කොරෝනා අඩපණ කරන ඉන්හේලරයක්

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    කොරෝනා අඩපණ කරන ඉන්හේලරයක්

    කොරෝනා අඩපණ කරන ඉන්හේලරයක්​

    February 17, 2021 3:13 pm 0
    ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතයන් දින තුනක් පහක් ඇතුළත සුවපත් කිරීමට ඊශ්‍රායල වෛද්‍ය පර්යේෂකයන් නිපද වූ ‘ඉන්හේලරයට’ හැකියාව ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරනවා.
    මෙම ඉන්හෙලරයට සාමාන්‍යයෙන් ඇදුම රෝගීන් භාවිතයට ගන්නා හුස්ම ගැනීම පහසු කරවන ඉන්හෙලරයක් වන අතර, ඊට හොඳා ගන්නා ඖෂධය සුවිශේෂී එකකි.
    එය නිපදවා ඇත්තේ ටෙල් අවීව් සොව්රොව්ස්කී වෛද්‍ය මධ්‍යස්ථානයේ මහාචාර්ය නදීර් අර්බාර් ඇතුළු විද්‍යාඥයන්ය.
    කොරෝනා ආසාදිත රෝගීන් 30 දෙනකු යොදා ගනිමින් මෙම ඉන්හේලරය පළමු වටයේ සායනික අත්හදා බැලීම්වලට යොදා ගනිද්දී, 29 දෙනකු දින දින 3 ත් 5 ත් ඇතුළත සුවය ලබා ඇත.
    ඉන්හේලරය සායනික අත්හදා බැලීම් යටතේ ලබා දී ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසය හේතුවෙන් පෙනහලු ආසාදනය වූ රෝගීන්ටය.