ඉගෙනගන්න ඔනි කාලෙ පිස්සු කෙලියම ඔය ගාන හොයන්න තියෙන එකම විදිය ඉතින් කොරියන් යන එක තමයි. ගිහිල්ල සල්ලි හොයන් ඇවිල්ල ටිකක් මෙහේ රගල ඊලගට බිස්නස් එකක් පටන්ගන්නව ඉතිරි සල්ලි වලින්.
ඔෆෙන්ඩ් වෙන්න එපා ඉතින් ඔකනෙ කරන්න තියෙන්නෙ.
හැබැයි හරි හමන් ඉන්ඩස්ට්‍රි එකක ප්ලෑන් එකක් ඇතුව යම් දුරකට ඉගෙනගනිපු එකෙක්ට මෙහේ ඉදන් ඔය ගාන හෙවුවහැකි.
වෙනස මොකද්ද දන්නවද?
අර කොරියන් ඩයල් එක රගන්නෙ උගේ ලෝකෙ. ඒකෙ ඉන්නෙ ඌ වගේම වල ගහල ගවන්මන්ට් හරි ප්‍රයිවෙට් හරි පොඩි ජොබ් එකක් කරගෙන ලක්ශෙකට අඩුවෙන් සලරි එකක් ගන්න මිනිස්සු. ඒ මිනිස්සු අතරෙ ඌ වැඩ්ඩෙක්.
අර මම කියපු අනික ඉන්න ලෝකෙ ඉන්නෙ ඌ වගේම එවුන්. ඒ නිසා රගන්න දෙයක් නෑ.
අන්තිමට ඔය කොල්ලො දෙන්නටම තම තමන්ගෙ ලෝකෙ ඕනි තරම් කෙල්ලො සෙට් වෙනව.
හැබැයි වෙනස්ම මට්ටම් වල, වෙනස් සමාජතත්ව තියෙන්නෙ.
උන්ගෙ ලෝකෙ, උන්ගෙ කෙල්ලො, උන්ට සැපයි.
ඒ නිසා ඔය ලෝක දෙක කම්පයා කරන්න යන්න එපා තේරුමක් නෑ.
උබ ජීවිතේ මුල ඉන්න එකෙක් නම්, ඔය ලෝක දෙකෙන් උබට යන්න ඕනි ලෝකෙ මොකද්ද කියල තීරණය කරපන්.
මොන ලෝකෙට ගියත් ඒකෙ පොරක් වෙයන්. එච්චරයි.