කොන්ද රිදෙනවද ? එහෙනම් බලන්නම ඕනා......

blue_in_rio

Well-known member
  • කොන්ද රිදෙනවද ? එහෙනම් බලන්නම ඕනා......

    මචන්ලා මට ලඟකදි ඉදන් කොන්දේ අමාරුවක් හැදිලා තියෙන්නේ.ගොඩක් වෙලා ඉඳගෙන කරන ජොබ් එක නිසා කියලයි මම හිතන්නේ.මේ ගැන එළකිරියේ ත්‍රෙඩ් එකක් දාලා අහන්නත් හදලා පස්සේ අදහස අත්හැර ගත්තා.මොකද මේකේ ඇත්තම කරදරයක් ගැන උනත් කියලා ත්‍රෙඩ් එකක් දැම්මොත්, ඒකට උදව් කරන්න කමෙන්ට් කරනවට වඩා, ගොඩක් එවුන් ඒ මිනිහව විහිලුවකට ගන්නවා.(මට සමාවෙයන් මචන්ලා, ඒත් මම කිව්වේ දැන් එළකිරියේ තත්ත්වේ.ඕක තමයි තිත්ත ඇත්ත.අපි ඒක වෙනස් කරන්න ඕනා.අම්මට සිරි, ටොපික් එකෙන් පිට පැන්නා)ඉතින් මම කලේ ගූගල් දෙය්යගේ පිහිට පතපු එක තමයි.එහෙම හොයා ගත්තු දේවල් ටික කාට හරි උදව්වක් වෙයි කියලා හිතලා ඔන්න මේකේ දැම්මා.මේකේ ඉන්න ඩොකාලා වැරදි, අඩුපාඩු පෙන්නලා දෙන්න ඕනා..... :baffled::baffled:

    මේකේ තියෙන හැටියට කොන්දේ අමාරුව කියන්නේ ඉතාම සුලභ තත්ත්වයක්.මේක ඉතාම වේදනාකාරී සහ අමිහිරි අත්දැකීමක් උනාට, එතරම් බරපතල තත්ත්වයක් නෙමෙයිලු.ඇමෙරිකාවේ නම් එහේ ජනගහනයෙන් 80% තරම් තුනටිය ආශ්‍රිත කොන්දේ අමාරුවෙන් පෙළෙනවා.(low back pain) :nerd::nerd:

    කොන්දේ අමාරුව ඕනම වයසක කෙනෙකුට හැදෙන්න පුලුවන් උනත් අවුරුදු 35 ඉඳන් 55 අතර වෙනකම් අයට මේක හැදෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. :oo::oo:

    කලින් කිව්වා වගේ කොන්දේ අමාරුව කොටස් දෙකකට බෙදෙනවා.low back pain සහ upper back pain කියලා.

    lower back pain - මේකේ කියන්නේ තුනටිය, තට්ටම්, යටි බඩ වගේ පපුවෙන් පහල සෑම ප්‍රදේශයක්ම සම්බන්ද කරගෙන හැදෙන කොන්දේ කැක්කුමට.(මටත් තියෙන්නේ මේක.ඉන තමයි හොඳටම රිදෙන්නේ.)ගොඩක්ම මේ තත්ත්වය ඇති වෙන්නේ එක තැන ගොඩක් වෙලා වාඩි වෙලා රස්සාව කරන අයට.

    Upper back pain - උරහිස්, පිට කොන්ද ඉහල තමයි මේකට බලපාන ප්‍රදේශ.ඒක හැදෙන්නේ බොහෝ විට බර ඉසිලීම වගේ දේවල් කරන අයට.

    මමත් ඉතින් හෙව්වා වගේම මේකේ තියෙන්නෙත් තුනටිය ආශ්‍රිත කොන්දේ කැක්කුම ගැනම තමයි.(lower back pain)මේකට බලපාන කාරණා තමයි පහතින් තියෙන්නේ,


    මූලිකවම කොන්දක් තියෙන්න ඕනා..... :dull::dull: හරි හරි, පොඩි විහිලුවක් කලේ...

    1) මානසික ආතතිය ඇති කරන සුළු රැකියාව.

    2) ගර්භණී භාවය (ගැබිණි මව්වරුන්ට කොන්දේ අමාරුව හැදෙන සම්භාවිතාවය ඉතා ඉහලයිලු.අපේ අම්මලා අපි වෙනුවෙන් මොනතරම් නම් දුක් විඳින්න ඇත්ද )

    3) ව්‍යයාමකින් තොර ජීවිතය.

    4) වයසට පත් වීම ( තරුණ අයට සහ ළමයින්ට වඩා, වයසට ගිය පුද්ගලයින්ට කොන්දේ අමාරුව හැදෙන ඉඩකඩ ඉතා ඉහළයි )

    5) සාංකාව

    6) විෂාදය

    7) ගැහැණු පිරිමි බව (ගැහැණු කට්ටියට, පිරිමින්ට වඩා කොන්දේ අමාරුව හැදෙනවලු )

    8) තරබාරුකම

    9) දුම්පානය

    10) වෙහෙස මහන්සිවී කරන ව්‍යායාම ආදිය (විශේෂයෙන්ම වැරදියට ව්‍යායාම කරන එක )

    11) අපහසු ඉරියව් වලින් කරන වැඩ.

    සමහරවිට කොන්දේ අමාරුව තවත් රෝගයක රෝග ලක්ශණයක් වෙන්නත් පුලුවන්.ඉතින් කොන්දේ කැක්කුමත් එක්ක මෙන්න මේ ලක්ශණ තියෙනවා නම් වහාම ගිහින් දොස්තර කෙනෙක් හම්බවෙන්න ඕනා.

    1) බර අඩුවීම.

    2) ශරීර උශ්ණත්වය ඉහල යෑම.

    3) පිටකොන්ද ආශ්‍රිත ඉදිමුමක් නැත්නම් ප්‍රදාහයක්.

    4) නොනැවතී පවත්නා කොන්දේ කැක්කුම (හාන්සි වෙලා ඉඳලා, විවේකයක් අරන් උනත්
    අඩු නොවෙනවා නම්)

    5) වේදනාව දෙකකුල් දක්වාම ඇතිවෙනවා නම්.

    6)සමහරවිට දණහිස් වලටත් පහළට පැතිරෙනවා නම්.

    7)පිට කොන්ද ආශ්‍රිතව ලඟකදී ඇතිවූ තුවාලයක්, හදිසි ප්‍රහාරයක්, තෙරපීමක්.

    8)මුත්‍රා පිට කිරීමේ සංකූලතා

    9)ජනනේන්ද්‍රිය අවට හිරිවැටීම්

    10) ගුද මාර්ගය හෝ තට්ටම් අවට හිරිවැටීම්

    මීට අමතරව පහතින් සදහන් කරණ අය කොන්දේ කැක්කුමක් හැදුනම බලන් ඉන්න හොඳ නෑ.ලඟම ඉන්න ඩොකා හම්බවෙන්න ඕනා,

    1) වයස අවුරුදු 20ට අඩු සහ 55ට වැඩි අය.

    2) මාස කිහිපයක සිට විටමින් හෝමෝන භාවිතා කරණ අය.

    3) මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙච්ච අය.

    4) පිළිකා රෝගීන්.

    5) පිළිකාවක් වැළදී, ඉන් සුවපත් වූ අය.

    6) ලෙහෙසියෙන් ලෙඩක් හැදෙන්නේ නැති අය.


    තව ගොඩක් විස්තර තියෙනවා දෙය්යනේ....අපොයි මගේ කොන්ද......වෙනදට නම් ටයිප් කරලා අත විතරයි රිදෙන්නේ...තව නම් ඉන්න බෑ පුතේ...මං යනවා ඩොකෙක් හම්බවෙන්න...පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් බැලුවානන්.......
    :no::no::no::no:

    http://www.medicalnewstoday.com/articles/172943.php
     
    Dec 30, 2013
    1,235
    166
    0
    කොන්දක් තියෙනකොට හෙන ප්‍රශ්නනේ බන්? කොන්දක් නැති එකෙක් වගේ ඉන්න එක තමයි හොඳ
     

    blue_in_rio

    Well-known member
  • මගෙත් කොන්ද රිදෙනවා බන් ඉදලා හිටලා. anyway nice thread ban. rep++

    එල එල.... හැබැයි පුතෝ මගෙත් මුලින්ම ඉඳලා හිටලා හැදෙන්න අරන් තමයි දැන් ඉන්නම බැරි වෙලා තියෙන්නේ.... 4+ :oo::oo:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    එල එල.... හැබැයි පුතෝ මගෙත් මුලින්ම ඉඳලා හිටලා හැදෙන්න අරන් තමයි දැන් ඉන්නම බැරි වෙලා තියෙන්නේ.... 4+ :oo::oo:



    Gym එකේ එකෙක් දුන්න බන් පට්ට exercise එකක් කොන්දේ අමාරුව අවාම කරන්න. එතකොට නම් පටස්ගාලා හරි ගිය. but එක කරන්නත් දැන් වෙලාවක් නැ :(
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මමත් සැහෙන කාලයක ඉදන් කොන්දෙ අමාරුවෙන් විදවන කෙනෙක්. බෙහෙත් අරගෙනම මට ඇතිවෙලා තියෙන්නෙ. කොහොම උනත් වැදගත් කාරනා ගොඩක් තියෙනවා. ගොඩක් පිං සහෝ
    +6
     

    blue_in_rio

    Well-known member


  • මමත් සැහෙන කාලයක ඉදන් කොන්දෙ අමාරුවෙන් විදවන කෙනෙක්. බෙහෙත් අරගෙනම මට ඇතිවෙලා තියෙන්නෙ. කොහොම උනත් වැදගත් කාරනා ගොඩක් තියෙනවා. ගොඩක් පිං සහෝ

    +6





    tfs rep 5+ :)

    අඩේ, තෑන්ක්ස් මචන්ලා...රෙප් දීපු කට්ටියට රෙප් බැක් කලා... :):)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    අඩෝ මගෙත් රිදෙනවා බන්.මුලින්ම අවිලිල්ලක් වගේ එන්නේ..බලන් ඉන්න එක හොද නැහැ වගේ.තෑන්ක්ස් යාලු.+++