Covid ජීනෝම් එක සීක්වන්ස් කරානෙ මාර්තුවලම වගේ. ඉතින් එතකොට පේන්න තිබුන දෙයක් තමයි මීට කලින් හොයාගෙන තිබුන වවුල්ලු අතර සංසරණය උන වෛරෝඩයකම යම් විකෘතීන් සහිත ජීනොම් එකක් Covid වලට තියෙනව කියෙන එක. විකෘතිය ස්වභාවික වරණය නිසා ඇති උන දෙයක් (සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිශ්‍යා වෛරස පවා යම් යම් වේග වලින් mutate වෙනව...සර්වයිව් වෙන්න තරම් සුදුසුම වෛරෝඩ ගොනුව සම්ප්‍රේශණය වෙවී ඉස්සරහට යනව...ස්වභාවික වරණයනෙ ඉතින් ඔය තියෙන්නෙ). ඔය වෛරස් එක zootopic transmission එකක් බව ගොඩක් දුරට ෂුවර් වෙන්නෙ ඔය කාරණේ නිසා.
යුරෝපෙට ආපු මහාමාරිය, black death එක, ස්පැනිෂ් ෆ්ලූ වගේ ඒකාලෙ ඉඳල හිටල ආපු වසංගත ආවෙත් ඔය විදිහටම තමා. ඒවත් ලැබ්ස් වල හදපු ඒවයැ.