කොන්දෙ_අමාරුවට_බෙහෙතක්

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
කොන්දෙ_අමාරුවට_බෙහෙතක්

කොන්දේ අමාරුව දින පහෙන් සුව කරන දේශීය වෙද ක‍්‍රමයක්

Thursday, 07 April 2011 07:35 lanka C news



විදේශ රටකදී කොඳු ඇට පෙළ ඇදවීමේ රෝගය සුවපත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් වැය වන අතර රුපියල් 5000 ක් වැනි අවම මුදලකින් දේශීය වෛද්‍ය ක්‍රමය මගින් රෝගය සුවපත් කිරීම කල හැකි බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසයි. මේ අනුව දේශීය වෛද්‍ය විද්‍යාවට තවත් අලුත් අත්දැකීමක් එක්කරමින් කොඳු ඇට පෙළ ඇදවීමේ රෝගයෙන් පෙළෙන රෝගීන් (Scoliyosis) සම්පූර්ණයෙන් සුවපත් කිරීම මීගොඩ ආයුර්වේද රෝහලෙන් දැන් සිදු කරයි. මේ ප්‍රතිකාර ක්‍රම දැනට මාසයකට පෙර ආරම්භ කර ඇත.
පාරම්පරික ඖෂධයක් යොදා ගනිමින් සිඳගන්නා තෙල් මෙම රෝගය සුවපත් කිරීම සඳහා භාවිත කරන බවත්, ඊට හරක් අඟකින් සකස් කළ උපකරණයක්ද යොදාගන්නා බවත් බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වරයා පවසයි. මෙය කොඳුඇටපෙළ නිවැරදිව සකස් කරන ඉතා සාර්ථක වෛද්‍ය ක්‍රමයක් බවත් වෙනත් ඇදවී ඇති අස්ථිද සුවපත් කිරීම සඳහා මීගොඩ ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබා දෙන බවත් වෛද්‍ය කරුණාසිරි මහතා පවසයි. දින 05ක නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම මගින් මෙම රෝගය සම්පූර්ණයෙන් සුවපත් කිරීමටද මෙම ආයුර්වේද ප්‍රතිකාර මගින් හැකි වී ඇත.




lankacnews

*********
hotlink removed.
read the rules.
/mod