කොම්බුට්ටා

MRGUY

Member
Jun 23, 2015
6
5
0
මාතෘකාවට මම දාලා තියෙන "කොම්බුට්ටා" වචනෙ අහලා තියෙද. මම නම් ඔය වචනෙ ඇහුවෙත් මෙහෙ ආවමයි. ෆැකල්ටි එකේ එදා ක්‍රිකට් මැච් එකක්. කට්ටියම පිට්ටනියෙ. මැච් එක පැත්තක. අපි හෙන කයියක. එක පාරට අපේ කොල්ලෙක් කියනවා "අර බලපංකො කොම්බුට්ටො ගොඩ" කියලා. අපිට හිතාගන්න බැරි උනා මොකක් ගැනද මේ කියන්නෙ කියලා. බලද්දි බත්කූරො රෑනක් ඉගිලෙනවා. මුන්ගෙ පැත්තෙ බත්කූරාට කියන්නෙ කොම්බුට්ටා කියලලු. එදා ඉඳන් ඌත් කොම්බුට්ටා උනා.

එක දවසක් බෝඩිමට යන පාරෙ "බොම්බයි මොටයි" විකුණන මනුස්සයෙක් යනවා. ඔන්න අපේ යාලුවෙක් කියනවා "අඩේ සීනි පොල්කොහු කෑවෙ නෑ කාලෙකින්. කමුද" කියලා. මේකි සීනි පොල්කොහු කියල තියෙන්නෙ බොම්බයි මොටයි වලට.කට්ටිය බඩ අල්ලන් හිනා උනා. අරකිට මළ පැනලා කියනවා තොපි අපේ පැත්තෙ ඇවිත් බොම්බයි මොටයි කියපංකො අපේ පැත්තෙ මිනිස්සු හිනාවෙන්නෙ නැද්ද බලන්න. ඇත්ත තමා ඉතින්. ඒ උනත් උඹලගෙ පැත්තෙ මෙච්චර කල් කෑවෙ පොල්කොහු වලට සීනි දාලද කියල නම් නාහා ඉන්න බැරි උනා.

අපේ හොස්ටල් එකේ තිබ්බෙ තට්ටු ඇඳන්. එක දවසක් පල්ලෙහා ඇඳේ ඉන්න එකී කෑ ගහනවා "මේක ගන්න ගන්න. අනේ මේක ගන්න ගන්නකෝ" කියලා. උඩ ඇඳේ ඉන්න එකී කියනවා "මොකද්ද බං දෙන දෙයක් දීපංකො. ගන්න ගන්න කියලා කෑගහන්නෙ" කියලා. බලද්දි උඩ ඇඳේ නෙට් එක පල්ලෙහා ඇඳටම දිග ඇරිලා. පල්ලෙහා ඇදේ කෙනා කියන්නෙ නෙට් එක ඇඳ ඇතුලට ඔබන්න කියලා. උන්ගෙ පැත්තෙ ඒකට කියන්නෙ ගන්න ගන්නවා කියලලු. උඩ ඇඳේ කෙනා හිතුවෙ අරයා මොනාහරි දෙන්න හදනවා. ඉක්මනට ගන්න කියනවා කියලා.

ඇයි පැණි කොමඩු වලට සමහර පැති වල "පත්තක්කා" කියනවා. කලින් මම පත්තක්කා වචනෙ ඇහුවම හිතුවෙ මේ වට්ටක්කා ගැනයි කියන්නෙ කියලා. පස්සෙ තමයි දැනගත්තෙ මේ පැණිකොමඩු කියලා. පැණි කොමඩු වලටම තව පැත්තක සීනි කැකිරි කියනවා.

ඔය ප්‍රාදේශීය වචන නිසා මාත් හොඳවැයින් චාටර් වෙලා තියෙනවා. එක දවසක් හොඳටම වහිනවා. ජනේලෙන් වතුර විසිවෙනවා ඇතුළට. මම යාලුවට කිව්වා "හිරිකඩ එන නිසා ජනේලෙ වහන්නම්" කියලා. මේකි ඇස් ලොකු කරන් බලන් ඉන්නවා මම මොකද්ද මේ කියන්නෙ කියල. වැහි පොද විසි වෙනවට හිරිකඩ කියන්නෙ අපේ පැත්තෙ විතරමද මන්දා. සමහරු තුවාරන් ගහනවා කියලත් කියනවා මම අහල තියෙනවා.

ඒ වගේම තුනපහ වලට "සක්කර" කියලත් මම බයිට් වෙලා තියෙනවා. අපේ පැත්තෙ ඇත්තටම සක්කර කියන වචනෙ පාවිච්චි කරනවා.

සජිත්ලගෙ පැත්තෙත් ඔහොම අමුතු වචන පාවිච්චියක් තියෙනවා. එක දවසක් එයා මොකක් හරි කියනවා කියනවා මම පිළිගන්නෙම නෑ. එක පාරටම කියපි "යකෝ මුන්ට ඇත්ත කියනවට අපිට ගොං කවඩි කොටන්න එපැයි" කියලා. තරහ පැත්තක. මම බඩ අල්ලන් හිනා වෙනවා. ගොං කවඩි කියලා එයාලා කියන්නෙ මයිනොන්ටලු.

එක දවසක අපිට කොහෙන්ද මන්දා අඹ වගයක් හම්බවෙලා. කට්ටිය අඹ කකා ඉද්දි එකියක් අහනවා "ඒ උඹලා අඹ කෝට්ටෙ කන්නෙ නැද්ද" කියලා. කාපු අඹ ඉස්පොල්ලෙ යන්නත් ගියා. අඹ කෝටු කනවයැ. බැලින්නම් මේ කියලා තියෙන්නෙ අඹ ඇටේ කන්නෙ නැද්ද කියලා.

තව මරු වචනයක් තමා "පොක්කලං". අපි දියපට්ටා කියනවා වගේ සමහරු ඒකට කියන්නෙ පොක්කලං කියලා. කීප දෙනෙක්ගෙන් ඒ වචනෙ අහල තියෙනව මම.

එක කාලෙක මම මගෙ ෆෝන් එක විකුණන අදහසකින් හිටියෙ. එක දවසක බැච් එකේ කොල්ලෙක් ඇවිත් අහනවා "මේ උඹ ෆෝන් එක කීයටැයි විකන්නෙ" කියලා. විකනවා කියලා අපි හපනවට කිව්වට උන් විකනවා කියන්නෙ විකුණනවටලු.

ඉතිං වෙලාවකට ඔහොම වචන ඇහුවාම ඔලුවට ගොං කවඩි කෙටුවා වගේ තමා.


REP දුන්නට තරහා නැ :)
 

r runner

Member
May 12, 2015
2,396
781
0
ගෙනව්වා.. කියව්වා .. වගේ වචන වලට බයිට් වෙලා තියෙනවා... :lol::lol::lol:
 

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඒ වගේම තුනපහ වලට "සක්කර" කියලත් මම බයිට් වෙලා තියෙනවා. අපේ පැත්තෙ ඇත්තටම සක්කර කියන වචනෙ පාවිච්චි කරනවා.

    සීනී හකුරු වලටත් සක්කර කියනව මචන්..... තව ගාල්ලෙ පැත්තෙ එහෙම පට්ට වචන තියෙනව.... අතු ගානවට මදිනවද මොකක්ද කියනව..... මීගමුවෙ ඉඳන් උඩට ඉන්න උන් අහන්නෙ බස් හිටවන්නෙ කොහෙද කියල !

    අනික අර පනින සත්තුන්ට(ටික්කො) බුට්ටො කියනව ගම්පහ කිට්ටු උනුත් :lol:
     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Campus inna kam oya wage wachana godai machan, Kurunagala paththe bus halt eke bus nawaththanne nalu :P bus hitawenawa :D anthimata oya wachana eliyata panala hodata kiyana hamoma hoda hoda wachana igena gena thamai yanne