කොරෝනා ඉතාලියේ සිට හොරෙන්
කොරෝනා ආසාදිතයන් දෙදෙනා ඉතාලියේ සිට හොරෙන් ආ හැටි
ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් රෝගී තත්ත්වයෙන් පසුවන බව සඟවා අනවශ්‍ය කලබල ඇතිකිරීම හේතුවෙන් බොහෝ දෙනකු අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
http://www.lankadeepa.lk/latest_news/කොරෝනා-ආසාදිතයන්-දෙදෙනා-ඉතාලියේ-සිට-හොරෙන්-ආ-හැටි/1-567741
කොරෝනා ආසාදිතයන් දෙදෙනා ඉතාලියේ සිට හොරෙන් ආ හැටි
ඔහු මේ බව කියා සිටියේ අද (14) සවස මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
''මේ පිරිස ඉතාලියෙන් පිටවී තිබෙන්නේ බොරු කරලා. මෙහෙට ඇවිත් අපිටත් බොරු කිව්වා. තමන්ගේ රෝගී බව සඟවන්නටත් කටයුතු කළා. ප්‍රතිකාර අවශ්‍ය නැති බව පැවසුවා.''
''මේ නිසා නිරෝධායන මධ්‍යස්ථානයේ අය පවා අවදානමට ලක්වී තිබෙනවා'' යයි අනිල් ජාසිංහ මහතා පැවසීය.
''ඔවුන් රෝගී තත්ත්වයෙන් සිටිය දී ඉතාලියෙන් පිටවිය නොහැකි නිසා මිලානෝ නගරයේ සිට සැතපුම් 800ක් පමණ මෝටර් රථයකින් ගොස් කුඩා ගුවන් තොටුපොළකින් ගුවන් ගත වී මේ රටට ඇවිත් තියෙනවා. ඔවුන් පැරසිටමෝල් පානය කර උණ බස්සගෙන තමයි මේ විදියට කිසිවෙකුටත් නොකියා හැමෝම නොමඟ යවමින් පැමිණ තියෙන්නේ''
ඔවුන් ශ්‍රී ලංකාවට ඇවිල්ලත් මේ බව කීවේ නැහැ. දැන් ඒ ආකාරයෙන් පැමිණි 16 දෙනෙක් ඉන්නවා. කන්දකාඩු නිරෝධායතන මධ්‍යස්ථානයේ අය පවා මේ අය නිසා අවදානමට ලක්ව තිබෙනව''
ඔවුන් ශ්‍රී ලංකාවට ඇවිල්ලත් මේ බව කීවේ නැහැ. දැන් ඒ ආකාරයෙන් පැමිණි 16 දෙනෙක් ඉන්නවා. කන්දකාඩු නිරෝධායතන මධ්‍යස්ථානයේ අය පවා මේ අය නිසා අවදානමට ලක්ව තිබෙනව''
''ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේ දී විරෝධයක් දැක්වූ නිසා බොහෝ දෙනකුට ඔවුන්ට කිට්ටු වීමට සිදුවුණා. ඉන් පසු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ දී ඊට ඇතුළු නොවී විරෝධයක් දැක්වූ නිසා එතැන දී නැවතත් අනෙක් අයට සිදුවුණා ඔවුන්ට සමීප වීමට''
''වාසනාවකට මෙන් මේ 16 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිහින් තියෙන්නේ එකම බසයක. මේ වනවිට මොවුන් 16 දෙනා වෙන්කර තබාගන්න යුද හමුදාව කටයුතු කර තිබෙනවා." යැයි අනිල් ජාසිංහ මහතා පැවසීය.
http://www.lankadeepa.lk/latest_news/කොරෝනා-ආසාදිතයන්-දෙදෙනා-ඉතාලියේ-සිට-හොරෙන්-ආ-හැටි/1-567741
Last edited: