කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන බව ඇමති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
එසේ වුවද එම තිරණය කැබිනට් මණ්ඩලය විසින් ගත් එකක් නොවන බවත් කී ඔහු එම අවසරය ලබා දෙන්නේ හුදෙකලා ප්‍රදේශවල සහ වියළි ප්‍රදේශවල පමණක් යැයිද සඳහන් කළේය.
භූගත ජලයට එම විෂ මිශ්‍ර නොවන ප්‍රදේශවල ඒ සඳහා අවසර ලැබෙන බවද ඔහු සඳහන් කරයි.
මේ වන විට ලෝකයේ අනිත් රටවල් මෙවන් අවසර ලබා දෙන බවත් එනිසාම මෙරට තුලදීද එය සිදු කිරීමට කැබිනට් මණ්ඩලය විරුද්ධ නොවූ බවද ඔහු පැවසීය.
සිංහල බෞද්ධ අයෙකුට වුවද කොරෝනා දේහයක් භූමදානය කිරීමට අවස්ථාවක් ඉල්ලුව හොත් සලකා බැලිය හැකි බවත් දැනට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ලැබී නැති බවත් ඔහු කියා සිටියේය.
මාධ්‍ය අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී
https%3A%2F%2Fwww.facebook.com%2Fwatch%2F%3Fv%3D379886399882285