කොරියන් ගියපු කට්ටියක් එකක් ගැන මට අහන්න ලැබුණ කතාවක් මේ. හැබැයි හරියටම රජයෙන් යවන procedure එකට නෙවෙයි මේ අය ගිහින් තියෙන්නේ කියන විදියට( හරියටම දන්නේ නෑ කොහොමද ගියේ කියලා). කොහොම හරි තියෙන දේපල විකුණලා සල්ලි හොයාගෙන තමයි කට්ටිය ගිහින් තියෙන්නේ. සමහරු තමන් හයර් එකට දුවපු වාහනේ පවා විකුණලා. කොහොම හරි ගිහින් මාස දෙකෙන් තුනෙන් ආපහු එන්න වෙලා රස්සා නැතුව. ඒ අය හිටියට වඩා අමාරුවේ වැටිලා දැන්. හදිස්සියට රට පනින්න හදන්න එපා නොදැන. හරියට හොයලා බලල හරි ක්රමේකට යන්න. සුරංගනා කතා වලට රැවටෙන්න එපා. මේක සුරංගනා ලෝකයක් නෙවෙයි.