විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාරගේ නිවසේ – තොගයක් හදයි.. සීල් තබා අරන් යයි..!
දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් කෑගල්ලේ පිහිටි ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගොස් ඔහු විසින් හදුන්වා දී ඇති කොවිඩ් මර්ධන පැනියේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.
එම පැනිය සකස් කිරීමට අවශ්‍ය මී පැණි, සාදික්කා ඇතුළු දේවල් කීපයක් එම විශේෂඥ කණ්ඩායම් විසින් සකස් කර දී තිබේ.
විශේෂඥ කණ්ඩායම පැනිය නිෂ්පාදනයට දායක වී ඇති අතර ඔවුන්ගේ අධීක්ෂණය මත අද උදෑසන තෙක් එම කටයුත්ත සිදු කර තිබේ.
එම පැනිය බෝතල් වලට දමා මුද්‍රා තබා විශේෂඥ කණ්ඩායමට භාර දී තිබේ.
ඒ අනුව එම පැනියෙන් කොවිඩ් නැති කිරීම සඳහා ඇති හැකියාව සොයා බලන තීරණාත්මක පර්යේෂණ සඳහා යොදා ගැනීමට නියමිතව ඇත.

.. paniya pitin dala eka vahanava vage 