කොරියානු ඔලිම්පික් සිහිනය

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    කොරියානු ඔලිම්පික් සිහිනය

    7466-696x418.jpg


    කොරියානු අර්ධද්වීපයේ මතභේදාත්මක තත්වය සදහටම වෙනස් විය හැකි තීරණයක් ගැනීමට දකුණු සහ උතුරු කොරියානු රජයන් බලාපොරොත්තුව සිටින බවට පසුගිය වසරේදී වාර්ථා පලවුනා. මේ නව බලාපොරොත්තුවක් ඇතිකරවන යෝජනාව නම් 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා දෙරට සහයෝගීව ඉල්ලුම් කිරීමට තීරණය කිරීමයි.

    නවතම වාර්ථා අනුව මෙම සිකුරාදා දින ස්විට්සර්ලන්තයේ Lausanne හි පැවැත්වෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හමුවකදී මෙම යෝජනාව නිල වශයෙන් ඉදිරිපත් කිරීමට දෙරටේම බළධාරීන් එකඟව තිබෙනවා.


    4338.jpg


    දකුණු කොරියාවන් මේ සඳහා යෝජනා කර ඇත්තේ Seoul නගරයයි. උතුරු කොරියාව තවමත් මේ සඳහා නගරයක් නම්කර නොමැත. මෙම තීරණය තුලින් උතුරු කොරියාව සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තව දුරටත් ශක්තිමත් වනු ඇති බව දකුණු කොරියාව වේ විශ්වාසය වී තිබෙනවා. විශේෂයෙන්ම දකුණු කොරියාවේ පැවති පසුගිය ශීත ඔලිම්පික් තරඟාවලියට උතුරු කොරියානු කණ්ඩායම සහභාගි කරවීමෙන් පසුව ක්‍රීඩාව පසුබිම් කරගනිමින් දෙරට අතර සුහදත්වය වර්ධනය වීම තවදුරටත් තහවුරු කෙරෙන යෝජනාවක් ලෙස මෙය හැදින්විය හැක.
    දකුණු කොරියානු ජනාධිපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ 2030 ලෝක පාපන්දු කුසලානය කොරියානු අර්ධද්වීපයට ලබා ගැනීමටත් දෙරට සහයෝගයෙන් යෝජනාවක් ඉදිරිපත්කිරීමටත් බලාපොරොත්තුවන බවයි. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල වෙනුවෙන් දෙරටේ ක්‍රීඩකයන් එක් ධජයක් යටතේ එක් කණ්ඩායමක් ලෙස සහභාගී වීමටද නියමිතව තිබෙනවා.


    මේ ගැන අදහස් පළකරන Seoul නගරයේ නගරාධිපති වන Park Won soon මහතා පවසන්නේ මෙම ඉල්ලුම් කිරීම සාර්ථකවුවහොත් 2032 ඔලිම්පික් උළෙල තවත් එක් ක්‍රීඩා උළෙලක් නොව කොරියානු අර්ධද්වීපයේ ඉරණම වෙනස් කරනා කඩයිමක් වනු ඇති බවයි.
    කෙසේ නමුත් මෙම ඔලිම්පික් සිහිනය රඳාපවතිනු ඇත්තේ උතුරු කොරියානු න්‍යෂ්ටික සහ බැලස්ටික් අවි වැඩසටහනේ ක්‍රියාකාරීත්වය මතයි. උතුරු කොරියානු නායක Kim jong un සහ Donald Trump අතර Hanoi හිදී පැවැත්වීමට නියමිත හමුවෙන් පසු ගනු ලබන තීරණ මත මෙම යෝජනාවේ ඉරණම රැදී පවතිනු ඇත.


    https://www.pigeonsnews.com/%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1/
     
    • Like
    Reactions: Bart_Allen