කොන ආරක්ෂා කිරීම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    කොන ආරක්ෂා කිරීම

    cutting+edge.jpg

    කොන ආරක්ෂා කිරීම කිව් විගස මතක් වන්නේ මුස්ලිම් තරුණයන්ය. ඒ ඔවුන් උප්පත්තියේදීම ඔවුන්ගේ ආගමික කටයුත්තක් ඉටු කරන නිසාය. එය හුදෙක් ආගමානුකූලව සිදුවන්නකි. එසේම පසුකලෙක වෛද්‍ය අර්ථ දැක්වීම්වලට අනුව පැවසුනේ එය ආගමික කටයුත්තක් ලෙස සිදුවුවද පුරුෂ ලිංගයේ පවිත්‍රතාවය රැක ගැනීමට පවා ඉවහල් වන බවය. දැන් මෙය කියවූ සියළු ස්ත්‍රින් මුස්ලිම් තරුණයන් කරා ඇදී යාමට ඉඩ ඇත්තේය. ඉන්පසු අනෙක් සියළු ජාතීන්, හා ආගම් වල කොල්ලන් රෙදි උස්සාගෙන සෑමා පසු පස ලුහු බදිනු සහතකය. ඒ නිසා සෑමා තරයේ කියා සිටින්නේ හැම කොල්ලාම තම පවිත්‍රතාවය පිළිබද සැලකිලිමත්ව සිටින බවක්ය. ක්‍රිකට් මැච් එකකදී තමා අත ඇති පන්දුව දිලිසෙන තරමට පොලිෂ් කරන කොල්ලෝ, තමන්ගේ දෙයක් ඊට වඩා හොදින් ආරක්ෂා කරන බවට තර්කයක් නැත්තේමය.

    සෑමා කොන ආරක්ෂා කරගත් අයුරු මේ කතාවට පසුව බැලිය හැකිය.

    එකෝමත් එක රටක සියළු ආගම් වලට ගරු කරන පොරක් සිටියේය. පොර අමාරුවෙන් හරි හම්බ කර වාහනයක් ගත්තේය. වාහනය ගත් විගස පොරට සිහි වුයේ තමා වාහනය සියළු ආගමික සිද්ධස්ථානවලට ගොස් ආරක්ෂා කර ගත යුතු බවය.

    පොර පන්සලට ගියේය. පිරිත් සජ්ජායනා කොට, පිරිත් පැන් ඉස වාහනයට සියළු ආගමික වත් පිලිවෙත් ඉටු කරන ලද්දේ පන්සලේ හාමුරුවන් විසින්ය.

    පොර කිතුනු පල්ලියට ගියේය. එහිදී විවිධ ගීතිකා ගයමින් පල්ලියේ පියතුමන් විසින් වාහනයට බ්ලෙස් කළ ජලය ඉසින ලද්දේය.

    ඉන්පසු පොර ගියේ හින්දු දේවස්ථානයටය. එහිදී දෙහි, මිරිස් අමුණා වාහනයේ ඉදිරියේ එල්ලන ලද්දේ දේවස්ථානයේ සාමි තුමා අතින්ය. තවද සියළු ආගමික වතාවත් සිදු කරන ලද්දේය.

    පොර සියල්ල අවසන ගියේ මුස්ලිම් පල්ලියටය. එහිදී පොර වාහනයෙන් බැස පල්ලියේ පියතුමා බැහැ දැක කීවේ තම වාහනයට සියළු ආගමික කටයුතු කර ගත යුතුව ඇති බවක්ය. පල්ලියේ පියතුමා සියළු ආගමක කටයුතු අහවර වන තුරු ඔහුට වාහනයට නැග තම ඇස් පියාගෙන සිටින ලෙස කීවේය. ඔහු පියතුමාට වන්දනා කොට වාහනයේ අසුන් ගත්තේය. ඇස් පියාගෙන සිටින ඔහුට මොහොතකින් වාහනය පිටුපසින් ටකරං කපන හඩක් ඇසී බිමට බැස බැලුවේය.

    පිටුපසට ගොස් බලන කළ පියතුමා ඔහුගේ සයිලන්සරයේ කොන් කොටස කපා අවසානය.

    සෑමාට පාසල් කාලයේද කොන ආරක්ෂා කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නට වුයේය. ඒ අපේ හැම එකාම කොනට ආසා නිසාය. පන්තියේ බිත්තිය අයිනේ යකඩ දැල අසල හිද ගැනීමට කවුරුත් කැමතිය. පාසල් සමයේ බොහෝ විට සෑමා ඒ කොන ජය ගත්තේය. නමුත් සියළු බලාපොරොත්තු බිද දමමින් සෑමාට කොන බේරා ගැනීමට සටනක් කරන්නට වූයේ ඒ-ලෙවල් පන්තියේදීය. ඒ අපේ පේලියේ කොන සෑමාගේ මිත්‍රයෙක් අල්ලාගෙන සිටි නිසාමය.

    පළමු දිනය සෑමා කොන අහිමිව සිටියේය.

    දෙවන දිනය සෑමා කොන දිනා ගැනීමේ සටන ඇරඹුවේය. පොතක පිටුවක් කඩාගෙන ‍ගොටුවක් සාදා ගත් සෑමා ‍ගොටුව පිරෙන්නට කෙල පිඩක් මුසු කලේය. එය ‍‍ගොටුව මදක් පොගන ලෙස ටික වේලාවක් මේසය මත තබාගෙන සිටිය යුතුය. නැතිනම් සටනට අව‍ශ්‍ය මූලික කරුණු සම්පූර්ණ නොවන්නේය. ගොටුව හොදින් කෙළ වලින් පෙගුනු පසුව එය ගුලි කර බිත්තිය අයිනේ සිටින පුද්ගලයා අතට යන තුරු අතින් අතට යැවිය යුතුය.

    "මේ මොනද බං මේ.."

    "ඕක යවහං බං දැලෙන් එලියට විසික් කරන්න කියලා.."

    "මොනාද බං තෙතම තෙතයි..."

    "හරි හරි ඉක්මනට විසික් කරපං බං..."

    එසේ ගොටුව ක්‍රමයෙන් කොනට පාස් වන්නේය. එකිනෙකා ඇගිලි තුඩු වලින් අල්ලා පාස් කරද්දී බිත්තිය අයිනේ සිටිය කොන අල්ලා ගත් ආක්‍රමණිකයා අතේදී...

    "මචං ඉක්මනට විසික් කරපං, ඕක දැන් හොදට පොගලා තියෙන්නේ... නැත්තං කෙල බෙට්ට උබේ ඔඩොක්කුවට වැටෙයි" කියා කිව යුතුය. එවිට ඔ‍හු හොද කුණු හබ්බයක් කියමින් එය එලියට විසික් කරන්නේය.

    ඕනැම සටනක ජයග්‍රහනය ලැබීමට නොකඩවා තම සතුරාට පහර දිය යුතුය. එසේ දින කිහිපයක් කිරීමේදී ...

    "අපෝ අපිට බැහැ බං හැමදාම මුගෙ කෙල ගොට්ට පාස් කරන්න.."

    "වද නොදී ඔය මුල්ල සෑම්ට දීපංකෝ..."

    කියමින් අනෙක් එවුන් ආක්‍රමනිකයාට බල කරද්දී, ආක්‍රමණිකයා කොන අතැර සෑමා අතට පත්කලේ නිතරගයෙන්ය.

    එලෙස බුද්ධිමත් වූ සෑමා කොන බේරා ගත්තේය.