ලංකාවේ තවමත් කොරෝනා ඉන්දියාව ඇමරිකාව වගේ පැතිරීමක් නෑ..- සෞඛ්‍ය ඇමතිනී
October 10, 2020 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉන්දියාව ඇමරිකාව යන රටවල ආකාරයට සමාජයේ තැනින් තැන වාර්තා වීමක් සිදු නොවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
කොරෝනා ආසාදිතයන් මූලාශ්‍රයක් සොයා ගත නොහැකි ලෙස සමාජයෙන් හමුවීම කොරෝනා රෝගයේ සිව්වැනි අදියර බවද පැවසූ ඇය තවමත් ශ්‍රී ලංකාව එම තත්වයට පැමිණ නැතැයි ද පැවසුවාය.
ජනතාව නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිලිපදින්නේ නම් වෛරසයේ ව්‍යාප්තිය අවම කළ හැකි බවත් පැවසූ ඇය පසුගිය මාස දෙකක කාලයේදී මෙරටින් කිසිදු රෝග වාර්තා වීමක් සිදු නොවූ බවත් පැවසීය.
මිනුවන්ගොඩ කොකුරේ ආසාදිත පළමු කාන්තාව හමු වූයේ සෞඛ්‍ය අංශය නිසි අවධානයෙන් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස බවද පැවසූ ඇය නිරන්තරයෙන්ම කොරෝනා වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන් සිටින බව ද සඳහන් කළාය.