වග කියන්න ඔනේද? නැද්ද?.
කොළඹින් ආසාදිතයන් 160ක්.. දුෂ්කර තත්වයක් ඇති විය හැකියි..- සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක
තවත් 145කට කොරෝනා.. වෙන්කල සියළු රෝහල් ඇදන් පිරී යයි..
මිනුවන්ගොඩ කොරෝනා පුපුරා ආශ්‍රිතව තවත් ආසාදිතයන් 145 දෙනකු වාර්තා වූ බව බොහෝ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
ඔවුන්ගෙන් 48 දෙනෙකු නිරෝධන මධ්‍යස්ථානය තුළින් හඳුනාගත් අය වන අතර ඉතිරි 97 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.
ඒ අනුව අද දිනයේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 194 කි.
මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව පමණක් මේ වන විට ආසා ආසාධිතයන් 1591 වාර්තා වී තිබේ.
මේ අතර කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මීට පෙර සඳහන් කර තිබුණේ කොරෝනා ආසාදිතයන් සඳහා රෝහල් 12 ක වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව 1581 බවයි.
අද වාර්තා වූ මෙම නව රෝගීන් සංඛ්‍යාවක් සමඟම රෝහල්ගතව සිටින ආසාදිත ප්‍රමාණය 1697 දක්වා ඉහල යයි.
ඒ අනුව කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කල සියලුම ඇඳන් සංඛ්‍යාව පිරී ගොස් ඇත.
කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ඇති ඇඳන් සංඛ්‍යාව 3000 දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන බවයි.
මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇති වී තිබුණ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් ඇතුළු කොරෝනා ආසාදිතයන් එකසිය හැට දෙනකු කොළඹ දිස්ත්‍රික් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඔවුන්ගේ ආශ්‍රිතයන් සහ ගැවසුන ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.
මෙම වෛරස් පොකුර ව්‍යාප්තිය පාලනය කරගත හැකි මට්ටමක ඇති නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුළ අධික ජනගහනය, කුඩා ඉඩක විශාල පිරිසක් රැඳීම, නාගරික පරිසරය යන කරුණු නිසා අවදානමක් තිබෙන බවද ඔහු අවධාරණය කරයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් තව දුරටත් හමු වුවහොත් තවදුරටත් පැතිරීමේ අවදානම වැඩි බවද ඔහු සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන තව දුරටත් ඉහල ගියොත් ඉදිරියේදී දුෂ්කර තත්වයක් මතුවිය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
-lankacnews- (මෙම පුවත් වල වගකීම අදාල වෙබ් අඩවිය විසින් බාරගත යුතුය. )

Last edited: