කොරෝනා නිසා ඔබට වෙච්ච හොඳ දේවල්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    කොරෝනා නිසා ඔබට වෙච්ච හොඳ දේවල්

    මම කාලෙක ඉඳන් internet browsing වලට නොදැනුවත්වම ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්න බව මට දැන් දැන් තේරෙනවා. මගේ wife මට ඒක නිතරම කියනවා. ඒක මට මුලින් තේරුනේ නැහැ. විශේෂයෙන් එළකිරි එකටත් ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නේ. මොකක් හරි දන්නේ නැති දෙයක් හම්බුනාම ඒක ගැන හොයා හොයා දිගටම යනවා. අන්තිමට පැය ගානක් නාස්ති වෙලා. මම මේ නාස්ති කරන්නේ මගේ පවුලේ අය වෙනුවෙන් ගත කරන කාලේ නේද කියල මටම තේරුණා. සමහරවිට උඹලටත් එහෙම වෙලා ඇති.

    ඉතින් මන් මේ කියන්න හැදුවේ, කොරෝනා සිද්දියත් එක්ක ලැබුණු විවේක කාලේ නිසා මම අයෙත් පොත් කියවන්න පටන් ගත්තා, මගේ පුංචි බබා එක්ක ගොඩක් කාලේ ගත කරන්න වෙලාව හම්බුනා, wife එක්ක වැඩිපුර කතා කරන්න කාලේ හම්බුනා, අම්මාට නිතර නිතර call කරන්න හම්බුනා, wife ලගේ ගෙදර දැන් කට්ටියම එකතු වෙලා එළවලු හිටවන්න පාත්ති හදනවා.

    ඉතිං උඹලා මොනාද මේ වගේ කලේ?කාලෙකින් කරන්න හම්බුනේ නැති දේවල් කලාද? ගෙදර ඉඳලා ඇති වෙලා කියල ගොඩක් අය කියනවා මම දැක්කා. එහෙම හිතන්න එපා මචන්ලා අපිට අයේ මේ වගේ අවස්ථාවක් එන්නේ නැති වෙන්න පුළුවන්.

    ඉතින් තමන් කරපු දේවල් ටිකකුත් අනිත් අය එක්ක බෙදාගමු . අපිටත් ඒ දේවල් වැදගත් වෙන්න පුළුවන්.
    මැරෙන මිනිස්සු ගාන ගණන් කරන එක, දේශපාලකයන්ට බණින එක, මුස්ලිම් උන්ට බණින එක, එළකිරියේ විරුද්ද මතදාරින් එක්ක මරාගන්න ගමන් මේකටත් comment එකක් දාගෙන යමු.

    එහෙනං හැමෝටම නිදුක් නිරෝගී ජිවිතයක් ලැබේවා, කොරෝනා වලින් ආරක්ෂා වෙලා ජිවත් වෙන්න වරම් ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා!
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිය කන්නේ කුඹුරු දෙකක් වැඩ කරගත්තා..ඒ හින්දා හාල් වලින් අවුලක් නෑ...කොහොමත් ගමේ කෑමනේ කන්නේ..මේ දවස්වල අලකොල,කොස්,පලා ජාති වැඩි පුර කන්නේ..
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    Me dan kiyawana poth 2

    283-BA0-ED-29-BD-4-C05-9-F9-B-104298179-FC2.jpg
     
    • Like
    Reactions: todd2231048

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    hondama de thama athi tharam kale thiyenwa one deyak karanna


    eth thama eka wadak wath patan ganna hitha hadaganna bari eke awulak thiyenne


    kohomari e alakanni feeling ekakth nathi karagannwa ikamantama


    *** mewa thama karanna inna wada ***


    *gedara renovate kireema (cement+sand+stone+tools have)
    *waththa aluth design ekakata landscaping kireema
    *learning
    *



    old bike ekak have eka restore karanna tools na nathnam eka thamayi 1st karanna ona wade.:sorry::sorry::sorry:




    timetable ekak hadagaththa nam hari kiyala hithila thiyenne dan:yes:



    dawasama corona news + online hitiyoth depression wenwa nikamma:baffled:
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තාත්ත එක්ක කැලේ ගියා මචං කූඩ වියන්න වේ වැල් කපන්න වෙනිවැල් ගැට කපන් එන්න...

    මම කොරොනත් එක්කම ගමට ආව මචං.. ඔෆිස් අවර්ස් වැඩ කරනව 9-5.. හවසට එලවලු කොරයුවෙ වැඩ කරනව තාත්ත එක්ක. වීකෙන්ඩ්ස් වල ෆුල් ටයිම් සප්1 තාත්තට.. ලොකු කොරටුවක් හැදුවා.. තඩි ගල් වැටක් බැන්දා අඩි60ක් වගේ දිග.. ඊයෙන් සේරම වැඩ ඉවර උනා.. අද කැලේ ගියා... ගිහින් දැන් ආවේ උදේ ගිහින්. කූඩැල්ලො විමානේ. මහ කැලේ වැවක් බැදලා ගම්මු වතුර අඩු නිසා දොල පාරවල් වල... සේරම බලල කැලේ පාලු ඉඩමකින් කුරුම්බ කඩන් බීලා ගෙදර ආවෙ වෙනිවැල් සහ වේ වැල් කපාගෙන . කිලො 20 30වැල් ගෙනාව.මාන්සි අප්පා... මට නම් දැන් හොදට තේරනව මේ ගස් වැල් එක්ක ජිවිතෙ තමා පැවැත්මක් තියන දේ කියලා... අහ්හ් තව අර පාලු ඉඩමෙන් කරපිංච කඩන් ආව කැදක් හදන්න...

    up05.jpg


    up02.jpg

     
    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ලොකු දුව පොඩි කාලේ ගෙදර ඉන්න හම්බ වුනේ නැ.දැන් පොඩි දුවත් එක්ක වැඩි කාලයක් ගත කරනවා. වැඩට යද්දී ගෙදර අය එක්ක කෑම කන්න වත් වෙලවක් නෑ. දැන් ගෙදර අය එක්ක ගත කරන්න කාලය ලැබිල තියෙනවා. පොත් කියවනවා. එලවලු ටිකක් හදනවා. නරකට වඩා හොද තියෙනවා මචන්.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    ලොකු දුව පොඩි කාලේ ගෙදර ඉන්න හම්බ වුනේ නැ.දැන් පොඩි දුවත් එක්ක වැඩි කාලයක් ගත කරනවා. වැඩට යද්දී ගෙදර අය එක්ක කෑම කන්න වත් වෙලවක් නෑ. දැන් ගෙදර අය එක්ක ගත කරන්න කාලය ලැබිල තියෙනවා. පොත් කියවනවා. එලවලු ටිකක් හදනවා. නරකට වඩා හොද තියෙනවා මචන්.

    Ahannath santhosai :D
     
    • Like
    Reactions: todd2231048

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ජන ජිවිතේ සහ මුලින්ම අවුල් උනා මී රෙද්ද නිසා , හොදක් නම් 10% ඇති , වෙන නම් වැඩක් නැ:angry::angry::angry:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    ජන ජිවිතේ සහ මුලින්ම අවුල් උනා මී රෙද්ද නිසා , හොදක් නම් 10% ඇති , වෙන නම් වැඩක් නැ:angry::angry::angry:

    Karannama deyak nattan pothak wage liyanna gattoth moko? Apith gannan copy1 :P
     
    • Like
    Reactions: todd2231048

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    call කරනවා , whats app , vibor කරනවා , බඩු ගන්න තැන වලින් නො answer / reply , පිස්සු වගේ , ඉතින් මොන පොත් ලියවිලිද ?
    office වැඩ කරන්නෙත් හෙන slow මී ප්‍රශ්න නිසා

    Karannama deyak nattan pothak wage liyanna gattoth moko? Apith gannan copy1 :P
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    call කරනවා , whats app , vibor කරනවා , බඩු ගන්න තැන වලින් නො answer / reply , පිස්සු වගේ , ඉතින් මොන පොත් ලියවිලිද ?
    office වැඩ කරන්නෙත් හෙන slow මී ප්‍රශ්න නිසා

    :baffled::(:dull:
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    මේ වෙච්ච දේවල් කොරොනා වලින් ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා. අපි එදිනෙදා කරන දේවල් වලින් 90% ම දෙවල් සල්ලි හම්බ කරන්න කරන්නෙ. ඉට පස්සෙ ඒක වියදම් කරනව බිල් ගෙවන්න .කනවා වැඩ කරනව නිදාගන්නව. මොකක්ද මේ ජිවිතේ කියල හිතිලා තියෙන්නෙ. මෙකෙ කිසි අවසනයක් නෑ නේ .

    ආද්‍යාත්මික පැත්තට පොඩ්ඩක් මෙ ටිකෙ යොමුවෙලා ඉන්න්වා . අඩුම එකෙන් යන තැනකටවත් දෙයක් වෙයිනේ .
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    Me dawas wala poth kiyawanawa, bana ahanawa, thawa online video tutorials balala igena gannawa.
    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.
     
    Last edited:
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මේ දවස්වල මගේ ගෙදර හදනවා. කොරෝනා නිසා වැඩ නැවතුණා. මම ගොඩක් වැඩ තනියම මමම කර ගත්තා.
    ඇඳිරි නීතිය ඇරෙන වෙලාවට හාඩ්වෙයාර් එකට දුවලා සිමෙන්ති එහෙම ගෙනෙල්ලා සෑහෙන වැඩ කොටසක් කරා.
    මම මේසන් වැඩ කරන පළවෙනි වතාව මේ. ගෙදර තියනවා ඕපන් කෝට් යාඩ් එකක් පොඩි. මං ඒක වටේ අඩි තුනක් විතර උස බැම්මක් බැඳලා කපරාරු කරලා සුද මැද්දා. හැන්දෑවට එහෙම වාඩි වෙලා ඉන්න.
    තව තාප්පෙ පේන්ට් කරා.

    91388986_10158624627841435_6578719239710965760_n.jpg
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA