කොරෝනා නිසා ගඳ සුවඳ දැනෙන්නෙ නැති වෙන්නෙ මෙහෙමයි

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    746
    2,110
    93
    33
    කොරෝනා නිසා ගඳ සුවඳ දැනෙන්නෙ නැති වෙන එක දැන් ප්‍රසිද්ධ කතාවක්. සමහර පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා කොරෝනා රෝගීන් අතර සුවඳ දැනීමේ අපහසුතා (සම්පුර්ණයෙන් සහ සුළු වශයෙන් සුවඳ දැනීම අහිමි වීම) 80% තරම් ලොකු අගයක් ගන්නවා. මේ නිසා සමහර විද්‍යාඥයන් යෝජනා කරනවා මේ සුවඳ දැනීමේ අහිමි වීමේ සිද්ධිය කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ කිරීමේ මූලික සාධකයක් කර ගමු කියලා. මම දන්න දෙන්නෙක්ම PCR කලා සුවඳ දැනෙන එක නතර වෙලා, උණ හෝ කැස්ස මොනවත් නැතිව, දැනුවත්ව කොරෝනා රෝගියෙක්ට නිරාවරණය නොවී සැකේට කරපු PCR එක දෙන්නගෙම පොසිටිව් වුනා. මේ නිසා මේක ගැනත් අවදානයෙන් ඉන්න, මොකද කිසිම රෝග ලක්ෂණයක් නැතුව සුවඳ දැනීම අහිමි වෙච්ච කොරෝනා ආසාදිතයෝ ඉන්න නිසා.

    කොහොමහරි ඉස්සෙල්ල විශ්වාස කලේ කොරෝනා වෛරසය නාසයේ අපිච්ඡදය ඒ කිව්වේ නාසය ඇතුළත ආවරණය කරලා ඉන්න සෛල හරහා මොළයට ගිහින් මොළයට වෙන ඩැමේජ් එකකින් සුවඳ දැනෙන එක අහිමි වෙනවා කියලා. දැන් පරීක්ෂණ මඟින් හොයාගෙන තියෙනවා ඒකට වඩා සෘජු හේතුවක්.

    නාසය ඇතුලේ කුටීරය ගෙයක් වගේ. බිත්ති හතරකුයි වහලයකුයි තියෙනවා. මේ වහලේ උඩ තමා ආඝ්‍රාණ ස්නායුව තියෙන්නෙ. ආඝ්‍රාණ ස්නායුවෙන් විහිදෙන ප්‍රතිග්‍රාහක වහලෙන් පහලට ඇවිල්ල තියෙන්නෙ. අපි හුස්මක් ගන්නකොට ඒ වාතයේ තියෙන රසායනික ද්‍රව්‍ය ශ්ලේෂ්මල කොටින්ම හොටු එක්ක දියවෙනවා. ඒ දිය වෙච්ච රසායනික ද්‍රව්‍ය ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක වල ගෑවුනාම උත්තේජනය වෙලා ආඝ්‍රාණ ස්නායුව හරහා මොළේට ගියහම තමා සුවඳ මොළන් අඳුරගන්නෙ. හරි ඔය කිව්වේ නෝමල් වෙන දේ. දැන් බලමු කොරෝනා මොකක්ද මේක වලක්වන්න කරන්නෙ කියලා.
    Olfactory.jpg


    කොරෝනා වෛරස් එකට ගිහින් හැම සෛලයකටම බැදෙන්න බෑ. කොරෝනා වලට බැදෙන්න පුලුවන් ACE-2 කියන ප්‍රතිග්‍රාහක ප්‍රෝටීනය සෛලයේ පටලයේ තියෙනවා නම් විතරයි. ඔන්න ඔය ප්‍රෝටීනය පෙනහල්ලේ සෛල වල තියෙන නිසා තමා කොරෝනා හුස්ම හරහා පැතිරෙන්නේ. කොරෝනා වලට නම එන්නේ වෛරස් එක වටේ තියෙන කූරු නිසානෙ. අන්න ඒ කූරු වලින් තමා ඌ අපේ සෛල වලට බැඳන්නෙ.

    හැබැයි ආඝ්‍රාණ ස්නායුවේ ඔය කියපු ACE-2 කියන ප්‍රෝටීන් එක නෑ. ඒක නිසා වෛරස් එකට ආඝ්‍රාණ ස්නායුවට බලපෑමක් සෘජුව කරන්න බෑ. ඒත් නාහේ වහලේ ඔය කියපු ප්‍රතිග්‍රාහක වටේ ආඝාණ ස්නායුවට සපෝට් කරන සෛල වල ACE-2 කියන ප්‍රෝටීන් එක තියෙනවා. සපෝට් කරනවා කියන්නෙ ස්නායුවක ආවේග නිකම්ම හට ගන්නෙ නෑ. ඒකට වෝල්ටේජ් එකේ වෙනසක් ඕනෙ. ඔය වෝල්ටේජ් එක වෙනස් කර ගන්න පුලුවන් වෙන්නෙ අපේ ඇඟේ අයන වල සාන්ද්‍රණ වෙනසකින්. දැන් මම කියපු නාස් වහලේ තියෙන ස්පෝට් කර්න සෛල වලින් කරන්නෙ ඔය අයන මට්ටම සුදුසු ලෙවල් එකට තියගන්න එක. ඒ සෛල වෛරස් එකෙන් විනාස වුනාම අයන මට්ටම වෙනස් වෙනවා. එතකොට ආඝ්‍රාණ ස්නායුවට මොලේට පණිවිඩ යවාගන්න බැරි වෙනවා. තව ඔය සෛල විනාශ වුනාම ශ්ලේෂ්මල රඳවා ගන්න බැරි වෙනවා. එතකොට අර සුවඳ ගේන රසායනික ද්‍රව්‍ය වලට රැදෙන්න බැරි වෙන නිසාත් සුවඳ දැනෙන එක නැති වෙනවා.
    jnc15197-fig-0003-m.jpg


    ඊළඟ ප්‍රශ්නේ මෙහෙම වෙන අයට ආයෙ ජීවිත කාලෙටම සුවඳ දැනෙන්නේ නැති වෙනවද? ඒක.ලෙඩාගෙන් ලෙඩාට වෙනස්. ගොඩක් අයට නම් සති කීපයකින් යථා තත්ත්වයට පත් වෙලා තිබ්බා. එක පාරටම ස්විච් එකක් ඕෆ් කලා වගේ සුවඳ දැනෙන්නෙ නැති අයට ඉක්මනට හොඳ වෙන ගතියක් තියෙනවා. ටික ටික සුවඳ දැනෙන්නෙ නැති වෙලා ගිය අයට තමා කාලයක් ගිහින් තිබ්බෙ සුවඳ දැනීමේ හැකියාව ආපහු ලැබෙන්න.

    එතකොට නිකන් හෙම්බිරිස්සාවට සුවඳ දැනෙන එක නැති වෙන්නෙ?? ඒක වෙනම විදියක්. ඒක වෙන්නෙ ශ්ලේෂ්මල නිසා නාහෙ පිරෙන නිසා අර රසායනික ද්‍රව්‍ය වලට ආඝ්‍රාණ ස්නායුවේ ප්‍රතිග්‍රාහක වලට යන්න අමාරු නිසා. සෛල විනාශ වීමක් ඒකෙ වෙන්නෙ නැති නිසා, නාහෙ හොටු අඩු වෙනකොට ආපහු සුවඳ දැනෙන්න ගන්නවා.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට සුවඳ දැනෙන්නෙ නැති උනා ගිය අවුරුද්දෙ මාර්තු වල, සුවඳ දැනෙන්නෙ නෑ කියලා දැනගත්තෙත් අහම්බෙන්. නැතුව ඒක එක පාරටම ක්ලික් වෙන දෙයක් නෙමේ. සතියකින් විතර හරි ගියා.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    746
    2,110
    93
    33
    කොරෝනා හැදුනද?
    මට සුවඳ දැනෙන්නෙ නැති උනා ගිය අවුරුද්දෙ මාර්තු වල, සුවඳ දැනෙන්නෙ නෑ කියලා දැනගත්තෙත් අහම්බෙන්. නැතුව ඒක එක පාරටම ක්ලික් වෙන දෙයක් නෙමේ. සතියකින් විතර හරි ගියා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොරෝනා හැදුනද?
    ගිය අවුරුද්දෙ මාර්තු වල ගඳ සුවඳ දැනෙන්නෙ නැති එක කොරෝනා ටෙස්ට් කරන්න හේතුවක් වෙලා තිබුනෙ නෑ. එක්කො වූහාන් වල ඉඳලා ඇවිල්ලා තියෙන්න ඕන කිවුවා නැත්නම් රෝගියෙක් එක්ක ඩිරෙක්ට් කන්ටැක් එකක් තිබිලා තියෙන්න ඕන කිවුවා. ඒ හින්දා මට ටෙස්ට් කරේ නෑ.

    ටික දවසකට පස්සෙ මාත් එක්ක මීටින් එකක් කරපු කෙනෙක් කොරෝනා හැදිලා මැරෙන්නම ගිහින් යන්තම් ගොඩ ආවා. ඒ හින්දා මම හිතන්නෙ මටත් හැදෙන්න ඇති.

    මට කවදාවත් මීට කලින් ගඳ සුවඳ දැනෙන එක නැති වෙලා තිබුනෙ නෑ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    මම දන්න positive කෙනෙකුත් කිව්වා... කිසිම උනක් හෙම්බිරිස්සාවක් ආවෙ නැහැ කිව්වා.. ගද සුවද දැනෙන එක නැතුව ගියපු එක උනේ කිව්වා...