කොත්තු සිංදුව හිනා කාලා මැරෙනවා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    කොත්තු සිංදුව හිනා කාලා මැරෙනවා

    නිහාල් නෙල්සන් මහත්මයාගේ ගීතයක් වෙනත් ගායක ගායිකාවන්ගේ ස්ටයිල් වලට හැදෙන අයුරු... ( සිනහවට මිස අපහාසයක් හෝ උපහාසයට ලක් කිරීමේ චේතනාවෙන් නොවේ)
    ......................................
    නිහාල් නෙල්සන් මහතා..

    ගෑස් ලිපේ යකඩ තැටිය රත් උනා.
    බාස් ඇවිත් වැඩේ දෙන්ඩ සෙට් උනා .
    ලූනු මිරිස් බිත්තර මස් කපාපු රොටි කෑලී.
    ටකට ටකට රිදම් එකට තාලෙට ඇනුනා..
    ලට්ට පට්ට එකතු කරල දවසෙ ඉතුරු හරිය.
    සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය...
    ...............................
    අමරසිරි පීරිස් මහතා..

    වායු උඳුනේ.. දැවි දැවී රත් වුනත්...
    මේ අයෝමය පලකයන්...
    කොත්තු නිමැවුම් කරු ඇවිදින්..
    වැඩටදෝ මේ සැරසෙන්නේ..
    ලූනු මිරිස් හා බිජුවට ලෙහි මස්..
    කපා දැමු රොටි ශේෂයන්..
    තාන තම්දෙන නදට තාලෙට මුසු උනා.. මේ අඩවියේ
    ලට්ටයන් හා පට්ටයන් දින පුරා එකතු කොට.. ආ...ආ....ආ... ධිම්තනන නෝම් තනන .
    හඬ නගා නිපදවූ කොත්තු රොටිය මෙයයි..
    කොත්තු රොටිය මෙයයි..
    ..................................
    නිරෝෂා විරාජිනී..

    ගෑස් බට එක්වූ... ලිප වෙලා පත්තූ...
    රත්වුනා මේ යකඩ තහඩුව.. ඔබට නොපෙනේද...
    බාස් ඇවිදින් හෙමි හෙමින්.. වැඩය දෙන්නයි සැරසුනේ..
    මිරිස් ලුණුද මස්ද බිත්තර කැපු රොටි කෑලී....
    ටකට ටක හඬ නංවලා.. ඇනෙන මැදියම් රෑ...
    ලට්ට පට්ටද දවසෙ ඉතිරිය තැටිය මත වැතිරී....
    හැදෙනවා කොත්තූ... හැදෙනවා කොත්තූ..
    .......................................
    දමිත් අසංක..

    ලිප ඇවිලේන්නේ... තැටි රාත් වේන්නේ..
    බාස්ය ඒන්නේ වැඩේට සෙට් වෙල ඒන්නේ..
    ලූණු මිරිස් බිත්තර මස් දවස ඉතුරු හරිය අරන්
    ටකට ටකට සද්දෙ දමා කොත්තු ගහන්නේ..
    කොත්තු ගහන්නේ චිකන් කොත්තු ගහන්නේ..
    කොත්තු ගහන්නේ චිකන් කොත්තු ගහන්නේ..
    .................................
    චාමර වීරසිංහ..

    පුංචි ලිප මත ගෑස් අවුලා...තියපු තැටියක් රත්කලා...
    බාස් ආවිදින් වැඩේ දෙනකොට දෑස කඳුලින් තෙත් වෙලා..
    මිරිස් ලූණුද බිත්තරද මස් කැපූ රොටියට එක් වෙලා...
    ටකට ටක තාලයට මගෙ දුක සමග කොත්තුව රත් කලා...
    ලට්ට පට්ටද දවසෙ ඉතිරිය එකට දාගෙන බාජනේ..
    හදන මේකට කොත්තු රොටියයි.. කියනවා සුදු හාමිනේ..
    .........................................
    නන්දා මාලිනී ( පවන)...

    ගෑස් ලිප මත මේ දැවෙන්නේ ජාතියේ තැටියයි...
    නිවට පාලක බාස් පන්තිය වැඩ දෙන්න සැරසෙයි..
    උතුරින් ගෙන ආ ලූණු මිරිස් ටික දකුණේ මස හා අඹරයි...
    ඉතිහාසේ ..ලට්ට පට්ට ටික... රැගෙන හඩ නංවා...
    ඉතින් කාපියවු මහත්වරුනේ මේ තොපේ කොත්තුවයි.... මේ දැයේ කොත්තුවයි... දූ පුතුන්ගේ කොත්තුවයි..

    ..........................................
    අසංක ප්රියමන්ත පීරිස්...

    ගෑස් ලීපී මාහාත්තියෝ රත් උන මී තැටිය...
    අසරණ මී බාස් පුතී අත පිච්චෙයි හරිය...
    ලූනූ මිරිස් බිත්තිර මස් රුටී නොදා බෑරිය...
    මං ඉනකං මගේ පුතී.... කන්න කුත්තු රුටිය...
    බහ තීරින දිනේ ඉඳන් ලට්ටි පටීටි එකතු...
    කරල අරන් දුක් විඳගෙන තමයි හැදුවි කුත්තු..
    කන රිදෙන්න සද්දි දාල හදන නමුත් කුත්තූ..
    ජාති ජාති නෑ තරහක් මමත් කනව කුත්තූ..
    ජාති ජාති නෑ තරහක් මමත් කනව කුත්තූ..

    ධනුෂ්ක කාංචන ජයවීර...
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    :lol::D


    අසංක ප්රියමන්ත පීරිස්...

    ගෑස් ලීපී මාහාත්තියෝ රත් උන මී තැටිය...
    අසරණ මී බාස් පුතී අත පිච්චෙයි හරිය...
    ලූනූ මිරිස් බිත්තිර මස් රුටී නොදා බෑරිය...
    මං ඉනකං මගේ පුතී.... කන්න කුත්තු රුටිය...
    බහ තීරින දිනේ ඉඳන් ලට්ටි පටීටි එකතු...
    කරල අරන් දුක් විඳගෙන තමයි හැදුවි කුත්තු..
    කන රිදෙන්න සද්දි දාල හදන නමුත් කුත්තූ..
    ජාති ජාති නෑ තරහක් මමත් කනව කුත්තූ..
    ජාති ජාති නෑ තරහක් මමත් කනව කුත්තූ..

    මේ හොඳට සිංදු කියකිය හිටිය අසංක ප්‍රියමන්ත පිරිස්ට මොකද හැබෑටම උනේ :confused: :oo: