කොරියාවේ පජාත වෙන රාජපක්ෂලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කොරියාවේ පජාත වෙන රාජපක්ෂලා

මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා තම අතිශය පුද්ගලික කර්තෘවයක් ඉටුකර ගැනීම වෙනුවෙන් කොරියාවේ සංචාරයක නිරත වන බවත්, ඊට රාජ්‍යත්‍රාන්තික අනුග්‍රහය ලබාගැනීමට ඉල්ලීම් කළද එය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කළ බවත් මුලින්ම අප ඔබට වාර්තා කළෙමු. මහින්දගේ මෙම කොරියානු සංචාරය සංවිධානය කොට තිබුණේ බෙලිඅත්ත ප්‍රදේශයෙන් කොරියාවට ගිය රාජපක්ෂවරුන්ගේ අත්වැසියන් පිරිසක් එකක් අටවා ගත් ‘ගෝබල් ලව් ෆෙයාර්’ නැමැති කමිටුවක් විසිනි.
Loading...
කොරියාවේ ගත කළ පුරා දින 4 ක කාලය තුළ ‘ගෝබල් ලව් ශෙයාර්’ මඟින් පාද යාත්‍රාවෙන් විඩාවට පත් මහින්දගේ ඕනෑ එපාකම් වෙනුවෙන් අවශ්‍ය බොහෝ දේ ගෞරව පෙරදැරිව ශෙයාර් කර දුන්බව ඒ සඳහා යටිතල පහසුකම් සැපවූවෙකු අප සමඟ පැවසීය.
අප කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා කොරියාවට යෑමට පෙර ඔහු කොරියාවේ හිටපු ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ හමුවීමට අවස්ථාවක් සකසා ගැනීමට නොගත් උත්සහයක් නැතිතරම් බව අනාවරණය කළ සිටියෙමු. මේ නිසා කු.පා.ම. මහින්ද මහතා දැඩි අසීරුතාවයට පත් වූ බවත් සැලවිය. එය අසත්‍ය බව පෙන්වීම වෙනුවෙන් ඔහු යළි යළිත් කුමන මට්ටමේ හෝ හමුවක් සංවිධානය කරගැනීමට දැඩි උත්සහයක් දරා ඇත. එහෙත් ඒ සියල්ලම අසාර්ථක වූ තැන අවසානයේ අද දහවල් කාලයේ මහින්ද ඇතුළු පිරිස කොරියානු පාර්ලිමේන්තුව වටේ කැරකී අවසානයේ පාර්ලිමේන්තුව තුළ ඒ මොහොතේ සිටි මන්ත්‍රීවරුන් කිහිප පොළක් සමඟ එක්ව තේපානයක් සිදුකොට පැමිණ ඇත. ඉන් අනතුරුව එම විඩීයෝ කොටස මහින්දගේ මාධ්‍ය අංශය විසින් ලංකාවට එවා ඇත.
මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වූ කිසිඳු රාජ්‍ය නායකයෙකු මහින්ද රාජපක්ෂ තරම් ජනතාව ඉදිරියේත්, ලෝකයා ඉදිරියේත් මෙතරම් අවමානයටත් අපහාසයටත් ලක්ව නැත.
ආශ්‍රිත පුවත්: මහින්දගේ ‘ගෝබල් ලව් ශෙයාර්’ එක විදේශ කටයුතු අමාත්‍යංශය වළකයි (විශේෂ)
 
  • Like
Reactions: prabash06
Oct 30, 2011
488
17
0
යකෝ උබලගේ සරල මහා එකා දින 100 යන්න කලින් පිච්චන් උනේ :D :D