කොම්පියුටර් හින්ද වුනු ආතල් සිද්දි|post your sweet memories

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කණියා;21354516 said:
    මේක මම 2009දි ලියපු එකක්

    මමත් පුංචිම තැනෙන් පටන් ගත්තු කෙනෙක්, කොහොම හරි එතකොට මම 6 වසරෙ (1999) විතර ඇති, නිවාඩුවකට අම්මලත් එක්ක ගමේ ගියා.. ඒ පැත්තෙ අපි අදුරන ගෙදරකට ගියා, මෙන්න බොලේ තියෙනව අමුතුම භාන්ඩයක්..

    ‍කොම්පියුටර් වල රූප දැකල තිබුනට එදා තමයි ඇත්තටම එකක් මේ තරම් ලගට දැක්කෙ..
    කොහොම හරි ‍කොම්පියුටර් ගැන මම දන්න දෙයක් තිබුනෙ නෑ එතකොට,
    කොහොම හරි ආසාවක‍ට වත් ඒක අල්ලන්න හම්බුනේ නෑ ම‍ට.
    මම එදා හිතාගත්ත කොහොම හරි ‍කොම්පියුටර් ගැන ඉගෙන ගන්නව කියල. ඒ කාලෙ මට මතක විදිහට විජය පත්තරේ ගියා පොඩි ලමයින්ට ‍කොම්පියුටර් උගන්නන ලිපි පෙලක්.. ඒක තමයි මගෙ ‍කොම්පියුටර් ඉගෙන ගැනීමේ මූලික පියවර..

    ‍කොම්පියුටර් වල ඩෙස්ක්ටොප් එකේ රූප එහෙම දැක්කම පිස්සු වගේ ඒ කා‍ලෙ..
    ඊට පස්සෙ කොහොම හරි අපේ ඉස්කෝලෙට හම්බුනා කොම්පියුටර් 4ක්. එතකොට මම 7 විතර ඇති, අ‍පේ පන්තිය භාර ටීචර්ට තමයි කොම්පියුටර් කාමරය භාර උනේ, ඒක නිසා අපිට ගොඩක් චාන්ස් හම්බුනා කොම්පියුටර් එක්ක වැඩ කරන්න..
    ඒ දවස් වල අර විජය පත්තරේ ලිපිමයි කියවන්නෙ.. හොදට ඒව බලාගෙන තමයි ඉස්කෝලෙට ගියෙ.මේ දවස් වෙනකොට කොම්පියුටරයක් ගැනීමේ අ‍වශ්‍යතාවය තදින්ම දැනිල තිබුන, මේ අතරෙ තමයි අපේ බාප්ප කෙනෙක් ආරන්චියක් අරන් ආවෙ කොම්පියුටර් 2ක් පන්සලක ස්වාමින්වහන්සේ කෙනෙක් විකුනනව කියල. එකක් පෙන්ටියම් 1, ඒක 8000ක්, අනික 486 එකක්, ඒක 7000ක්. මම පෙන්ටියම් 1 එක ගන්න තීරණය කලා.. බාප්ප 486 එක ගත්ත.
    පෙන්ටියම් 1 කිව්වට පස්සෙ කාලෙකදි තමයි දැනගත්තෙ ඒකත් 486 එකක්මයි කියල.
    මේ තියෙන්නෙ ඒකෙ කන්‍ෆිගරේෂන් එක.

    486 DX/4 (100 MHz), 16 Mb Ram, 546 Mb HDD, CD ROM (4X), Creative ISA sound card, Oak technology VGA card (512 KB memory) තව 3.5 floppy drive එකකුත් තිබුන. windows 95, office 97, පොඩි පොඩි ගේම්ස් ටිකක් එහෙමත් තිබුන..
    ඇත්තමයි මම ඕකෙන් තමයි මගෙ කොම්පියුටර් ජීවිතේ පටන් ගත්තෙ, පණ්ඩිත වැඩ කරන්න ගිහින් windows වලට කෙල උන වාර ගනන අනන්තයි, හැම පාරකටම windows දාන්න රුපියල් 500යි. දෙතුන් පාරකින් පස්සෙ තාත්ත තීරණය කරා ම‍ට සල්ලි නොදෙන්න, දැන් ඉතින් මොනව කරන්නද මාසයක් විතර ට්‍රයි කරල ඒකත් කොහොම හරි ඉගෙන ගත්ත..
    ඊට පස්සෙ ඉතින් සතියකට පාරක් අනිවා windows දානව. ඔහොම ටික කාලයයි දිව්වෙ, නොහිතපු වෙලාවක hard disk එකට කෙල උනා.. දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද, මම බැස්ස කෙලින්ම DOS වලට.

    CD ROM එක තිබුන නිසා DOS games collection එකක් තියෙන CD එකක් හොයාගත්ත, startup disk එකෙන් boot කරල CD එක දාල game ගහන්න ගත්ත. හැබැයි මේ කාලෙ DOS ගැන ගොඩක් දේවල් හෙව්ව, ඒ වගේම DOS ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත...

    15x1tnr.gif


    පස්සෙ කාලෙක ආයෙත් 516 MB hard disk එකක් ගත්ත. windows 95 පාවිච්චි කරන කාලෙ මම windows 3.1 එකත් දාල බැලුව, ඒත් ඒක දවසෙන් එපා උනා.. වැඩ කරන්න හෙන අමාරුයි, ඒත් ඒකත් හොද අත්දැකීමක්..
    මේ කොම්පියුටරේ mother board එක ඇරෙන්න අනික් හැම දෙයක්ම තාමත් වැඩ.

    කොහොම හරි 2004දි විතර මම Pentium 1, 200 MHz IBM Desktop pc එකක් ගත්ත. නියම pc එකක්, යකා වගේ වැඩ. මේකෙදි තමයි මම හරියටම windows 98 වලට මාරු උනේ. කලින් 486 එකටත් 98 දැම්ම, ඒත් ඒකෙ 98 ගොඩක් ස්ලෝ, Windows 95c කියන version එක තමයි පාවිච්චි කලේ. ඕවයි ඔරිජිනල් bootable CD වල කොපි තාමත් මම ගාව තියෙනව.
    අර IBM එකට (ඒකෙ ‍නම IBM PC 300GL) මම windows Me, Windows 2000 එහෙමත් දැම්ම. XP දාන්න විදිහක් තිබුනෙ නෑ, Ram එක 32Mb තිබුනෙ.

    10wlffa.jpg


    පස්සෙ මම parts ගෙනත් තනියම PC එකක් ඇසෙම්බල් කලා.. ඒකෙ මුලින් win98, XP dual boot system එකක් විදිහට පාවිච්චි කරත් අන්තිමට XP වලටම මාරු උනා.. ඔහොම ඉන්නකොට Vista ආව, ඒත් vista දාන්න හම්බුනේ නෑ මගෙ PC එකේ Ram එක මදි නිසා..

    ඒකත් අවුරුදු 4ක් විතර ඇද්ද, campus යන්න පටන් ගත්තට පස්සෙ laptop එකකට ආස හිතුන, අන්තිමට බොහොම අමාරුවෙන loan එකක් දාල මේක ගත්ත. Lenovo 3000 N500 තමයි model එක. දුවන්නෙ Vista Genuine software. ලගදිම Windows 7 වලට මාරු වෙන්න අදහසක් තියෙනව, අපි බලමුකෝ....

    1pxkev.jpg


    ඕක තමයි මගේ කතාව, වෙලාවකට හිතෙනව මීටත් කලින් කොම්පියුටරයක් හම්බුනා නම් කියල...
    ලියන්න නම් තව ගොඩක් සිද්ධි තියෙනව, ඔක්කොම ලියන්නත් අමාරුයි.
    ඒත් ආපස්සට හැරිල බලනකොට නම් ගොඩක් සතුටුයි..

    මගේ blog එක


    පස්සෙ මම HP netbook එකක් ගත්තා. Atom එකක්. දැං නම් win 8 දාං දුවනවා :P

    ela
     

    blue_in_rio

    Well-known member
  • සයන්ස් ඩේ 1 උදේ පොඩි ඇනිමේෂන් කෑල්ලක් හදාගන්න ඔනිවෙලා වෙලා මැෂින් 1 ස්කොලේ ලග තියන්නේ කාගේද කියල කොල්ලන්ගෙන්හු ඇහුව. කටියම කිව්වා සදුවගේ(සදුන්. උගේ ගේ ස්කොලේ ළග) අහමු කියල. සදුව ගෙදර මැෂිමක් තියද? ඔවි බං! යමං බෝලාගේ ගෙදර. පොඩි වැඩක් තියනවා. කියල උන්ගේ ගෙදර ගියා. සන්තෝසයි පිංවතුනි උන්ගේ ගෙදර තියන්නේ මහන මැෂිමක්. :rofl:

    අපේ ස්කොලෙත් කොම්පුතර් ලැබී 1 ට යන්න ටිකක් ලොකු පන්තියට අවහම අවසර හම්බ උනා. පළවැනි දවස. කස්ටියම දන්නවනේ සබරගමුවට සැහෙන්න වහිනවා කියල. උදේ වැස්සට තෙමිලා. ඉන්ටවල් 1 මඩගොඩවල් වල දුවල අන්තිම පීරියඩ් 1 කලින්. IT ලැබට අපේ පංතිය ගුලබි සෙට් 1 ට එන්ටර් උනා. සපත්තු ගලවල ඇතුලට ගියහම. සර් අහනවා කරවල ගෙනාපු එකා මොකාද කියල. :rofl:

    ඇත්ත කියපන්, තෝ නේද කරවල ගෙනිච්චේ ? :lol::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපේ පන්තියෙන් කොම්පුටර් ක්ලාස් එකට මාව තේරුණා. හැබැයි ඉස්කෝලෙ ගොඩක් අයට මේක බෝරින්. මුල්ම දවසෙ ගිහින් එපා වෙලා එන උන් අනිත් උන්ටත් එපා කරවල තිබබෙ. ඉන්න සර්ගෙත් නීති ගොඩයි. නාසා එකේ පිටසක්වල යානා හදන ලැබ් එකකට ඇතුල් වෙනව වගේ තමයි ලැබ් එකට ගියේ. මට චූටි කාලෙ ඉඳන් ඉලෙක්ට්‍රාණික් පිස්සුවක් තිබුනු නිසා ගිහින් බලන්න පුදුම ආසාවක් තිබුනෙ. ඔය කාලෙ පත්තරවල ගියපු විස්තර, ටීවී එකේ ගියපු ෆිල්ම් එහෙම බලලා මම පොඩි අයිඩියා එකක් අරගෙන හිටියෙ කොම්පුටරේ කියන්නෙ මේ වගේ එකක් වෙන්න ඇති කියලා. මම හිතාගෙන හිටියෙ කීබෝඩ් එකේ තියන බට්න් ඔක්කොම අර පිටසක්වල භාශාවක වගේ සංකේත වගේ වෙන්න ඇති කියල. පත්තරවල දැකල තිබුන අකුරු හැදෙන්නෙ 0/1 වලින් කියල. ඉතින් මම ක්ලාස් එකට යන්න කලින් රිසර්ච් එකක් කරල යන්තම් අකුරු 4ක binary values හොයාගෙන අනිත් ඒවල උපකල්පනය කරලා හදාගෙන තමයි ගියේ. :baffled:

    ඔන්න පලවෙනි දවසෙ ගිහින් වාඩිඋනා කොම්පුටරේ ඉස්සරහා. දැක්කම ටිකක් බයත් හිතුනා මූට කෘතිම බුද්ධියක් වත් තියනවද දන්නෙ නෑනෙ. commands දෙන සීන් එකකුත් අහල තිබුනට මම ඌට commands දෙනවද, නැත්නම් ඌ මට commands දෙනවද කියල තේරුමක් තිබුනෙත් නෑ. :shocked: ගියපු ගමන් මොනිටරේත් එක්ක ඔරවගෙන තමයි හිටියෙ වෙන දේකට ලෑස්ති වෙලා. :confused: කොහොම හරි සර් පොඩි හැඳින්වීමක් එහෙම කරලා ඔන් කරන හැටි කියල දුන්නම තමයි කී බෝඩ් එක දැක්කෙ. හුටා! ඒකෙ හොඩියෙ අකුරු ටික ඔක්කොම තියනවා. මෙච්චර දවසක් කට්ට කාලා කරපු රිසර්ච් එක අපරාදෙ. දැන් ඔන් වෙලා අකුරු ටිකක් වැටිල තියනවා. තාම කීබෝඩ් එක ඔබන්න බයයි. දැන් සර් එකින් එකට ගිහින් බූට් කරනවා. නෙට්වර්ක් එකකින් බූට් කරන්න තිබුනේ. කොහොමහරි පලවෙනි දවසෙ කම්පුටරේට පිටිපස්ස හරෝගෙන සර්ගෙ බෝරින් කතා ටිකක් අහලා එන්න උනා. කීබෝඩ් එක අල්ලන්නවත් හම්බුනේ නෑ. දෙවනි දවසෙ චාන්ස් එක ආවා. කී එකක් ඔබනකොට ඒකෙ තියන එක වදිනවා. කී ටික ඔබලම පුදුම ආතල් එකක් ගත්තෙ. ඔය අස්සෙ 0/1 බට්න් දෙක හොයාගෙන රිසර්ච් එකෙන් හොයාගත්තු දේවල් ටික ගහල බැලුව. මොකද්ද එකක් එනවා. invalid කියන වචනෙ විතරක් තේරනෙවා. වැඩේ හරියන් නෑ. පත්තරවල තියෙන්නෙ බොරු. :angry:

    කොහොම හරි ඔය ක්ලාස් එකේ මාසයක් විතර යද්දි තනියෙන්ම අරුම පුදුම commands ටිකක් හොයාගත්තා
    cd car
    car

    cd bike
    bike

    cd wolf
    wolf3d

    ඔය අකුරු ටික හොයාගත්තු නිසාම මම ක්ලාස් එකේ වීරයෙක් වගේ හිටියෙ. :yes: සර්ගෙන් ගුටිත් කෑවා. කෑල්ලකුත් සෙට් උනා. :love: ක්ලාස් එක නම් මගදි නවත්තන්න උනා. හැබැයි ඒ ටික දවසට කොම්පුටරේ එක්ක සදාකාලික බැඳිමක් ඇතිකරගෙන හිටියෙ. ආයෙත් වෙන් නොවෙන්නම :love::love::love:.
     
    • Love
    Reactions: TWishwadeepa

    gimhan24

    Member
    Oct 5, 2016
    127
    5
    0
    මේ සිද්ධිය උනේ 2001 අවුරුද්දෙ.
    Computer එකේ paint වලින් චිත්‍ර අදින්නයි game play කරන්නයි විතරයි දැනගෙන හිටියෙ.
    අපේ මාමගෙ පුතා ගාව තිබුන IBM pentium 1 Computer එකක්. Windows 98 තිබුනෙ.
    එහේ ගියාම ඉතින් බොහොම අමරුවෙන් ඉල්ලගෙන ඕකෙන් ගේම් ගහනව.
    ඔන්න දවසක් එහේ ගිය වෙලාවක අයියගෙන් ඇහුව Computer එක ඔන් කරන්නද කියල.
    පොර එලියෙ වැඩක් කර කර හිටපු නිසා මට කිව්ව ඔන් කරගන්න කියල.
    හම්මේ ඉතින් මාත් හෙන සතුටෙන් ප්ල්ග් ටික එහෙම ඔක්කොම ගහල එබුව පවර් බට්න් එක. මැසිම කිසි සද්දයක් නැහැ.
    කොල්ලට දැන් හීන් දාඩියත් දානව මොකක් හරි වැරැද්දක් කොරල තමයි කියල.
    ආයෙත් බැලුව හොඳට, අම්මටසිරි මේ තියෙන්නෙ බඩු. :yes::yes:
    CPU එක උඩ තියනව යතුරක් දාන්න තැනක්. ෂුවර් එකටම අයිය කාරය මට තනියම දාගන්න කිව්වට මේක යතුරෙන් ලොක් කරල ඇත්තෙ.
    ගිහින් ඉල්ලුව අයියගෙන් යතුර. ඌ ඇහුවෙ නැතැයි මොන යතුරද කියල.
    මන් කිව්ව Computer එකේ යතුර කියල. ඌ හිනා වෙලා මාවත් එක්කගෙන ගියා Computer එක ගාවට.
    බැලින්නම් ප්ල්ග් එක වැදිල නැහැ හරියට.
    පස්සෙ තමයි දැනගත්තෙ ඒක තියෙන්නෙ Casing එක ලොක් කරන්න කියල.
    :lol::lol::lol:
    ඔන්න ඔහොමයි ඉතින් අපිට උනේ
     
    • Like
    Reactions: TWishwadeepa

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඉස්සල්ලාම අපේ රට හිටපු මාමා කෙනෙක් අක්කාට එවලා තිබුණා පරණ 486 computer එකක් windows 3.1 එක්ක. 2002 මම පොඩි නිසා වැඩියේ දෙයක් දන්නේ නැහැ. හැබැයි රොබින් හුඩ් කියලා game එකක් සමහර වෙලාවට ගහන්න දෙනවා. අපේ තව අයියා කෙනෙක් ඇවිල්ලා windows95 දාලා දුන්නා.
    අනික් මිනිස්සු එක්ක බලනකොට මේක පරණ හුචක්කුවක් කියලා තේරුනේ අපේ ඉස්කෝලෙට windows 2000 එක්ක පෙන්ටියම් කම්පියුටර් අතගැවට පස්සේ.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මම ඉස්සෙල්ලම කොම්පියුටරයක් ඇල්ලුවෙ 1995. ඒක අපේ අයියගෙ. මිනිහ ඕක අල්ලන්නවත් දෙන්නෙ නෑ. ඒක 486 එකක් ඒකෙ තිබුනෙ ඩොස්. ඒ කාලෙ වින්ඩෝස් තිබුනෙත් ඩොස් වලම දුවන වෙනම ප්‍රෝග්‍රෑම් එකක් විදියට. ඒකෙ තිබුන පිස්සු හැදිල වගේ ගහපු ගේම් 3 ක්. grand prix කියල කාර් ගේම් එකකුයි prince of persia කියල එකකුයි තව cd man කියල එකකුයි. අයිය නැති වෙලාවක් බලල ඕක දාගෙන ගහන එක තමයි වැඩේ.
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    අම්බූ බන් ඉස්සෙල්ලාම ඩෙල්ට ෆොස් ගැහුවෙ..ගෙවල් ලග පොරකගෙ එකකින් අතල් කුඩු ඉතින්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඉස්සෙලම ලැබ් එකට එන්න කියල සර් අපිට
    වින්ඩිව්ස් ගැන කියල දෙනව මම හිටියෙ ලගමයි ඔක තිබුනේ මම ආසාවට ඔක එක පාරක් එබුව
    ඩෙස්ක්ටොප් එකෙ අයිකන් එකක් තිබ්බ නම ඩ්ලීට් වෙලා හිස් උනා, අම්මො බය උන තරම් සර් දැකල මොකද මිනිහො කලේ කියල අහයි කියල:lol:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මුලින් නම් ලැප් එකක් තිබ්බෙ Sony Vaio PCG-FRV27 (P4) 2003 නේ. ඒකාලේ නෙට් යන්න නම් දන්නෑ. ගේම් ගහපු එක තමයි කලේ. මැෂින් එකක් ගත්තේ 2011 ඒත් අර කඩවල ලස්සනට ලයිට් දාලා තියන ඒවා දැකලා ආසාවට තාම තියනවා ඒක ඒත් ඒකට වඩා ලැප ලේසියි.

     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉස්සෙලම ලැබ් එකට එන්න කියල සර් අපිට
    වින්ඩිව්ස් ගැන කියල දෙනව මම හිටියෙ ලගමයි ඔක තිබුනේ මම ආසාවට ඔක එක පාරක් එබුව
    ඩෙස්ක්ටොප් එකෙ අයිකන් එකක් තිබ්බ නම ඩ්ලීට් වෙලා හිස් උනා, අම්මො බය උන තරම් සර් දැකල මොකද මිනිහො කලේ කියල අහයි කියල:lol:
    මට අවුරුදු 9දි විතර හෙනම ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ වින්ඩෝස් කියන්නෙ මොකක්ද කියල.....ජනේල වගේ එකක්ද කියල මන් වෙලාවකට කල්පනා කොරනව
    මුලින් නම් ලැප් එකක් තිබ්බෙ Sony Vaio PCG-FRV27 (P4) 2003 නේ. ඒකාලේ නෙට් යන්න නම් දන්නෑ. ගේම් ගහපු එක තමයි කලේ. මැෂින් එකක් ගත්තේ 2011 ඒත් අර කඩවල ලස්සනට ලයිට් දාලා තියන ඒවා දැකලා ආසාවට තාම තියනවා ඒක ඒත් ඒකට වඩා ලැප ලේසියි.


    ea kale hp henama brand ekak wela thibba..2003 wage
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට එකක් හම්බුනෙ 2003 වගේ.මන් ගෙදර එද්දි මෙන්න කම්පයුටරක් තියනවා මේසේ උඩ.මම ඕක වටේ හොදට බලලා එහෙම කේබල් ටිකත් අනුමානෙට ගැහුවා.වැඩ කියහන්කො.මුලින්ම පේන්ට් එක අර ඒකෙ පැන්සලෙන් පකයා කියලා ලිව්ව.කව්රුත් හිටියෙ නෑ ලග.ඒකේ දාලා තිබ්බෙ වින්ඩෝස් 2000 ප්‍රොෆෙශෙනල් එක.වෝල් පේපර් එක බෙන්ස් ඒම්ජී කාර් එකක් තිබ්බෙ.

    එකේ ස්පෙක්ස් තමා

    Dell optifelx gx1
    Intel pentium 3 - 450mhz
    4mb vga
    10gb hdd
    hp 15"monitor
    Cd rom

    ඕවා තමා.තවත් යාලුවෙක්ට තිබ්බා p3 මැශින් එකක්.ඒ කාලේ ඌයි මායි සෙගා ගේම් තමා ගැහුවෙ එමියුලේටර් දාගෙන.පස්සෙ පස්සෙ බ්ලූ බලන්න ගත්තා.බ්ලු හන්ගන්නෙ

    C:/windows/system32 එක ඇතුලෙ..ෆයිල් එක.රී නේම් කරනවා .dat .ඕන වෙලාවට ප්ලේයර් එකට ඇදලා දානවා..ඉරිදට විතරයි කම්පයුටර් එක ඔන් කරන්ම දුන්නෙ.ඇනිත් දවස් වලට අම්මා පවර් කේබල් හන්ගනවා..ඉතින් නෝමල් වයර් දෙකක් අරන්.පොඩි මුදු වගේ හදලා පවර් ප්පොර්ට් එකට ගහලා ටේප් ගහලා ඔන් කරගෙන ගේම් ගහනවා.පට්ට .
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    :D
    ea dawas wala math gta series ekata abbahiwela hitiye..yaluwoth oka dannawa..dawasak udema yaddi ape panthiye porak"machan madhawa aan aru hbenna onalu important case ekak wage"ape iskole porak..wadiya kathakaralath na kalin ...pora"machan mata wadagath deyak danaganda thiyenawa..poddak emuda"...math ithin hena gentleman wage awa..."machan sanandreas wala baduwak gahanne kohomada"....onna prasne....
    :lol::lol::lol::lol::lol:
    ඇත්තටම කොහොමද ?:confused:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කොහොමහරි මේක උනේ වින්ඩෝස් 95 තියෙන කාලේ. මම 6,7 වසරේ වෙන්න ඕනේ. පන්තියත් දෙකට තුනට බෙදල තමා ලැබ් එකට ගන්නේ වැඩකරන කොම්පියුටර් 6 ක් වගේ තිබුනේ.එකකට ළමයි 4 ,5 ඉන්නවා. මම කලින් දවසේ ඇවිත් නෑ.සර් restart in ms dos mode වලින් dos වලින් බුට් කරලා දීල A,B ෆෝමැට් කරන්න කියලදීල c වලට ඒක කරන්න එපා කියල කිව්වා.(හැබැයි අපි කව්රුවත් ඒක අත්හදාබලුවේ නෑ.) පස්සේ වින්ඩෝස් වලට දාල දුන්න. බල බල ඉන්දෙද්දී බෙල් එක වැදුන. මම ප්ලග් එක ඔෆ් කරන්නෙත් නැතුව වයර් එක ගලවල දැම්මම සර් කන්න වගේ බලන් හිටියනේ. මම යාලුවෙක්ගෙන් ඇහුව මොකද සර් කන්න වගේ බලන් හිටියේ කියල. ඌ තමයි මට ෂට් ඩවුන් කරන්න ඕනේ කියල කලින් දවසේ කියල දුන්න කියල කිව්වේ.

    :lol: