කොන්දේ අමාරුවට කියලා specialist doctors ල නෑ. කොන්දේ අමාරුව කියන්නේ රෝග ලක්ෂණයක් විතරයි. ඇතුලේ ලෙඩේ අනුව specialist වෙනස් වෙනවා.
අස්ථි ඇද වීමක් නම් (Scoliosis, Kyposis ) Orthopedic/ Neurosurgeon
අස්ථි ඇද වෙලා ස්නායු තද වෙලා නම් (Radiculopathy, Spinal stenosis) Neurologist / Neurosurgeon
අස්ථි වලට විෂබීජ ගිහින් නම් (Osteomyelitis) Orthopedic surgeon
රක්තවෙද රෝගයක් නම් (Ankylosin spondylitis, SLE, Rhematoid arthritis) Rheumatologist
වකුගඩු වල රෝග නිසා එන වේදනාවක් නම් Nephrologist
පිළිකාවක් නිසා නම් (Multiple myeloma, bone secondaries from carcinoma) Oncologist
ඔයා අහපු specialist සම්බන්ධව කියන්නේ තියෙන්නේ ඔවා තමා. හොදම එක කායික රෝග වෛද්‍යවරයෙක් physician මුණගැහෙන එක. එයා රෝග ලක්ෂණ දැනගෙන ලෙඩේ අඳුර ගෙන අවුල්ම ප්‍රශ්නයක් නම් අදාළ specialist වෙත යොමු කරාවි.