කොන්ඩෙ යනවට විසදුමක් හොයනවද? එහෙනම් එන්න...

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉදිරියේ රාළ;21085118 said:
    මොකෙන් හරි කමක් නෑ , ඇඟට සනීපයක් දැනෙන ගාණට ඇඟ කූල් වෙන කල් වතුරෙ බැහැලා ඉන්න ඔනෑ.:)

    එල, උබ අර විරේක වලින් බඩේ ගිනියම යවාගන්න සින් එක හරියට explain කලේ නැනේ :(
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉදිරියේ රාළ;21085158 said:
    මොන විරේකෙන් ද ? :nerd:

    අර බඩේ විරේකයක් කරගන්න කියා කියා ඒ දවස්වල කිව්වේ උබ නෙමේද
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ervamatin by teleseen is the solution.

    පිස්සුද බන් ඔකුන්ගේ කිසි දෙයක් ගන්න එපා, ටිකක් හරි හොද soultion ekakata tiyenne minoxidil witarai, eken godak unge konde yana eka nawatinawa, but treatment natara kalaama aye yanawa
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හිස කෙස් ගැලවී යාම හා තට්ටය පැදීම අද සමාජයේ බොහෝ තරුණ පිරිස් අතර දක්නට ලැඛෙන දෙයක් වෙලා. රැකියාවේ හා ජිවිතයේ ප්‍රශ්න නිසා ඇති වන මානසික අවපිඩනය නිසාවෙන් වගේම හිසකේ වලට අවශ්‍ය පෝෂණය නිසි පරිදි නොලැබීම නිසා මෙසේ අකලට හිස කේ ගැලවී යාම සිදු වෙනවා.

    කැස්ටර් ඔයිල් එහෙමත් නැතිනම් සිංහලෙන්ම කිව්වොත් එඩරු තෙල් වල විටමින් E ,ඛනිජ ලවණ,ප්‍රෝටීන ඇතුලත් වෙනවා. ඒ වගේම මේ එඩරු තෙල් වල බැක්ටීරියා නාශක ගුණයක් සහ දිලීර නාශක ගුණයන්ගෙන්ද යුක්ත වෙනවා.එඩරු තෙල් වල ඔමේගා 9 මේද අම්ලය අඩංගු වන නිසා හිස කෙස් නැවත වර්ධනයට අවශ්‍ය කරන පෝෂණයන් නැවත උත්තේජනය කරනවා. එමගින් ඔබේ හිසකෙස් පමණක් නොවෙයි ඔබට ඔබේ ඇහි බැම සහ ඇස්පිහටු වුවද නැවත වර්ධනය කරගන්න පුළුවනි. මෙම එඩරු තෙල් ඔබගේ හිසකෙස් ගැඹුරටම ගමන් කර ඔබගේ වර්ධනය වූ හිසකෙස් රැක දෙනවා. හානි වූ හිසකෙස් නැවත ශක්තිමත් කර ගිලිහි යාම නතර කරනවා.

    එඩරු තෙල් සත්කාරය සිදු කරන්නේ මෙහෙමයි. මේ සදහා අපි තවත් දේවල් කිහිපයක් යොදා ගන්නවා. එමගින් අපි බලාපොරොත්තු වන්නේ මෙම සත්කාරයේ බලසම්පන්න කම තව තවත් වැඩි කර ගනිමින් ඔබට ඉක්මන් සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමයි.

    අවශ්‍ය දේවල්

     බිත්තර කහ මද 1ක්
     මී පැණි තේ හැන්දක්
     ළුණු ගෙඩියක යුෂ
     එඩරු තෙල් තේ හැන්දක්

    සකස් කරන ආකාරය

    කහ මද , එඩරු තෙල් , මී පැණි හා ළුණු යුෂ එකට මිශ්‍ර කරන්න

    දැන් මෙම මිශ්‍රණය හිස මුදුනෙන් පටන් ගෙන හිසේ සෑම තැනකම ආලේප කරමින් ඇගිලි තුඩු වලින් සම්බාහනය කරන්න

    දැන් ඔබේ හිස තුවායකින් හොඳින් බැඳ ගෙන පැයක් මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය හිස් කබලට උරා ගන්නට ඉඩ හරින්න

    ඉන් පසු සාමාන්‍ය ෂැම්පු යොදා මෙය සෝදා හරින්න. සතියකට කිහිප වරක් මෙම සත්කාරය කිරීමෙන් හිස් කෙස් වැටීම නතර කර ගන්න පුළුවන්.


    http://m.tharunaya.us/show-Success%20medicine%20to%20prevent%20baldness%20riding%20in%20hair%20care%20and%20gills-life-1462853298.html



    ටිකක් ලොකුවට දාපන් මේ වගේ වැදගත් post !