කොමිස් කකා ලදරන් ගෙනාපු කලේ ඉවරයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    කොමිස් කකා ලදරන් ගෙනාපු කලේ ඉවරයි

    ගෝතාබයලා කොමිස් කක ලදරන් ගැනපු කලේ ඉවරයි
    දැන් එන්නේ brannew නැව්


    10155380787141327


    ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ,සයුරළ, නමින් අධිකාරියට පත් කිරීම සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ කොළඹ වරායේ නැගෙනහිර බහලූම් පර්යන්තයේදී පැවැත්විණි.

    ඉන්දියාවේ ගෝවා නැව් තටාකාංගනයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් මෙම නෞකාව නිෂ්පාදනය කෙරුණු අතර මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවශ්‍යතාවය අනුව විදේශීය නැව් තැනීමේ ආයතනයක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම නෞකාව මෙය වීමයි.

    මෙම නවීනතම නෞකාව පසුගිය ජූලි 28 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් නෞකාව පිළිගන්නා ලදී.
    තවද මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට අලූතින්ම මිලදීගත් ප්‍රථම අධි තාක්ණික නෞකාව ලෙස ද සනිටුහන් කෙරේ.

    මෙම නවීනතම අධිතාක්ෂණික යුද නෞකාව මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුර සංචාර, සෝදිසි මෙහෙයුම්, මානුෂීය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ මෙහෙයුම් සිදු කිරීමට හැකියාව පවතින අතර බාහිර ගිනි නිවීමේ මෙහෙයුම් සදහා සහාය දැක්වීමේ හැකියාව ද පවතී. සැහැල්ලූ හෙලිකොප්ටර් යානා ගොඩබස්වන අංගනයක් පැවතිම ද විශේෂත්වයකි.

    දිගින් මීටර් 105.7 ක් වන මෙම නෞකාවේ පළල මීටර් 13.6 ක් වන අතර මීටර් 05 ක ඉපුලූම් ගැඹුරකි යුත් මෙහි වේග සීමාව පැයට නාවික සැතපුම් 26 කි.
    වරාය පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විෙජ්ගුණරත්න මහතා විසින් පිළිගනු ලැබීය.
    විශේෂ නාවික හමුදා උත්තමාචාර ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    ජනාධිපතිතුමා විසින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් (මාලිමා) නිශාන්ත අමරෝසා මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීය.

    අනතුරුව සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    නෞකාවේ නිරික්ෂණ චාරිකාවකව ද නිරත වූ ජනාධිපතිතුමා නෞකාවේ කි්‍රයාකාරිත්වය, මෙහෙයුම් සුදානම සහ සැකැස්ම පිළිබද අධික්ෂණය කළේය.

    අමාත්‍ය මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය රුවන් විෙජ්වර්ධන යන මහත්වරුන් ද, ඉන්දියාවේ ආරක්ෂක නිෂ්පාදක ලේකම් ඒ.කේ ගුප්තා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විෙජ්ගුණරත්න, ඉන්දියාවේ දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරි වයිස් අද්මිරාල් ඒ.ආර්. කාර්ව් යන මහත්වරුන් ඇතුථ පිරිසක් සහ දහම් සිරිසේන මහතා ද මෙම අවස්ථාවට එක්විය.

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක හදන්න Order එක දුන්නේ 2012 දි. තව මේ වගේම නැවකුත් ගේනවා..

    පව් බන් ඔහොම ඉකනටම වහල්ලු ලිදේ දන්නා එපා .උන්ටත් ටිකක් ගොඩ ඉන්න දීපන් :no::lol:

    උනුත් ආසයි ටිකක් ගොඩට වෙලා ඉන්න :lol::lol::lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේක හදන්න Order එක දුන්නේ 2012 දි. තව මේ වගේම නැවකුත් ගේනවා..

    2014 february machan.gota sign kale.
    anith vessel eka enawa next January wala
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    මරුසිරා;22048812 said:
    පව් බන් ඔහොම ඉකනටම වහල්ලු ලිදේ දන්නා එපා .උන්ටත් ටිකක් ගොඩ ඉන්න දීපන් :no::lol:

    උනුත් ආසයි ටිකක් ගොඩට වෙලා ඉන්න :lol::lol::lol:

    :rofl:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මරුසිරා;22049087 said:
    මචෝ උබටමතක්ද ඒකාලේ කොලබ දොක්‍යර්ඩ් එකෙන් ඉන්දියාවට යුද නැවක් හදල දුන්න ? :cool:

    passenger ekak machan.400 yanna puluwan

    MV-Lagoons-000.jpg


    navy ekata hadanne mewa
    Ultra Fast Attack Craft

    Colombo%2BClass%2BFast%2BAttack%2BCrafts-760191.jpg