-[කොරෝනාවෙන් ඇමරිකාවේ 50,000ක් මිය යයි]-

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    -[කොරෝනාවෙන් ඇමරිකාවේ 50,000ක් මිය යයි]-

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 191,000 ඉක්මවා තිබේ.

    රෝගය ආසාදිතයන් ලෝකය පුරා ලක්ෂ 27 ක ප්‍රමාණයක් වාර්තා වී ඇත.

    එයින් ලක්ෂ හතහමාරක පමණ ප්‍රමාණයක් පූර්ණ සුවය ලබා තිබේ.

    ඊයේ දිනය වන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් කොරෝනා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇත.

    ඊයේ දිනය තුළ දී පමණක් ඇමරිකාවේ ආසාදිතයන් 2,300 වඩා ප්‍රමාණයක් මියගොස් ඇති අතර එම කාලයේ දී 32,000 ක පමණ නව ප්‍රමාණයක් නව ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.



    ** :(:(


     
    Last edited:
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    අන්න Trumph කාරය පිස්සු කෙලිනවා .
    පකණිළ් ඉන්ජෙක්ට් කරන්න යනවලු
    අපේ සජිත් හොදයි වගේ :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න Trumph කාරය පිස්සු කෙලිනවා .
    පකණිළ් ඉන්ජෙක්ට් කරන්න යනවලු
    අපේ සජිත් හොදයි වගේ :lol::lol::lol:

    ඒක පිස්සෙක් බන් සජිය වගේම අනාත කතා කිය කියා පච වෙනව:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ කොවිඩ්-19 ප්‍රභේද 4ක් ඇතැයි ජපුර සරසවි පර්යේෂකයෝ හෙළි කරති

    ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකදී විශේෂ තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙයි.
    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ විසින් මෙම පර්යේෂක කණ්ඩායම මෙහෙයවා ඇති අතර
    එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට අනුයුක්ත වෛද්‍ය චන්දිමා ජීවන්දර හා අනෙකුත් පර්යේෂණ විද්‍යාඥයින් ඒ සඳහා සහය වී තිබෙයි.

    අප්‍රේල් 23 දින මේ සම්බන්ධයෙන් තොරතුරු

    ඉදිරිපත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ විද්‍යාඥයින් සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ එම වෛරසයේ ප්‍රභේද හතරක් සංසරණය වෙමින් පවතින බවයි. ඔවුන් සිදුකළ කොවිඩ්-19 වෛරසයේ සම්පූර්ණ ජානමය අනුක්‍රමණය කිරීමකදී මේ බව අනාවරණය කර ගෙන ඇතැයි දන්වා ඇත.
    මේ සඳහා ශ්‍රී ලංකාවෙන් හමුවූ ආසාධිතයින්ගෙන් ලබා ගත් සාම්පල් යොදා ගෙන තිබෙන බව පවසා ඇත.

    ඕනෑම වෛරසයකට අදාළව එම වෛරසයක සම්පූර්ණ ජානමය අනුක්‍රමණය ශ්‍රී ලංකාවේ දී සිදු කළ පළමු අවස්ථාව මෙය බවද ඔවුන් සඳහන් කර ඇත. මීට පෙර එවැනි අවශ්‍යතාවයක් ඇති වූ විට සිදු කර ඇත්තේ අදාළ සාම්පල විදේශ රටවලට යවා අදාළ වාර්තා ලබා ගැනීම පමණි.
    වෛරසයේ ප්‍රභේද කිහිපයක් ලොවපුරා සංසරණය වන බවත් ලංකාවේ පවතින 04 අධ්‍යයනය තුළින් ඉදිරියේදී එය වළක්වා ගැනීමට හා ආරක්ෂාවීමට වෙන වෙනම ක්‍රම අනුගමනය කරන්නට සිදුවනු ඇති බවද දක්වා ඇත.
    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ සමස්ත ජානමය අනුක්‍රමණයන් පරික්ෂා කිරීම ආරම්භ කර ඇති අතර ඒ් ඔස්සේ වෛරසයේ ඉදිරි ව්‍යාප්තිය ගැන තවදුරටත් කරුනු අනාවරණය කරගතහැකි බව ඔවුන් පවසා තිබේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    giphy.gif
     
    • Like
    Reactions: erozan