කොන්දේ වේදනාව සුළුවෙන් හිතන්න එපා

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කොන්දේ වේදනාව සුළුවෙන් හිතන්න එපා

    [FONT=Malithi_Web]කොන්දේ වේදනාව සුළුවෙන් හිතන්න එපා

    [/FONT]
    [FONT=Malithi_Web]
    weda4.jpg
    කොඳු ඇට පෙළෙහි වේදනාවක්‌ ඇති වූ විට බොහෝ තැනකදී රෝගියා විසින්ම රෝගය තීරණය කරන අයුරක්‌ දක්‌නට ලැබේ. එහෙත් එය එසේ නොකළ යුතු වන්නේ කොඳු ඇට පෙළෙහි ආබාධයන් පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම අවශ්‍ය කටයුත්කක්‌ වන නිසාවෙනි. ආයුර්වේදයේදී කොඳු ඇට පෙළෙහි ආබාධයක්‌ නිසා වන වේදනාව වාත රෝග යටතට ගැනේ.

    කොඳු ඇට පෙළ ගැන කතාබහ කිරීමේදී කොඳු ඇට පෙළ කොටස්‌ තුනකට බෙදා වෙන් වේ.

    එනම් ගී්‍රවය අස්‌ථි (බෙල්ල), උරස්‌ කශේරු අස්‌ථි සහ කටී කශේරුකා අස්‌ථිය. ගී්‍රවය සහ කටී කශේරුකා අස්‌ථිවල හැරවුම් සහ නම්‍යශිලිතාවය වැඩිය. උරස්‌ කශේරුකාවල නම්‍යශිලිතාවය ඉතා අඩුය. එයට හේතුව පර්ශු හා බැඳී තිබීමය. එබැවින් කශේරුකා අතර මඩල ඉතා තුනිවීම මත නම්‍යශිsලිතාවය අඩු වී ඇත. ගී්‍රව හා කටී ප්‍රදේශවල නම්‍යශිලිතාවය වැඩි වීමට හේතුව කශේරුකා මඩල තරමක්‌ ඝනකම්ව පිහිටිමය. අන්තර් කශේරුකා මඩලින් වෙන්නේ ඝට්‌ඨනය (ගැටීම) නැති කර කොඳු ඇට පෙළ පැවැත්මට, ක්‍රියාකාරීත්වයට සහයෝගය ලබා දීමයි.

    weda5.jpg
    ඒ නිසා වැඩිපුරම කොඳු ඇට පෙළ ආබාධවලදී එනම් හදිසි අනතුරු හැර බොහෝ විට පීඩාවට පත්වන්නේ ගී්‍රව සහ කටී ප්‍රදේශයේ ඇති අස්‌ථින් සහ අන්තර් කශේරුකා මඩලය.

    මෙහිදී කොඳු ඇට පෙළ හරහා ගමන් කරන සුෂුqම්නා ස්‌නායු යුගල 12 ක්‌ තිබේ. මේවායින් ශරීරයේ පාලන, විධාන යන ක්‍රියා ක්‍රමවත්ව සිදු කරනු ලැබේ.

    සාමාන්‍යයෙන් බොහෝ දෙනාට කොන්දේ කැක්‌කුම ඇති වන්නේ කොඳු ඇට පෙළ ආබාධයකදීය. නැති නම් සයිටිකා තත්ත්වයේදීය. බෙල්ලේ සිදු වන ආබාධයකදී බෙල්ලේ කැක්‌කුමක්‌ ඇති වන අවස්‌ථා ඇත. සයිටිකාවලදී වේදනාව කොන්දේ සිට පාදය දිගේ යන අතර බෙල්ලේ කැක්‌කුම අවස්‌ථාවේදී අත දිගේ එන කැක්‌කුමක්‌ දැනෙනු ඇත. එපමණක්‌ නොව පීඩාවට පත් වන ස්‌නායුවේ ස්‌වාභාවය අනුව මළ මුත්‍රා එනම් බහිස්‍රාවිය ක්‍රියාවන්, අන්තර් පේශින්ගේ ක්‍රියාවන් ආදිය පවා අඩාල කරන වෙනස්‌ කරන තත්ත්වය ඇතිවීමේ හැකියාව ඇත. ආබාධයේ ස්‌වභාවය අනුව වේදනාව සහ එයින් ඇති වන අතුරු ආබාධ තීරණය වනු ඇත.

    කොඳු ඇට පෙළෙහි බහුලවම දැකිය හැකි රෝග අවස්‌ථාව ලෙසට කශේරුකා අතර මඩල ලිස්‌සා යැම, කශේරුකා අතර පිහිටි දුර වඩාත් ළංවීම හෝ වඩාත් ඈත්වීම, කශේරුකා වක්‍ර වීම සහ ගැටීම මෙන්ම ඊටත් අමතරව එස්‌ අකුරේ හැඩය හෝ සී අකුරේ හැඩයට කුදු ගැසීම (පැති කුදය) යන තත්ත්වයන් ඇති විය හැක.

    මේවා ඇති වන හේතුන් ගැන කතා කිරීමේදී ධාතු ක්‍ෂීණාභාවය නිසා ශරීරය දුබල වීම (අධික කෘෂ බව), අධික ස්‌ථුලතාවය (අධික මහත නිසා බර දරා ගන්නට කොඳු ඇට පෙළට වෙහෙසක්‌ දැරීමට සිදුවීම), ගර්භනී අවධියේ ඇති වන විවිධ සංකූලතා (කලාතුරකින් සිදු වන ත්ත්වයකි. ගර්භය වැරදි පිහිටීම), උපතේදී වන ආබාධ එනම් අඩු භාවිතය වැනි, ඉපදුනු පසු ළදරුවා වඩා ගන්නා වැරදි ඉරියව් මෙන් ම වැඩුණු පුද්ගලයන් අධික බර ඉසිලීම, වැරදි ඉරියව්වල පිහිටා කටයුතු කිරීම වැනි කරුණුය. හදිසි අනතුරු ආමවාත, වාතරක්‌ත ආදී රෝග කාරණ ද කොඳු ඇට පෙළ ආබාධවලට හේතු සපයනවා ඇත.

    ස්‌නායුවේ කශේරුකා ගැටීම හෝ තෙරපීම මත වේදනාව ඇති වන නිසාවෙන් මෙවැනි රෝග වාත රෝගයක්‌ ලෙසින් හඳුන්වනු ලැබේ.

    සුෂුම්නා ස්‌නායුව කොඳු ඇට පෙළ දිගේ ගමන් ගන්නා විට එහි ආරක්‌ෂාවට තරලයක්‌ තිබේ. එය ස්‌නායු ආවරණ තරලය ලෙසින් නම් වේ. යම් හේතුවකින් මෙම තරලය වියළි යැමත්, යම් දුරකට එම ස්‌නායු සංවේදිතාවයට හානි පමුණුවා කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ ඇති විය හැකිය. මොළය ප්‍රදාහය වැනි එනම් මෙනින්ජයිටීස්‌ වැනි තත්ත්වයන් මේ සඳහා හේතු විය හැක. හදිසි අනතුරුවලින් කශේරුකා පිපිරීමට ලක්‌ වූ වැනි අවස්‌ථා ද මේ සඳහා හේතු විය හැක.

    කොඳු ඇට පෙළ වැදගත් වන්නේ සිරුර සෘජුව, ශරීර හැඩයට නම්‍යශිලිත්වය සඳහා යන ප්‍රධාන කාරණාවලටය. ඒ නිසා එය වැදගත් කාර්ය භාරයක්‌ ඉටු කරනු ඇත.

    ඉහත හේතුවකින් කොදු ඇට පෙළ ආශ්‍රිත ආබාධයක්‌ වේ නම් එය ඉතා අපහසු සහ අසහනකාරී තත්ත්වයට පත් වනු ඇත. ශරීර ක්‍රියාවන් අඩපණ වන්නේය.

    කොඳු ඇට පෙළ ආබාධවලදී බහුලව දක්‌නට ලැබෙන වේදනාව එනම් කොන්දේ හෝ බෙල්ලේ ස්‌පර්ශයෙන් එය විනිශ්චය කර දැන රෝගය හඳුනා ගැනීමේ හැකියාව ඇත. එයට අමතරව යම් පාර්ශ්වයක අතක හෝ කකුලක ඇති කරන වේදනාව (ගුදුයි හෝ අවබාහුක වැනි) ඇති වීමට පුළුවන.

    මෙම තත්ත්වය මුලදී වේදනාව පමණි. පසුව හිරිය දක්‌වා වර්ධනය වී එතැනින් එහාට සංඥ දැනෙන්නේ නැතිව යනු ඇත. එනම් අත හෝ පාදය පණ නැතිව යන්නේය.

    එය සුෂුම්නා ස්‌නායුවට ඇති කරන පීඩාව අනුව වෙනස්‌ වන තත්ත්වයක්‌ තිබේ. මෙය අංශභාග රෝගය නොවේ. කැඩුම් බිදුම් තත්ත්වය ද නොවේ. ඒ නිසා ම ප්‍රතිකාරය මෙයටම අන්‍යන්‍ය ප්‍රතිකාරයක්‌ විය යුතුය. මැල්ලුම්, පත්තු බැඳිමේදී හැඩය වෙනස්‌ නම් සුව වන්නේ තිබෙන ආකාරයටමය. ඒ නිසා බොහෝ විට සිදු වන මෙම වැරදි ක්‍රමය හේතුවෙන් බොහෝ රෝගීන් පීඩා විඳින අයුරක්‌ පෙනේ.

    ප්‍රතිකාර කළ යුතු වන්නේ වෙනස්‌ වූ හෝ ඇද වූ හෝ ඈත් වූ හෝ වඩාත් ළං වූ කොඳු ඇට පෙළ පුරුක්‌ නිශ්චිත ස්‌වරූපයට යළි සකසා ගැනීමයි. ඒ සඳහා කො» ඇට පෙළ යම් වූ මොළොක්‌ කිරීමකට බදුන් කළ යුතුය. මෙහිදී මොළොක්‌ කරන්නේ කශේරුකා අස්‌ථි නොවේ. කො» ඇට පෙළ පුරුක්‌ය. මොළොක්‌ කළ පසු නිශ්චිත හැඩයට ගෙන සකස්‌ කර ගත යුතුය. ඒ සඳහා විශේෂිත තෙල් වර්ග තිබේ. පාරම්පරික ඉතා අතීතයේ සිට භාවිත වූ ඖෂධ වට්‌ටෝරුවලින් එය සාර්ථකව කර ගැනීමේ හැකියාව ඇත.

    එම ක්‍රමයේදී ආබාධිත ආවාට සකසා ගත් ආවාට තුළ තෙල් පුරවා නිශ්චිත කාලයක්‌ තබා මොළොක්‌ කර ගනී. (කටී වස්‌ති, ගී්‍රවය වස්‌ති) ඉන්පසුව එම තෙලම යොදා ගනිමින් සැකසීම සිදු කරනු ලැබේ. මෙය දිනකින් දෙකකින් කළ හැකි දෙයක්‌ නොවේ. ආබාධයේ ස්‌වභාව අනුව කාලයක්‌ ගත වේ. ඉන්පසු නැවත කොඳු ඇට පෙළ ශක්‌තිමත් කරනු ලැබේ. ඒ සඳහා වෙනම ම තෙල් පත්තු මැල්ලුම් ලේප අවස්‌ථනෝචිතව යොදා ගනු ලැබේ.

    ඒ නිසාම වෙහෙසකර දේ, වැරදි ඉරියව්වලින් ඈත් විය යුතුය. වෛද්‍ය උපදෙස්‌ මත කොන්දට නම් මෙට්‌ටය, බෙල්ලට නම් කොට්‌ටය සකස්‌ කර ගත යුතුය. දුරගමන්, බර ඉසිලීම වැනි වෙහෙසර කර ක්‍රියා නැවැත්විය යුතුය. බිමට නැමී ගමන් ගැනීම නුසුදුසුය. අංශක 90 ට වාඩි විය යුතුය. එනම් ප්‍රවේශම වැදගත්ය.

    වාත රෝග ගණයේ නිසා පත්‍ය අපත්‍ය අනුගමනය කළ යුතුය. ඇල් දිය භාවිතය, ශීතල ආහාර, අධික ව්‍යායාම ආදී වාතය කෝප කරවන ආහාර විහරණගෙන් වැළකී සිටිය යුතුය.

    යම් පුද්ගලයකුට කොන්දේ හෝ බෙල්ලේ වේදනාවක්‌ ඇති වී නම් වහාම නිසි වෛද්‍ය උපදෙස්‌ ලබා ගැනීමට යොමු විය යුතුය. ñ කිරණ පරීක්‌ෂණ වැනි පරීක්‌ෂණ මගින් රෝගය වඩාත් නිර්ණය කර ගතත හැක.

    කොන්දේa වේදනාව කොඳු ඇට පෙළ ආබාධයක්‌ම නොවන තැන් තිබේ. ගර්භාෂ, වකුගඩු, අක්‌මා, අන්ත්‍රගත රෝග හා උදරය ඇසුරු කළා වූ පිළිකාවලදීද ඇතැම් විට උග්‍ර අම්ල පිත්ත අවස්‌ථාවලදීද කොන්ද ආශ්‍රිත වේදනාවන් ඇති වන්නේය. එහෙත් මේවායේ වේදනාවන් වෙනස්‌ වන නිසා එය හඳුනා ගැනීම අපහසු නැත.

    ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙවන් වූ කොඳු ඇට පෙළ ආබාධ කිසිදු සැත්කමකින් තොරව අතුරු ආබාධ රහිතව සුව කිරීමේ හැකියාව තිබීම සැබැවින්ම විටෙක ආශ්චර්යයක්‌ බව පෙනේ.

    රෝගය පිළිබඳ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 0775175499 අංකයෙන් වෛද්‍යතුමන් අමතා නොමිලේ විස්‌තර දැනගැනීමට හැකියාව තිබේ.

    weda1.jpg

    වෛද්‍ය අමිල බණ්‌ඩාර ගෝණිගොඩ

    සංස්‌කරණය - වසන්තා ශ්‍රියාකාන්ති

    [/FONT]
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    thanks konde amaruwata beheth karana hondama Sinhala Wedamahatturu saha Honda specialist la genath kiyanna puluwannam godak hondai.....
     

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113