කොරියානු සිනමාවෙන්.....
ආසියානු සිනමාව ගැන කතා කරනකොට කොරියානු සිනමාව ගැන කතා නොකරම බැහැ. මොකද හොලිවුඩ් නිර්මාණ සෑහෙන ප්රමාණයකට කොරියානු චිත්රපටි මුල් වී තියෙනවා. ඒ වගේම කොරියානු චිත්රපටි වල ගුණාත්මක භාවය ඉතාමත් ඉහළයි. (තුට්ටු දෙකේ කසිනබල් නිර්මාණ නැතුවම නෙවෙයි) ආදර කතා, සටන්, අබිරහස්, ප්රහසන, ක්රියාදාම ආදී සියලු තේමාවන් ඔස්සේ කොරියානු චිත්රපටි බිහිවෙනවා. ඉතින් මේ මගේ උත්සාහය මේ වෙනකොට මම බලලා තියෙන හොඳම කොරියානු චිත්රපටි කිහිපයක් ගැන විස්තර ඔයාලට ගෙන එන්නයි.
1. 200 Pound Beauty
අධික තරබාරුකම නිසා සමාජයෙන් කොන්වී සිටින පසුතල ගායිකාවක් තම ආදරය දිනා ගැනීම වෙනුවෙන් ප්ලාස්ටික් සැත්කමක් සිදු කරගන්නවා. මින් පසුව ඈ නොසිතන වාසනාව, කරදර එකවගේ පසු පස ලුහු බඳිනවා. ඉතින් ඇයට මේ සියල්ල හමුවේ ඇයට සිය ආදරය ලබාගන්න පුලුවන් වේවිද?
2. Secret
අලුතින් පාසලට එන නව යොවුන් තරුණයෙකුට පියානෝ වාදනයට බෙහෙවින් ලැදි තරුණියක් මුණ ගැසෙනවා. ඇයගේ ගති ස්වභාවයට, හැසිරීමට මේ තරුණයා බොහොම කැමැත්තෙන් පසුවෙනවා. මේ තරුණියගේ මග පෙන්වීම නිසා මේ තරුණයා බොහොම දක්ෂ පියානෝ වාදකයෙක් වෙනවා. ඒත් මේ තරුණිය පසුපස සැඟවී ඇති අභිරහස මොකක්ද? මේ තරුණයාට හා තරුණියට දශක ගනනාවක් පැරණි සංගීත කාමරය සමග ඇති සබඳතාව මොකක්ද? විශ්වාස කරන්න. අවසානය කොහොමවත් ඔයාලා විශ්වාස කරන එකක් නොවේවි.
3. My Girlfriend is a Gangster 3
මෙහි මුල් කොටස් දෙකනම් මගේ හිතට ඇල්ලුවේ නැහැ. ඒත් අන්තිම කතාව නම් කියලා වැඩක් නැහැ. උපරිමයි. ඉල ඇදෙනකම් හිනා වෙන්න පුලුවන්. මේ කොටස මෙහි 1 සහ 2 කොටස් වලට සම්බන්ධයක් නැහැ. චීනයේ ඉන්න පාතාල නායකයෙක් තම දියණියගේ ආරක්ෂාව උදෙසා ඇයව හොංකොං වල තම මිතුරු පාතාල නායකයෙකු වෙත එවනවා. ඇයව ආරක්ෂා කිරීමට භාරවෙන්නේ නවකයෙකු ලෙස පාතාල කණ්ඩායමට බැඳුන තරුණයෙකුට සහ ඔහුගේ යාලවෝ දෙන්නෙක්ට. ගැටුම්, උපහාසය, පුරසාරම්, ආදරය යන සියලු දේම ඇරඹෙන්නේ මෙතන ඉදලයි.
4. A Millionaire's First Love
බොහොම සංවේදී කතාවක්. සියොල් වල ජීවත්වෙන රස්තියාදුකර මිලියනපති පුතෙක් වටායි මෙම කතාව ගෙතී පවතින්නේ. පියා මොහුව හදාගැනීම පිණිස ගම්බද පාසලකට ඇතුළත් කරනවා. නමුත් මේ වැඩේ මිලියනපති පුතාට නම් අල්ලන්නේ නැහැ. ඔහුගේ එකම අරමුණ කොහොම හරි පාසලෙන් ඉවත්ව පෙර ජීවිතයට යාමටයි. මෙහිදී ඔහුට අමුතුම ආකාරයක මිතුරන් පිරිසක් හමුවෙනවා. ඒ අතරින් රූමත් තරුණියක් විශේෂයි. ඉතින් ඔහු තමන්ගේ ජීවිතය නිවැරදි කරගනීවිද? අර තරුණියට කුමක් සිදු වේවිද?
5.My Girlfriend is an Agent
තරුණියක් හා තරුණයෙක් පෙම්වතුන් ලෙස හිඳ වෙන්වෙනවා. ඒ දෙදෙනා අතර හටගත් ගැටුමක් හේතුවෙන් ජන්මාන්තර වෛරක්කාරයන් වී. මේ දෙදෙනා රහස් පරීක්ෂණ ආයතන දෙකක වැඩ කරන්නේ. එහෙත් මේ බව එක්කෙනාට එක්කෙනෙක් දන්නේ නැහැ. ඒ අතර මේ දෙදෙනාට ආයතන දෙකෙන් එකම පොදු සතුරෙකු ඇල්ලීමට නියම කරනවා. මේ සතුරා රුසියානුවෙක්. කොරියාවේ නිෂ්පාදිත ජීව අවියක් තම රටට ගෙන යාමටයි මොහු හිතාගෙන ඉන්නේ. ඉතින් දෙන්නා කරන්න යන වැජඩේ සාර්ථක වේවිද? ගැටුම්,පාවාදීම, ඉළඇදෙන කොමඩි කෑලි මේ කතාව පුරාම.
මේ දැනට හොඳයි කියලා හිතුන ටික. තව හෙන ගොඩක් තියෙනවා දාන්න. ඒත් දැන් type කරන්න කම්මැලියි. ඒ වගේම ඔයාලා බලලා තියෙන හොඳ කොරියානු සිනමා නිර්මාණ තියෙනවා නම් බෙදා හදාගන්න අමතක කරන්න එපා.
ආසියානු සිනමාව ගැන කතා කරනකොට කොරියානු සිනමාව ගැන කතා නොකරම බැහැ. මොකද හොලිවුඩ් නිර්මාණ සෑහෙන ප්රමාණයකට කොරියානු චිත්රපටි මුල් වී තියෙනවා. ඒ වගේම කොරියානු චිත්රපටි වල ගුණාත්මක භාවය ඉතාමත් ඉහළයි. (තුට්ටු දෙකේ කසිනබල් නිර්මාණ නැතුවම නෙවෙයි) ආදර කතා, සටන්, අබිරහස්, ප්රහසන, ක්රියාදාම ආදී සියලු තේමාවන් ඔස්සේ කොරියානු චිත්රපටි බිහිවෙනවා. ඉතින් මේ මගේ උත්සාහය මේ වෙනකොට මම බලලා තියෙන හොඳම කොරියානු චිත්රපටි කිහිපයක් ගැන විස්තර ඔයාලට ගෙන එන්නයි.
1. 200 Pound Beauty
2. Secret
3. My Girlfriend is a Gangster 3
4. A Millionaire's First Love
5.My Girlfriend is an Agent
මේ දැනට හොඳයි කියලා හිතුන ටික. තව හෙන ගොඩක් තියෙනවා දාන්න. ඒත් දැන් type කරන්න කම්මැලියි. ඒ වගේම ඔයාලා බලලා තියෙන හොඳ කොරියානු සිනමා නිර්මාණ තියෙනවා නම් බෙදා හදාගන්න අමතක කරන්න එපා.

thibunath seeders la adui. Ekai mama direct links ganna site eka kiwwe...