කොරෝනා රටපුරා ව්‍යාප්ත වන අදියරේ.. පාලනය &#34

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොරෝනා රටපුරා ව්‍යාප්ත වන අදියරේ.. පාලනය &#34

    කොරෝනා වෛරසය මේ වන විට පවතින්නේ රට පුරා ව්‍යාප්ත වන අදියරේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
    එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ආනන්ද මහතා සඳහන් කරන්නේ මෙම රෝගය මුලින් හමුවූයේ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් වුවද මේ වන විට මෙරට පුද්ගලයන් අතර ද මෙය පැතිරීම ආරම්භවී ඇති බවයි.




    කොරෝනා වෛරසය බෝවන වේගය ඉතා වැඩි බවත් එය විශාල පිරිසක් අතර පැතිර ගියහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට එය දරාගත නොහැකි බවත් ඔහු කියා සිටී.
    මෙය පාලනය කිරීම සඳහා හැකිතාක් ගමන් බිමන් අඩු කරන ලෙස ජනතාවගෙන් කොතෙක් ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාර එතරම් යහපත් නොවන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
    ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එය පාලනය කිරීම අසීරු වනු ඇති බවත් කී ඔහු රටක් ලෙස කල්පනා කර නිසි ලෙස කටයුතු කලොත් මෙය පාලනය කල හැකි බවද පැවසීය.
    කෙසේ නමුත් රජය රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මෙය මර්ධනය සඳහා සැලකිය යුතු ප්‍රශස්ත වල මැදිහත්වීමක් සිදු කරමින් සිටින බවත් ජනතාව වුවද ඉතා සුළු පිරිසක් විසින් සිදුකරන කටයුතු අතහරින්නේ නම් එය පාලනය කළ හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.
    ජනතාව තනි තනිව කල්පනා කර වගකීමෙන් කටයුතු නොකලහොත් මෙය පාලනය කල නොහැකි මට්ටමකට යා හැකි බවත් ඔහු තව දුරටත් අවධාරණය කලේය.
     

    Similar threads