කොරෝනා රෝගීන් සියලූ දෙනා දින 4කදී සුව

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka

    බෙහෙතට රාජ්‍ය අනුග‍්‍රහය දුන්නොත් ලංකාවේ කොරෝනා රෝගීන් සියලූ දෙනා දින 4කදී සුව කරනවා.... සල්ලි එපා:
    පිරිසිදු මී පැණියි සාදික්කායි දුන්නා නම් ඇති
    පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඞී.එම්. ධම්මික බණ්ඩාර
    මෙම බෙහෙත රාවණා රජු කල සිට පැවතෙන්නක්. පෙර සිටි මහරහතුන් පවා වසංගත රෝග සඳහා පාවිච්චි කර තිබෙන වටිනා බෙහෙතක්. අත්දුටු බෙහෙතක්. එම නිසා රාජ්‍ය හා සෞඛ්‍ය සම්බන්ධ ආයතනවල අනුග‍්‍රහයෙන් බෙහෙතට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දුන්නොත් දින හතරක කාලයක් තුළදී දැනට ලංකාවේ සිටින කොරෝනා රෝගීන් සුව කිරීමට මට හැකියාවක් තියනවා යැයි කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම මහාවීර බද්ධ කාලී දේවාලයේ ධර්මාචාර්ය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඞී.එම්. ධම්මික බණ්ඩාර මහතා පැවසීය.
    මේ සම්බන්ධව තවදුරටත් අප සමග විස්තර කළ වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා මෙසේ ද කීවේය.
    meepaniකොරෝනා වසංගතයට ගොදුරු වූ රෝගීන් සුවපත් කිරීම සඳහා මම බෙහෙතක් සාදා තිබෙනවා. ඒ සඳහා ලංකාවේ තිබෙන බෙහෙත් වර්ග හතරයි අරන් තියෙන්නේ. එකක් පිරිසිදු මී පැණි, මී පැණි හොඳ ජීව පදාර්ථයක්. මේ ඖෂධය දීලා රෝගය සුව කරලා තියෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන්. මෙම බෙහෙත අවසන් වශයෙන් දුන්නේ වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයට. එතන රෝගීන් 146 දෙනකු සිටියා. ඒ සියලූ දෙනාටම බෙහෙත් දුන්නා. දින 4ක් යන විට සුවවී තිබුණා. මේ සඳහා බිය වන්න අවශ්‍ය නැහැ. සත්තකින්ම මෙය ජීවමාන ඖෂධයක්. මෙම බෙහෙත් පාවිච්චි කළොත් සැක සිතන්න එපා, රෝගය සුව වෙනවා. අනිත් එක මේක නොමිලයේ ලබා දෙන්නේ.
    මෙම බෙහෙත් සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. රජයෙන් හෝ වෙනත් ආයතනයකින් මෙම බෙහෙත් සොයා ගැනීමට අවශ්‍ය නිසයි රාජ්‍ය අනුග‍්‍රහය ඉල්ලන්නේ. විශේෂයෙන් මම ඉල්ලා සිටින්නේ පිරිසිදු මී පැණි හා සාදික්කායි. අනිත් වර්ග සොයා ගැනීමට පුළුවන්. මී පැණි ලැබෙන කාලය තව ඉදිරියට තියෙන්නේ. සාදික්කාත් තව ඉදිරියට කඩන්න පුළුවන්. මේ බෙහෙත් දෙක තමයි සොයා ගැනීම අපහසු.
    ලංකාවේ අද වෙනකොට ආසාදිත රෝගීන් 5000 ගාණක් වාර්තා වෙනවා. මේ සියලූ දෙනාට මෙම බෙහෙත් දීලා දින තුනක දී නිට්ඨාවට සුව කරනවා. ආය කිසි දවසක හැදෙන්නේ නැහැ.
    මේක පුරාණයේ සිට පැවත එන්නක්. රාවණා රජතුමාගේ කාලයේ සිට එන බෙහෙතක්. එදා මහ රහතන්වහන්සේලා පවා පාවිච්චි කර තිබෙන බවට සඳහන් වෙනවා. ඒ කාලයේදීත් මෙවැනි වසංගත තිබිලා තියෙනවා. මේකේ තියෙන්නේ බෙහෙත් හතරයි. ඒවා සජීවී බෙහෙත්.
    ‘‘නම කියන්න බැරිද?’’ ඒ අපේ ප‍්‍රශ්නයකි.
    ඒවා පසුවට කියමු, වේලාවක් ආවොත් අපි කියමු.
    මේ ඖෂධය වටිනා එකක්. මේක මේ රෝගයෙන් පෙළෙන ලෝකයේ ඕනෑම කෙනකුට දෙන්න. මම දිව්රා කියන්නම් දින තුනකින් සුව වෙනවා. වැඩිහිටි රෝගියකුට මේස හැන්දෙන් හතරක් දිනපතා උදේ සවස බිව්වොත් මේ රෝගය නැවත හැදෙන්නේ නැහැ. ඒ තරමටම ගුණයි, අත්දුටුවයි. බිව්ව අය ඉන්නවා, සුව වෙලා ඉන්නවා. වෛද්‍යවරුන්ට, ඈත පළාත්වල අයට දීලා තිබෙනවා. ඒ අය සුවවෙලා තිබෙනවා.
    රජයේ අනුග‍්‍රහයෙන් ලෑස්ති කරනවා නම් රජයේ රෝහල්වල නේවාසිකව ඉන්න අයට බෙහෙත් දෙන්න පුළුවන්. ඒ සඳහා සැලසුමක් කර දෙන්න. මුදල් එපා. මෙම බෙහෙත් බෝතලයක් හදා ගන්න රුපියල් හයදාස් පන්සියයක් වියදම් වෙනවා. බෙහෙත හොයන්න මහන්සි වෙන්න ඕනෑ. ශ‍්‍රමය යොදන්න ඕනෑ. එම මුදලවත් අපට ඵපා. අවශ්‍ය බෙහෙත් ටික සොයා දෙන්න.
    මෙම බෙහෙත මගින් කී දෙනෙකූ සුවවෙලා ඉන්නවද?
    එය අප යොමු කළ තවත් ප‍්‍රශ්නයකි.
    මම අන්තිමට දුන්නේ වතුපිටිවල රෝහලට. එහි 146 ක් හිටියා කියලා මම කිව්වනේ. ඒ අයගෙන් පී.සී.ආර්. පරීක්ෂණ කළා. එයින් පස්සේ සුවවෙලා කියලා තියෙනව. අම්බලන්තොට පැත්තටත් අරන් ගියා. ඒ අයත් සුවවෙලා තිබෙන බවට පණිවුඩ ආවා.
    මම මෙම බෙහෙත දුන්නේ පළමුවෙන්ම කොරෝනා හැදෙන සංචාරකයින් ගෙනයන මගපෙන්නන අයෙකුට. ඔහු සමග 11 දෙනෙක් හිටියා. ඉන් 10දෙනෙක් නිරෝධායනයට ලක් වුණා. එක් අයෙක් පැනලා ගියා. ඔහු ආසාදිතයෙක්. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට. කැස්ස, උණ තිබුණා. ගිලීමේ අපහසුකම් තිබුණා. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට, ඔහු සුව වුණා. දවස් දෙකයි, බේත් දුන්නේ හතර වේලයි. ඉන් පසුව සුව වුණා. එතනින් පස්සේ තමයි මම අනිත් අයට ප‍්‍රතිකාර කරන්න ආරම්භ කළේ. මට තිබෙනවා දිෂ්ටි බලයක්. ඒකත් උපයෝගී කර ගන්නවා. මෙම බෙහෙත උපයෝගී කරගෙන අපි සියලූ දෙනා නිදුක්වෙන්න නිරෝගිවෙන්න කටයුතූ කරමු යැයි ද හෙතෙම පැවසීය.


    කෑගල්ල එම්. බී. පහලවත්ත
    -Divaina-
    127668620_1366553550348704_7108478059539422591_n.jpg
     
    • Haha
    • Like
    Reactions: batwise and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    9ku0pNy.jpg


    ශ්‍රී ලංකාවේ කුළුබඩු අතුරින් ගම්මිරිස් හා කුරුඳු හැරුණ විට ඉතා වැදගත් ස්ථානයක් හිමිවන බෝගයක් ලෙස සාදික්කා සැලකිය හැකිය. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ මේ බෝගය මඟින් සාදික්කා හා වසාවාසි ලෙස කුළුබඩු ආකාර දෙකක්ම ලබාගත හැකිවීමයි. මෙහි ඵලයෙහි බීජයේ ඇති මදය නැතහොත් භ්‍රෑණ පෝෂය සහ කලලයේ එකතුව සාදික්කා ලෙස හඳුන්වයි. එම බීජය වටා දැලක් ලෙස පිහිටා ඇති තරමක් ප්‍රත්‍යස්ථ ස්වභාවයක් ගන්නා රතු පැහැති ආවරණය නැතහොත් බීජ කවචය වසාවාසි ලෙස හඳුන්වයි. මේ නිසා සාදික්කා අනෙකුත් කුළුබඩු බෝගවලට වඩා වැදගත් අපනයන කෘෂිකර්ම බෝගයකි.

    පාරිසරික සාධක හා ව්‍යාප්තිය

    සාදික්කා ඝර්මකලාපීය රටවල පමණක් හමුවන සදාහරිත බෝග ශාක විශේෂයකි. ප්‍රධාන වශයෙන් ග්‍රෙනෙඩාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව යන රටවල බහුලව වගා කෙරේ. ශ්‍රී ලංකාවේ මැදරට ප්‍රදේශයේ තෙත් හා අතරමැදි කලාපවල පහසුවෙන් වගා කළ හැකිය. වසර පුරා හොඳින් විසිරුණ වර්ෂා පතනයක් සහිත (මි.මී. 1500 – 2000), ජලය හොඳින් බැසයන කාබනික ද්‍රව්‍ය බහුලව ඇති පසක් සහිත ප්‍රදේශ ඉතාමත් සුදුසු වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙ.ග්‍රේ. 25 – 27 පරාසයක් සහිත ප්‍රදේශ වඩාත් හිතකර වේ. ක්ෂේත්‍රයේදී මුල් වසර 4 -5 කාලය තුල ප්‍රමාණවත් පරිදි සෙවණ තිබිය යුතු අතර, එය කාලයත් සමඟ ක්‍රමයෙන් අඩුවී ඉන් පසු කාලයේදී වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා හොඳින් සූර්යාලෝකය ලබාදිය යුතුවේ.

    සාදික්කා ශාකයේ උද්භිද විද්‍යාත්මක ලක්ෂණ

    මෙම ශාකය සදාහරිත, සාපේක්ෂව විශාල ලෙස වැඩෙන වෘක්ෂයක් වන අතර මීටර් 15 -20 පමණ උසට වර්ධනය විය හැකිය. බීජ මඟින් ඇතිවන ශාකයේ ඍජුව ඉහලට වැඩෙන ප්‍රධාන කඳක් සහ ඉන් හරස් අතට ඇතිවන හරස් අතු ගණනාවකින් යුක්තය. වියන බොහෝවිට කේතු ආකාර හැඩයක් ගන්නා අතර ඇතැම්විට ගෝලාකාර විය හැකිය. (රූපය 01).

    පත්‍ර සරලය. ඒකාන්තර වින්‍යාසයක් පෙන්වයි. මතුපිට පෘෂ්ටය තද කොළ පැහැයක් ගනී. පුෂ්ප කහ පැහැතිය. තරමක මාංසලය. ඉතා කුඩාය (සෙ.මී. 1 ක් පමණ). සාදික්කා ශාකය ද්විගෘහි වේ. එනම් එක් ශාකයක හටගන්නේ පූමාංගී (පුරුෂ) හෝ ජායාංගි (ස්ත්‍රී) පුෂ්ප වර්ගවලින් එක් ආකාරයක් පමණි. මේ නිසා පුෂ්ප අනිවාර්යයෙන්ම ඒක ලිංගික වේ. ඉතාමත්ම කලාතුරකින් ඒක ගෘහී ශාක හමුවේ. එනම් එම ශාක වල පූමාංගී සහ ජායාංගී පුෂ්ප එකම ශාකයේ හටගනී. පුෂ්ප ආකාර දෙකම එකම කාලයේ හටගන්නා අතර හැමවිටම සිදුවන්නේ පර පරාගනයකි.

    ඵලය මාංසලය. අෂ්ටිලයකි. තනි බීජයක් සහිතය. ගෝලාකාර හෝ ඕවලාකාර හැඩයක් ගනී. කුඩා කාලයේ ළා කොළ පැහැයක් ගන්නා අතර හොඳින් මේරූ විට කහ හෝ තැඹිලි පැහැයක් ගනී. (රූපය 02) අතු වල එල්ලී ඇති ඵල හොඳින් මේරූ විට පහළ කෙළවරින් පමණක් ඵලාවරණය කොටස් දෙකකට වෙන්වන ලෙස පුපුරා විවෘත වන අතර එවිට ඇතුළත ඇති දුඹුරු පැහැති බීජය සහ ඒ මත තද රතු පැහැති දැළක් ලෙස පිහිටන බීජ කවචය (වසාවාසි) ඉතාමත් අලංකාර ලෙස දිස් වේ. ඵලාවරණය සාපේක්ෂව ඝනකම් හා මාංසල වන අතර කහ පැහැතිය. බීජ කවචය අතු බෙදුන දැලක් ලෙස බීජාවරණය මත පිහිටයි. තරමක් ප්‍රත්‍යස්තය. බීජාවරණය තද දුඹුරු පැහැතිය. තුනී ශක්තිමත් කටුවකි. බීජය තුල ඇති මදය ලෙස හඳුන්වන ලා දුඹුරු පැහැති ව්‍යුහය සාදික්කා වල වැදගත්ම කොටසයි. මෙහි අධික ලෙස තෙල් අඩංගු වේ. මේ කොටස සැදී ඇත්තේ කළලය සහ භ්‍රෑණපෝෂය එකතුවීමෙනි.

    සාදික්කා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය

    මෙම බෝගයේ හඳුනාගත් ප්‍රභේද නොමැති අතර රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී තෝරාගත් මවුශාකවලින් බීජ ලබාගත හැක. එහිදී සාපේක්ෂව වැඩි ඵල ප්‍රමාණයක් හටගන්නා ශාක (ඵල >10,000) මෙන්ම සාපේක්ෂව විශාල ඵල සහිත මව්ශාක වලින් බීජ ලබාගනියි. සාදික්කා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය ප්‍රධාන වශයෙන්ම සිදුකරන්නේ බීජ මගිනි. මේ සඳහා හොඳින් මේරූ ඵල වලින් බීජ ලබාගත යුතුවේ. එම බීජ වල ප්‍රරෝහණ හැකියාව දින කිහිපයකින් නැතිවී යන නිසා ඵල නෙළාගැනීමෙන් දින 2 – 3 ක් ඇතුලත සිටුවිය යුතුය. මෙහි බීජාවරණය ශක්තිමත් හෙයින් ප්‍රරෝහණය තරමක් ප්‍රමාද වෙයි. මේ නිසා කලලයට හානියක් නොවන පරිදි බීජාවරනය තරමක් පලුදු කිරීම මඟින් ප්‍රරෝහණය තරමක් ඉක්මන් කරගත හැකිය.

    රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී බීජ මුලින්ම වැලි පාත්තිවල ප්‍රරෝහණය කිරීමෙන් පසු බඳුන් වලට මාරුකිරීම වඩාත් සුදුසු වේ. සිටුවීමෙන් පසු බීජ පැළවීම සඳහා සති 6 ක පමණ කාලයක් ගතවෙයි. ප්‍රරෝහණය ආරම්භ වී පත්‍ර 2 ක් හොඳින් දිග හැරුන අවස්ථාවේදී බඳුන් වලට මාරුකළ හැකිය. මේ සඳහා සෙ.මී. 20 X 12 ප්‍රමාණයේ පොලිතීන් බඳුන් කොහුබත්, මතුපිට පස්, හොඳින් දිරූ ගොම හා වැලි සමප්‍රමාණවලින් ගත් මිශ්‍රණයකින් පුරවා අවශ්‍ය බඳුන් සකස්කර ගත හැක. තවානෙහි මාස 15 – 18 ක් ගතවූ පසු ක්ෂේත්‍රයේ ස්ථාපනය සඳහා වඩාත් සුදුසු වේ (රූපය 03).

    බද්ධ පැළ නිෂ්පාදනය

    සාදික්කා බීජ පැළ ලබාගැනීම වඩාත් පහසු කාර්යයක් වුවද, එහි අවාසිදායක ලක්ෂණයක් වන්නේ එම පැළවලින් අඩක් පමණම පිරිමි ගස් බවට පත්වීමයි. තවද, ඒවායේ ගැහැනු හෝ පිරිමි බව හඳුනාගත හැක්කේ පැළ සිටුවා වසර 6 – 7 ක් පමණ ගතවීමෙන් පසුවයි. වැඩි වශයෙන් ගැහැණු පැළ නිෂ්පාදනය කරගත හැකිනම් ඒ මඟින් ක්ෂේත්‍රයේදී වැඩි අස්වැන්නක් ලබාගත හැකිවේ. මේ නිසා බීජ පැළ වෙනුවට බද්ධ පැළ නිෂ්පාදනය මඟින් ගැහැනු පැළ වැඩියෙන් ලබාගත හැකිනම් එය වඩා වාසි සහගත වෙයි.

    සාදික්කාවල ගැහැනු පැළ පමණක් නිෂ්පාදනය කළ හැකි වර්ධක ප්‍රචාරණ ක්‍රම ගණනාවකි.

    1. කූඤ්ඤ බද්ධය - Wedge grafting

    2. පැළුම් රිකිලි බද්ධය - Cleft grafting

    3. ආරුක්කු බද්ධය - Approach grafting

    4. අංකුර බද්ධය - Bud grafting

    5. පාංශු අතු බැඳීම - Soil layering

    6. ගූටි ක්‍රමයට අතු බැඳීම - Gootee layering

    සාදික්කා සඳහා ඉහත ක්‍රම සියල්ල භාවිතා කල හැකි වුවද ඒවායින් අප බහුලවම භාවිතා කරනු ලබන්නේ පැලුම් රිකිලි බද්ධයයි (රූපය 04). මෙහි සාර්ථකත්වය 80% ක් පමණ වන අතර ඒ සඳහා පුහුණු බද්ධකරුවන් අවශ්‍ය වේ. එසේම සිටුවීමට සුදුසු පැළ සකස් කර ගැනීම සඳහා වසරක් පමණ කාලයක් ගත වේ. අතු බැඳීමේ ක්‍රම පහසුවෙන් භාවිත කළ හැකි වුවද, ඒ මඟින් ද පැළයක් නිසි අයුරින් සකස්කර ගැනීම සඳහා වසරකට වැඩි කලක් ගතවෙයි. එහෙත් ආරුක්කු බද්ධය (රූපය 05) මඟින් ඊට වඩා පහසුවෙන් පැළ නිෂ්පාදනය කරගත හැකි අතරම වසරකට අඩු කාලයකින් සිටුවීමට සුදුසු පැළයක් සාදාගත හැකිවෙයි.

    එහෙත් මේ සෑම වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්ම බීජ මඟින් පැළ නිෂ්පාදනයට වඩා තරමක් අසීරු, කම්කරු ශ්‍රමය වැයවන හා පුහුණු බද්ධකරුවන් අවශ්‍ය වන කාර්යයක් නිසා තවමත් වැඩි වශයෙන්ම තවාන් හිමියන් පැළ නිෂ්පාදනය කරනු ලබන්නේ බීජ මඟිනි. දැනට භාවිතවන පැලුම් රිකිලි බද්ධය හෝ නැතහොත් ආරුක්කු බද්ධය මඟින් පැළ නිෂ්පාදනය කිරීමෙන් ගැහැනු පැළ නිෂ්පාදනය කිරීමට අමතරව තවත් වාසි කිහිපයක් අත්වෙයි. එනම් සාපේක්ෂව කෙටි කලකින් අස්වනු ලැබීම ආරම්භ වන අතරම (වසර 3- 4 ක් ඇතුළත) සාපේක්ෂව උසින් අඩු ශාකයක් පවත්වා ගනිමින් ඒකක භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගැනීමටද හැකිවෙයි.

    ආචාර්ය ආනන්ද සුබසිංහ
     
    • Like
    Reactions: hellfreez1979

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගමේ උන් මූට කින්ඩිය දාපු එකත් පත්තරෙ තිබුනා උබ ඒක අයින් කරලානෙ.
     
    • Like
    Reactions: Lankaputhra16