කියලානේ බන් දාගන්නේ. ඒ වෙන මහන්සියේ හැටියට 3000 ට වඩා දුන්නත් වටිනවා.
    බිස්නස් තියෙන කඩයක් නම් කොත්තු බාස්ට සෑහෙන වැඩ තියෙනව ටවුන් එකේ ලොකු තැන් වල නම් 5000ක් වත් ගෙවනව ඇති.
     
    • Like
    Reactions: kasun090354t

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොත්තු බාස් කියන්නෙ නම්බුකාර ජොබ් එකක් මුදලාලි ඌට වඳින්නෙ නැති එක විතරයි. :lol:

    Jangi wikunana @2osama . handiye gangbang inna @nicjosh83 wada කොත්තු බාස් කියන්නෙ නම්බුකාර ජොබ් එකක්
     

    HmNRazor

    Well-known member
  • අනිවා මාසෙට 30කට 40කට කිට්ටු වෙන්න හොයනවා අෑ කොත්තු බාස්ලා. :oo: :yes: (මම දන්නෙ පොඩි එකෙක් ඉන්නව තලවතුගොඩ ඌ ත් හොයනවා මාසෙට 40ක්, කාලා බීලා අැඳලා ඌ සැපේ ඉන්නවා උට අවුලක් ම නෑ ඌ කොත්තු තලන කොත්තු බාස් කෙනෙක් කියලා)
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අනිවා මාසෙට 30කට 40කට කිට්ටු වෙන්න හොයනවා අෑ කොත්තු බාස්ලා. :oo: :yes: (මම දන්නෙ පොඩි එකෙක් ඉන්නව තලවතුගොඩ ඌ ත් හොයනවා මාසෙට 40ක්, කාලා බීලා අැඳලා ඌ සැපේ ඉන්නවා උට අවුලක් ම නෑ ඌ කොත්තු තලන කොත්තු බාස් කෙනෙක් කියලා)

    Even that is a profession. I don't see anything shameful in it.
     
    Last edited: