පොලීසියට ඔතන මොකුත් කරන්න බෑ බං. උනුත් රස්සාවක් කරන්නේ. උන්ට ඉහලින් නියෝග එනවාද උන් දෙකට නැමිලා ඒක කරන්න ඕනේ. කරේ නැති වුනොත් විනය ක්‍රියාමාර්ග අනන් මනන් ගොඩයි. ඕකට තියෙන එකම විසදුම පොලිසිය අමාත්‍යංශයක් යටතට නොගෙන වෙනම පොලිස් කොමසාරිස් කෙනෙක් හරහා ස්වාධීන කොමිසමක් යටතේ පවත්වගෙන යන එක. එතකොට දේශ්පාලුවන්ට වත්, වෙන වෙන ලොක්කොන්ට හයියකාරයින්ට බෑ ඒ රාජකාරි වලට අත පොවන්න. බලපන් පිටරට කෙනා කවුද අදාල නෑ කෙලිම දඩේ හෝ හිරේ. අපේ එහෙම කරොත් පහුවදා අරූට ඉන්ක්වයිරි, නැත්තම් ඌ ට්‍රාන්ස්ෆර්. ස්වාධීන කොමිසමක් විදියට ඕක වෙනස් කරා නම් අපූරුවට වැඩ ටික කරන්න තිබ්බා. හැබැයි මේ කපේක ඒක වෙන්නේ නෑ. මොකද එතකොට දේශපාලුවන්ට ඕනේ විදියට පොලිසිය හසුරුවන්න බැරි නිසා. ඕක තේරුම් නොගෙන මේ වගේ අවස්තාවල පොලිසියට බැනලා වැඩක් නෑ බං. උන් කරන්නේ උන්ට එන කමාන්ඩ් එක විතරයි. (කප්පරක් බලු වැඩ නොකරනවා නෙමෙයි උන්. මම කිව්වේ මේ සිද්ධිය වටා තියෙන දේ)