කොන්ඩේ jel ගාන්න හොද නැද්ද?

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කොන්ඩේ jel ගාන්න හොද නැද්ද?


    අද කාලේ තරුණයන්ට තමුන්ගේ කොන්ඩේ ලස්සනට හදා ගන්න නැතුවම බැරි දෙයක් තමයි Hair Jel කියන්නේ.Jel පැකට් එකක් නොගා කොහේහරි ගමනක් යන්න එලියට බහින කොල්ලෙක් අද ලංකාවේ නැති තරම්.ඒ තරම් කොල්ලොන්ගේ හැඩකාර ජිවිත එක්ක jel පැකට් සම්බන්ද වෙලා.හැබැයි ඉතින් ගෙදර දී hair jel ගාන ඕන කොල්ලෙක් ට අම්ම ගේ දොස් මුරේ නම් හොදට පුරුදුයි."ඔය මල ජරාවල් ඔලුවේ ගාන්න එපා යකෝ..තොගේ කොන්ඩේ යාවි වයසට යන්න කලින්".අපෝ මේ වචන සෙට් එක අහලම එපා වෙලා.එත් jel නැතුව කොහොමද ලස්සනට කොන්ඩේ හදන්නේ.පොල් තෙල් ගාගෙන තෙල් බබාලා වගේ තමයි යන්න වෙන්නේ.ඉතින් විශ්ම ලෝකයට හිතුනා මේ ජෙල් ගැවම කොන්ඩේ යන කතාවේ ඇත්ත නැත්ත හොයලා බලන්න.

    jel වල ඉතිහාස හොයල බැලුවොත් මුලින්ම hair jel එකක් හදලා තියෙන්නේ brylcream කියන සමාගම.ඒ 1929 දී පමණ.හැබැයි ඉතින් අපේ රට වල නම් කොල්ලෝ jel ගාන්න පටන් ගත්තේ පාපන්දු ක්‍රීඩක david බෙකම් ගේ අමුතු කොන්ඩ මොස්තරේ දැක්කට පස්සේ තමයි.සැම hair jel වරගයකම තියෙනවා PVP කියලා ද්‍රව්‍යක්.මෙමගින් තමයි jel ගෑවට පස්සේ කොන්ඩ ගස් දැඩි ලෙස නොසෙල්වී එකට ඇලවී තියෙන්නේ.ඒ වගේම hair jel නිෂ්පාදක සමාගම් මේ PVP කියන ද්‍රවය දිය කර ගන්නේ වතුර හෝ ඇල්කොහොල් වර්ග යොදා ගෙන.එම නිසා hair jel වලට පුළුවන් කම ලැබෙනවා ඔබගේ කෙස් පොලවේ ගුරුත්වාකර්ෂණ බලයට පවා අකීකරු කරවන්න.

    American Academy of Family Physicians ආයතනය නම් කියන්නේ jel නිසා කොන්ඩේ යනවා කියන කතාව 100% නිවැරදි නෑ කියලා.හිස කෙස් ගැලවී යාමට ප්‍රධාන හේතුව වන්නේ හිස්කබල පිලිබදව නිසි සැලකිල්ලක් නොදැක්වීම බව ඔවුන් වැඩි දුරටත් පවසනවා.සාමාන්යෙන් jel ගාන්නේ හිස් කබල මත නොවේ.කොන්ඩ ගස් මතයි.එම නිසා jel ගෑමෙන් අනතුරුව නින්දට යාමට පෙර කොණ්ඩය හා හිස්කබල හොදින් පිරිසිදු කරන්නේ නම් විශාල ප්‍රශ්නයක් නොවන බව ඔවුන් විශ්වාස කරනවා.කෙසේ නමුත් දින පතාම කොන්ඩේ jel ගෑම නම් ඔවුන් අනුමත කරන්නේ නෑ.

    එ වගේම ඔබ කඩෙන් hair jel මිලදී ගැනීමේදී එහි ප්‍රමිතිය පිලිබදව ලොකු අවධානයක් යොමු කල යුතුයි.ඇල්කොහොල් වැනි දේ ඔබේ කොණ්ඩයට අහිතකරයි.එම නිසා ඔබ මිලදී ගන්නා jel සදහා ඇල්කොහොල් යොදා ගෙන තිබේ නම් එම jel මිලදී ගන්න එපා.hair ජෙල් වෙනුවට moisturizing barm එකක් වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි.

    එම නිසා විශ්ම ලෝකය තුලින් කොන්ඩේ jel ගාන කොල්ලොන්ට කියන්න තියෙන්නේ ජෙල් ගානවා නම් හැමදාම හොදට නිදා ගාන්න කලින් නාන්න කියලා.ඒ වගේම ඔබ දවස ගානේ ජෙල් ගාන කෙනෙක් නම් ගොඩ ගොඩවල් ගාන්නේ නැතුව පුළුවන් තරම් අඩුවෙන් ගාන්න හිස්කබලේ නොගෙවෙන ලෙස.අන්තිම කරුණ තමයි පුළුවන් තරම් ඇල්කොහොල් නැති වතුර ගතිය වැඩි ජෙල් භාවිතා කරන්න


    ගත්තේ මෙතනින්
    http://sadakalthorathuru.blogspot.com/p/blog-page_10.html
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කාලයක් වැක්ස් කලා දැන් නැවත්තුවා :nerd:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    හැබැයි ඉතින් අපේ රට වල නම් කොල්ලෝ jel ගාන්න පටන් ගත්තේ පාපන්දු ක්‍රීඩක david බෙකම් ගේ අමුතු කොන්ඩ මොස්තරේ දැක්කට පස්සේ තමයි

    :rolleyes::rolleyes::lol: Kandy 1962 :cool:

    389599_4099243762432_1948255031_n.jpg
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    great Rep+++


    Jel gaanne na.konde watayak karakewwa Bun ekak damma .ekko me widiyata nikam konde kadala thiyagannawa./

    jell gawoth pettiyak wath ona wei mage kondeta gaanna.:lol:

    smaug011.jpg


    ow ow ....:rofl::rofl::rofl::rofl: me tharam digata konde thiyenawa.:rofl::rofl::Pmada inna buwage ganata.​
     
    Last edited: