කොමෙනි පාලනයට මොසාඩ් භීතිය වැළඳේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,552
    10,339
    113
    44
    Living in an Atom
    1000082364.jpg

    මොසාඩ් ඔත්තුකරුවන් ඉරානයේ අස්සක් මුල්ලක් නෑර සිටිතැයි භීතියක් කොමෙනි පාලනයට බෝවී ඇතයි ඉරානයෙන් ලැබෙන ආරංචි කියයි

    ඉකුත් සිකුරාදා පාන්දර 3 ට ඊශ්‍රයලය ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පෙර මොසාඩ් ඔත්තු කරුවෝ හමුදාපති සමග තවත් ඉහල හමුදා නිලධාරීන් කීපදෙනෙකු ඝාතනය කිරීමත් න්‍යෂ්ටික විද්යාඥයන් 9 දෙනෙකු නිදි ඇඳේදීම මර දැමීමත් ගුවනට මිසයිල යවන උපකරණ විශාල ප්‍රමාණයක් drone මගින් විනාශ කිරීමත් මොසාඩ් භිතිය කොමෙනි පාලනය වෙලා ගැනීමට හේතුවයි

    මේ නිසා මොසාඩ් ඔත්තු කරුවන් යයි සැක කරන පිරිස් අත්අඩංගුවට ගනිමින් තිබේ

    ටෙහෙරාන් නුවරින් පමණක් 28 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙන අතර න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් තිබෙන ඉස්ෆාන් නගරයෙන් 60 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත

    මීට වසර දෙකකට පෙර මොසාඩ් ඔත්තුකරුවෙකු යයි අත් අඩංගුවට ගෙන තිබු අයෙකු දින කීපයකට පෙර එල්ල මර දමා තිබේ

    මාධ්‍ය වෙදින්ද සැලකිය යුතු අනුගාමිකයන් සිටින සමාජ මාධ්‍ය කරුවන් ද පිළිබඳව පරීක්ෂාවෙන් සිටීමට ටෙහෙරන්හි නීතිපති කාර්යාලය විශේෂ ඒකකයක්ද පිහිටුවා තිබේ

    මොසාඩ් භීතිය කොපමණ ගැඹුරට කිඳා බැස තිබේද යත් මොසාඩ් ඔත්තුකරුවන් සොයා ගැනීමට හැකි ක්‍රම මහජනයා වෙත දන්වා තිබේ

    තොප්පි පැළඳ සිටින අය, අව් කන්නාඩි දමන අය ,මුහුණු ආවරණ පැළඳ සිටින අය, ට්‍රක් රථ පදවන අය, විශාල ගමන් මලු රැගෙන යන අය ,කර්මාන්ත ප්‍රදේශ සහ මහජනයා පදිංචිව සිටින නිවාස වල චායරුප ගන්න අය, මොසාඩ් ඔත්තු කරුවන් විය හැකි බව කොමෙනි ආණ්ඩුව කියා තිබේ

    නිතරම ජනෙල තිර රෙදිවලින් වසා තිතිබෙන තිබේනම් නිවාස තුලින් අසාමාන්‍ය ශබ්ද ඇසේනම්, ලෝහ උපකරණවල හඬ නිවාස තුලින් ඇසෙ නම් දොර ජනේලවලට උපකරණවලට නොකඩවා පහර දෙන හඬ ඇසෙ නම් ආණ්ඩුවට දැනුම් දෙන ලෙස පෝස්ටර් මගින් ඉරාන ජනතවට දැනුම් දී ඇත

    ඉරාන අධිකරණයේ අග විනිසුරු ප්‍රකාශයක් කරමින් මොසාඩ් ඔත්ත්කරුවන් වහාම අධිකරණයට පමුණුවා ඉක්මනින් නඩු අසා ඉක්මනින්ම දඬුවම් කල යුතු බව කියා තිබේ

    එරට පොලිස්පති නිවේදනයක් නිකුත් කරමින් ස්වෙච්ච්වෙන් පොලිසියට භාර වෙන ඔත්තු කරුවනට සුළු දඬුවමක් පමණක් දෙන බවත් භාර නොවන අයට දැඩි දඬුවම් කරන බවත් කියා තිබේ .
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    නිතරම ජනෙල තිර රෙදිවලින් වසා තිතිබෙන තිබේනම් නිවාස තුලින් අසාමාන්‍ය ශබ්ද ඇසේනම්,
    මෛතුන්‍යයේ යෙදෙන්ඩත් තහංචි වැටිලා
     
    • Haha
    Reactions: Troop