කොරියාවේ දහම් පිපාසයක්.....!!!

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කොරියාවේ දහම් පිපාසයක්.....!!!

    පසුගියදා දකුණු කොරියාවේ සෝල් නගරයේ ප්‍රසිධද්ධවූ වාර්තා අනුව දැනට එරට වැඩියෙන්ම අලෙවිවන්නේ බෞද්ධ පොත පත බව සඳහන්වෙයි.
    එඅතරින් වඩාත්ම ජනප්‍රිය පොත බවට පත්ව ඇත්තේ හය්මින් හිමියන් විසින් රචිත "විවේකයක් ලද විට දකින දේ" නම්වු ග්‍රන්ථයයි. පසුගිය වසර තුල එම පොතේ පිටපත් විසි ලක්ෂයක් අලෙවිවී ඇත.


    4(5).jpg


    කොරියාවේ විශාලතම පොත් වෙළඳ සමාගම වන කොයෝබෝ සාප්පුව පවසන්නේ ගිය වසරේ වැඩියෙන්ම අලෙවිවු පොත් සියයෙන් මුලට පැමිණ ඇති පොත් පහක්ම රචනාකර ඇත්තේ බෞද්ධ භික්ෂු භික්ෂුනීන් වහන්සේලා විසින් බවයි.

    3(9).jpg



    1(11).jpg



    2(8).jpg



    මෙයින් පෙනීයන්නේ බුදුන්වහන්සේගේ ධර්මය කෙරෙහි දකුණු කොරියාවේ වැඩිදෙනා අතර වෙනදා නොතිබුන උනන්දුවක් ඇතිවී තිබෙන බව එම වාර්තාවෙන් දක්වා ඇත.
    දකුණු කොරියා ඈත අතීතයේ බෞද්ධ රටක් විය. අද එහි වැඩි දෙනා කතෝලිකයෝය.