ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය සතියේදී වේගයෙන් ඉහළ ගිය අතර ඊට හේතුව මෙම නව ප්‍රභේද යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකායේ සාමාජිකයකු වන වෛද්‍ය ෂෂාන්ක් ජෝෂී එන්.ඩී.ටීවී. පුවත් සේවයට පැවැසීය.
ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේද 240ක් හමු වී ඇති බවත් ඉන් බොහෝමයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බවත් හෙතෙම කීය.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අමතරව, කේරළ, මධ්‍ය ප්‍රදේශ්, චතිස්ගාර් සහ පන්ජාබ් යන ප්‍රාන්තවලින් ද දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයෙන් ඇතුළු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති නව ප්‍රභේද, කොරෝනා වයිරසයේ මුල් ප්‍රභේදවලට වඩා භයානක සහ සම්ප්‍රේෂණය වැඩි එනම් ව්‍යාප්තිය වැඩි ප්‍රභේද යැයි ද හෙතෙම කීය.
මේ හමු වී ඇති නව ප්‍රභේදවලින් ඇතැම් එවා වයිරසය ආසාදනය වී සිරුරේ ප්‍රතිදේහ සංවර්ධනය වූ අයට ද නැවත වයිරසය ආසාදනය වීමේ හැකියාවක් ඇතැයි ද හෙතෙම කීය. 

Source: http://www.lankadeepa.lk/news/කොරෝනාවේ-අලුත්-ප්‍රභේද-240-ක්-ඉන්දියාවෙන්/101-586393