කොරෝනා ආක්‍රමණය

kasun0011

Active member
  • Feb 17, 2009
    208
    138
    43
    මීට මාස දහයකට ඉස්සෙල්ලා බංග්ලාදේශය කොරෝනා ආක්‍රමණය පටන් ගත්තම මේ රටේ වෛද්‍යවරු රෝහල් පරිපාලනය මේ හැමදෙයක්ම ලංකාවට වැඩිය කලබල වුණා..

    කොටින්ම විදේශිකයෝ විදියට අපි අන්ත අසරණ වුණා... කිසිම විදේශිකයෙක් ප්‍රධාන නගරවල පවතින රෝහලකට ඇතුල් කර ගත්තෙ නෑ.... බොහොම බය වෙලා මිනිස්සු මාස එකහහමාරක් විතර ගෙවල් වලටම වෙලා හිටියා... ලෝකයේ හතරවැනිට අධික ජන ඝනත්වය තියෙන ඩකා නගරයේ මේ වෛරසය පාලනය කිරීම ගැන කතා කරන්න දෙයක් නෑ.. හුළඟට අහුවෙච්ච වරා ඇට පාවෙනවා වගේ මේ වෛරසය හැම ගෙදරකටම තට්ටු කරා..

    බංග්ලාදේශ කියන්නේ ඇති නැති පරතරය උපරිම තියෙන රටක්.. තියෙන මනුස්සයාට ලෝකෙ තියෙන හැම සැප සම්පතක්ම තියෙනවා... නැති මනුස්සයාට සල්ලි නැත්නම් වතුරත් නෑ...

    දරා ගැනීමේ සීමා පුපුරලා ගියා

    මිනිස්සුන්ට තීරණය කරන්න උනා කොරෝනා වලින් මැරෙනවද නොකා මැරෙනවා ද කියන එක... මිනිස්සු එකා වගේ වැඩ පොලවල් වලට ඇදුනා

    වහලා තිබ්බ ආයතන පටන් ගන්න ගත්තා.. ඒ හැම තැනකම කොරොනා පොකුරු පොකුරු හැදුනා

    මුලින් ලංකාව වගේ නිරෝධායනයට අරන් යන්න පටන් ගත්තා මුත් ඇත්තටම ඒක ප්‍රායෝගික නෑ.. කාටත් නොදැනිම ඒකත් ආණ්ඩූව අත ඇරලා දැම්මා

    මොනා උනත් එක දෙයක් තිබ්බා කොරෝනා නිසා මරණ වාර්තා වුනේ බොහොම අඩුයි දවසකට විසිපහක් තිහක් උපරිමය 50ක් පමණ තමයි මරණ වර්ථා උනේ..

    මෙහෙ ජනගහනයත් එක්ක සංසන්දනය කරාම ඉතාම සාමාන්‍ය මට්ටමක්...

    ඒ එක්කම ඖෂධ සුලබ වුණා...
    මෙහෙ වෛද්‍යවරු අනුගමනය කරපු ivermectin ප්‍රතිකාරය මා දන්නා තරමින් අති සාර්ථකයි....

    මම මේ වෙනකොට කොරෝන positive වෙච්ච විසි තිස් දෙනෙක් එක්ක බොහොම ළඟින් කටයුතු කරල තියෙනවා... ඒ කියන්නේ මම ලංකාවේ විදිහට තිස් හතළිස් සැරයක් ප්‍රථම පෙළ ආසාදිතයෙක් වෙලා ඉවරයි. .

    මටත් රෝග ලක්ෂණ ආවේ නැත්තේ නැහැ

    නමුත් ඒ කියන තරම් කිසිම අමාරුවක් ඇති උන් නෑ... මම කිසිම දවසක ආයතන නිවාඩු අරගෙන නෑ .. අපි වැඩ කරා...

    අවසානේ මේ මිනිස්සු කොරොනා පරාජය කළා

    ආණ්ඩුව කොරොනා වලට මූලික තැන දෙන එක නතර කරා...

    අද රට බොහොම සාමාන්‍ය විදියට දුවනවා කම්මල් වැඩ කරනවා මිනිස්සු පාරවල බැහැලා යනවා... මේ මිනිස්සුන්ට කොරෝන කිව්වොත් උන් අපිට ගහනවා

    ආයෙත් මම ලංකාව පැත්තටඑන්නම්....

    මුළු ලෝකෙම ආර්ථිකය කඩාගෙන වැටිලා... මේ වෙනකොට ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉතාම බරපතළ අර්බුදයකට ලෝකයම මුහුණ දීලා ප්‍රදර්ශනාගාර විසිදහසකට වැඩිය මේ වෙනකොට වහලා

    දවසකට කෝටි හතරකට වැඩිය ඇඟලුම් අලෙවිය නතර වෙලා ..... දවසකට ලෝකෙ ඇගළුම් කර්මාන්තශාලා විතරක් පනහකට වැඩිය වැහෙනවා...

    ලංකාවේ ප්‍රධාන අය ආදායම් මාර්ගයක් වෙච්ච සංචාරක කර්මාන්තය බිඳ වැටිලා....

    අපනයන කර්මාන්ත හැම දෙයක්ම බිඳ වැටිලා...

    මැදපෙරදිග යුරෝපයේ රැකියාවල් කරපු බහුතරයකගෙ රැකියා අහිමි වෙලා....

    ඇත්තම කිව්වොත් ලංකාවට විදේශ විනිමය ලැබෙන හැම මාර්ගයක්ම අවහිර වෙලා....

    රාජ්‍ය සේවයේ සිට පුද්ගලික අංශයේ කම්කරුවා දක්වා මේ හැම දෙනාටම තව බොහොම ටික කාලයකින් මූනදෙන්න වෙන තත්ත්වය ඉතාම බැරෑරුම් වෙනවා...

    ලංකාවේ බහුතරයක් දෙනා ව්‍යාපාර කරන එදාවේල හම්බ කරන අය...

    මොහොතකට හිතන්න ඒ මිනිස්සුන්ට මේ දේ තව කොච්චර කාලෙකට දරාගන්න පුළුවන්ද??

    තව දෙයක් ලංකාවේ සමාජයේ අපි හැමෝම බොහෝ දෙනා අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය ඇත්තටම වැරදියි... බහුතරයක් ණයබරින් මිරිකලා අනවශ්‍ය හීන පස්සෙ දුවලා අතරමං වෙලා ඉවරයි...

    මේ මිනිස්සුන්ට ජීවත්වෙන්න වෙන හෙට දවස මොනවා වෙනවද කියලා හිතාගන්න බැහැ

    ආණ්ඩුවක් විදිහට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් ලංකාවෙ නෑ....

    ලංකාවෙ නෙමෙයි ලෝකෙ මොන රටකවත් නෑ

    මම පුන පුනා කියන්නේ මම අත්දැකපු දේ...

    මේ වෛරසය ව්‍යාප්තිය අති වේගවත්....

    මේකෙන් බේරෙන්න කාටවත් බෑ හැමෝටම හැදෙනවා...

    නිවැරදි ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරනවා නම් මේ කියන තරම් භයානක නෑ..

    හොඳම උදාහරණය ය මිනුවන්ගොඩ පොකුරේ කීදෙනෙක් මිය ගියාද?

    පෑලියගොඩ පොකුරු කීදෙනෙක් මිය ගියාද?

    වෛරසයක් විදිහට හැදෙන හැමෝම මැරෙන තරම් බරපතළ තත්ත්වයක් මේකෙ නෑ...

    මාධ්‍ය හරහා මවපු හා භයංකාර චිත්‍රයක් මිනිස්සු අතර තියෙන්නේ...

    මට කියන්න බලන්න ලංකාව මේ විදියට තව කොච්චර කල් වහගෙන ඉන්න ද?

    කාගෙවත් රැකියාවල් ඉතුරු වෙයිද?

    මේ දවස් කීපයේ ඉන්දියාවේ දත්ත දකිනකොට මට හිතෙනවා ඉන්දියාව හරි පාරට ඇවිල්ල කියල

    ඔබලා අවඥාවෙන් කතා කරාට බංග්ලාදේශය දකුණු ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයට හිමිකම් කියන රට.....

    තමන්ගේ රටට ඕන කරන හැමදෙයක්ම මේ රට ඇතුලේ නිෂ්පාදනය කරනවා mobile phone එකේ ඉදලා ටීවී washing machine fridge ඊළඟට අවශ්‍ය කරන බෙහෙත් ඒ හැම දෙයක්ම උසස්ම ප්‍රමිතියෙන් මේ රටේ නිෂ්පාදනය කරනවා ලෝකෙට වැඩිම බෙහෙත් ප්‍රමාණයක් සපයන රටක් තමයි බංග්ලාදේශය...

    මම කතාකරන්නේ අත්දැකීමෙන්

    තෙරුවන් සරණින් උබ මම හරි දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙන්න නැතුව 2021 ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකන් හිටියොත් අපි එදාට කතා කරමු සහෝදරයා ද මම මේ කියන දේ ප්‍රායෝගිකව ලංකාවේ පොළවේ වෙන්න ගන්නවා.....

    මිනිස්සු කොරෝනා අමතක කරලා ජීවිතේ පටන් ගන්නවා ආයි පාරවල් වල මිනිස්සු එකතු වෙනවා... රට දුවන්න ගන්නවා...

    අපි මේ එදාකරේ මොන අපරාධයක්ද කියලා එදාට කතා කරයි

    අත්දැකීම් ජීවිතයට ගොඩක් දේවල් ගෙනල්ල දෙනවා...

    කොරෝනා වලට බයේ ගෙදරින් එළියට බහින්න නැතුව හිටපු මම අද කොරෝනා එක්ක ජීවත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ... අනවශ්‍ය බිය අපේ මුළු ජීවිතේම වෙනස් කරනවා...

    බිම් මට්ටමේ ප්‍රායෝගික යථාර්ථය අපි මීට වැඩිය වෙනස් විදියට දකින්න ඕනි...

    ලෝකයේ වැඩිම ජනගහනයක් තියෙන චීනය මේක මේ විදියට පාලනය කරන්න පුළුවන් කියලා ඔබල තාමත් විශ්වාස කරනවා නම් ඒක තමයි ලොකුම විහිලුව....

    චීනෙ තමන්ගේ ලොකුම ආර්ථිකය තියාගෙන මුළු ලෝකයම ගිලගෙන තමන්ගේ බලය පතුරු ගෙන යනවා...

    ඇයි මේක බහූතරයකට තේරුම් ගන්න බැරි කියන එක මට තාම ප්‍රශ්නයක්...

    Corona අපිට දීපු චීනාගේ හැම දෙයක්ම පාලනය කරලා ඉවරයි , ඒ මොන විහිළුවක් ද????

    මේක තනිකර මාස්ටර් ගෙම් ප්ලෑන් එකක්...

    ලෝකෙ මාධ්‍ය හරහා මේ ඉලක්කම් සෙල්ලම බෝහොම ජයටම කරගෙන යනවා...

    මේ පෘථිවියේ දිනකට කී දෙනෙක් මැරෙනවද දවසකට කී දෙනෙක් ඉපදෙනවා ද කියලා පොඩ්ඩක් සංඛ්‍යාලේඛන හොයලා බලලා ඒ සංඛ්‍යාලේඛන කොරෝනා මරණත් එක්ක සංසන්දනය කරලා බලන්න.....

    ඉපදෙන අපි කවදා හරි කොහොමහරි කොතන හරි මැරෙනවා...

    එක නවත්තන්න කාටවත් බෑ...

    නමුත් මේ කරන සෙල්ලමත් එක්ක මම එකඟ නෑ... හෘද සාක්ෂියට එකඟව ලබපු අත්දැකීම් එක්ක මට එකඟ වෙන්න බැහැ සමහර විට මම වැරදි වෙන්න පුළුවන්

    මම වැරදියි කියලා මමම හිතලා මම දකින දේ කියන එක නවත්තන්නේ නෑ මචං...

    තෙරුවන් සරණින් පරිස්සමින් හිටපන්...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    10,586
    1
    50,884
    113
    93
    හෝමාගම
    සරලව කියනව නන් මේ මගුල ඉවර වෙන්නෙ නෑ. හරි හමන් ප්‍රොටොකෝල් එකක් හදාගෙන ඒකත් එක්ක ජීවත් වෙන්නයි ඕනෙ. ඒක කරන්න ඕනෙ මිනිස්සු මිසක් බයි/ටොයි ආන්ඩු නෙවෙයි. වැඩි වගකීම මිනිස්සු අතේ. මාස්ක් පැත්තක දාල කඩ/ ගෙවල් මන්කොල්ල කන දවස වැඩි ඈතක නෙවෙයි.
    ඊට කලින් මේ වල් බූරු ආන්ඩුව හරි වැඩපිලිවලක් හදන්න ඕනෙ. 5000හෙයි, බඩු මල්ලෙයි ගොන ආතල් දෙන්නෙ නැතුව.