කොරෝනා හැදිලා රෝහල් ගත වෙලා ආපහු ගෙදර ආපු අය මෙතන ඇති. සමහර අයට තාම පොඩි පොඩි අපහසුතා ඇති. ඇත්තටම කොරෝනා හැදිලා දවස් ගණනක් රෝහලේ ගත කරලා, අපේ ඇඟෙන් කොරෝනා වෛරසය ඉවත් වුනාට පස්සෙ ගෙදර ආවත් අපිට කොරෝනා මට්ටු කලා කියල සතුටු වෙන්න පුලුවන්ද? කොරෝනා හැදුනේ නැති තරුණ අයට කොරෝනා හැදුනත් අමාරු වෙන්නෙ නැතුව බේරෙනවා කියල බය නැතිව ඉන්න පුලුවන්ද?
මෙතන කතා කරන්නෙ කොරෝනා වෛරසය හැදිලා රෝහලේ ගත කරන සති කීපය නෙවෙයි. රෝහලෙන් ඔබ නිරෝගී කියල සහතික කරලා ගෙදර ආවට පස්සෙ හැදෙන අමාරුකම් ටික. සාමාන්‍ය බස් වහරේදී Long covid කියලා හඳුන්වන මේ තත්ත්වය සිංහලෙන් පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වන්න පුලුවන්. හැමෝටම මතක ඇති ගිය අවුරුද්දේ UK වල අගමැති බොරිස් ජොන්සන් විසින් විද්‍යාත්මක උපදෙස් අනුව ඒ රට තුළ herd immunity හදන්න තීරණයක් අරන් තිබුණ බව. ඒ රටේ විද්‍යාඥ්ඥයින් කණඩායමක් විසින් නිර්දේශ කරලා තිබ්බේ කොරෝනා රෝගීන් බොහෝමයකට රෝග ලක්ෂණ පහල නොවී සුව වන නිසා රටේ ජනගහණය අතර පාලනය කල හැකි පරිදි කොරෝනා රෝගය පැතිරීමට ඉඩ දීම හරහා ආරක්ෂාකාරී ලෙස herd immunity සමූහ ප්‍රතිශක්තිකරණය ළඟා කරගත හැකි බවයි. මේ වසංගතයේ මුල් අවධියේ ගත්ත තීරණ. ඒත් කාලයත් සමග කොරෝනා සුව වුන රෝගීන්ගේ සමහර රෝග ලක්ෂණ මාස ගණනාවක් පැවතීමත්, අලුත්ම රෝග ලක්ෂණ රෝගය සුව වී සති කීපයකට පසුව ඇති වීමත් නිරීක්ෂණ කරන්න වෛද්‍යවරුන්ට ඉඩ ලැබුණා. මේ නිසා රෝගී වීමට ඉඩදී herd immunity ඇති කිරීමේ ක්‍රමය අමානුෂික ක්‍රියාවක් බවට දැඩිව විවේචන ලැබුවා.
මේ ලිපියේ අරමුණ ඒ දීර්ඝකාලීන රෝග ලක්ෂණත්, ඒවා ඇතිවීමට හේතු කතා කරන එක. පුලුවන් තරම් සරල කරලා ලියන්න උත්සහයක් දෙන්නම්. මෙතන කතා කරන රෝග ලක්ෂණ කොරෝනා රෝගී වී සති 4කට පස්සේත් ඉතුරු වෙලා තියෙන රෝග ලක්ෂන විදියට සලකන්න.
පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝමයේ පහත රෝග ලක්ෂණ එකක් පමණක් හෝ කීපයක් එකවර පවතින්න පුලුවන්.
•මහන්සිය
•දුර්වල ගතිය
•හන්දි වේදනාව
•හුස්ම ගැනීමේ අපහසුව
•කැස්ස
•දීර්ඝකාලීන ඔක්සිජන් අවශ්‍යතාව
•හිසරදය
•විශාදය
•නින්ද නොමැතිකම
•කාංසාව
•පපුවේ වේදනාව
•පපුව ගැසීම
•රුධිර කැටි ඇතිවීම
•වකුගඩු රෝග
කොරෝනා හැදුන කීදෙනෙක්ට මෙහෙම වෙනවද?
ලොකු රෝගීන් සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන ඉතා අඩු පරීක්ෂණ සංඛ්‍යාවක් තමා දැනට කෙරිලා තියෙන්නෙ. නමුත් රටවල් කීපයක දත්ත මේ විදියට දක්වන්න පුලුවන්
ඇමරිකාව.
මිෂිගන් ප්‍රාන්තයේ රෝහල් 38ක කොරෝනා රෝගීන් රෝගීන් 1250ක සාම්පලයකින් සමීක්ෂණය සිදුබ්කල අතර ඒ සෑම රෝගියෙක්ම කොරෝනා සෑදී වෛරසය ඇඟෙන් ඉවත් වී ඇති බව තහවුරු කරන ලද සහ රෝහලෙන් ඉවත් වී අවම ලෙස දින 60ක කාලයක් ජීවත් වූ පුද්ගලයින් විය.
•මරණ -6.7%
•නැවත රෝග ලක්ෂණ මතුවී රෝහල් ගතකිරීම් - 15.1%
•රෝග ලක්ෂණ සුව නොවී දිගුකල් පැවතීම - 32.6%
•අලුත් රෝග ලක්ෂණ මතුවීම හෝ හෝ පැවති රෝග ලක්ෂණ දරුණු වීම - 18.9%
ඒ අතරින්
•හුස්ම ගැනීමේ අපහසුතාවය සහ ඉක්මනින් විඩාවට පත්වීම - 22.9%
•කැස්ස -15.4%
•රස, සුවඳ දැනීමේ සංවේදන අහිමිවීම් -13.1%
චීනය
වූහාන් ප්‍රාන්තයේ කොරෝනා ආසාදනය වූ රෝගීන් 1733 කොරෝනා රෝග ලක්ෂණ පහල වී මාස 6කට පසුව
•රෝගය සෑදීමට පෙර නොතිබූ මොනයම් හෝ අපහසුතාවයක් - 76%
ඒ අතරින්
•ඉක්මනින් විඩාවට පත්වීම - 63%
•නින්ද යෑමේ අපහසුතාවයන් - 26%
•විශාදය - 23%
දැන් ඒ රෝග ලක්ෂණ සිරුරේ පද්ධතීන් වලට වෙන් කරලා කතා කරමු
■ ස්වසන පද්ධතිය
කොරෝනා ආසාදනය පටන් ගන්නේම ස්වසන ආසාදනයක් විදියට මේ නිසාම පශ්චාත් කොරෝනා සින්ඩ්‍රෝමය සෑදී ඇති බොහෝ රෝගීන් අතර ස්වසන ආබාධ වැඩියෙන් නිරීක්ෂණය කල හැකියි. මේ රූපයේ දැක්වෙන්නෙ අවුරුදු 50ක කොරෝනා රෝගියෙකුගේ පෙනහලු වල CT scan අනුව ලබාගත් රූපයන්. රතු පාටින් දැක්වෙන්නෙ පෙනහලු වල හානිවී ඇති පෙදෙස්. මාස තුනකට පසුවත් හානි වී ඇති ප්‍රදේශ අඩු වුවත් යම් ප්‍රමාණයක් පවතින බව නිරීක්ෂණය කල හැකියි.
•හුස්ම ගැනීමේ අපහසුව
•ඉක්මනින් විඩාවට පත්වීම
•ඔක්සිජන් ඌණතාවය
හරි මේක කොහොමද වෙන්නෙ? මගේ කලින් ත්‍රෙඩ් එකේ කතාකලා පෙනහලු සෛල එහෙමත් නැත්නම් pneumocyte ඩැමේජ් වෙන විදිය. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධි ක්‍රියාකාරී තත්ත්වයට පත් වීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල වලින් pneumocyte වලට පහදීමක් සිදුවෙනවා. ඒ කියන්නෙ ක්‍රම දෙකකට මේ හානිය සිදු වෙන අතර වෛරසය නිසා වෙන සෘජු හානියට අමතරව මේ විදියට වෛරසය නිසා ක්‍රියාකාරී වෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ඇති වෙන හානිය වැඩියි. ඔයාලගේ හමේ තුවාලයක් වුනොත් ඒක හොඳ වෙනකොට කලින් වගේ හම හැදෙන්නෙ නෑනෙ. කැළලක් ඉතුරු වෙනවා. මේ කැලල හැදෙන්නෙ තන්තුමය පටක වලින්. එතන සාමාන්‍ය පටක ආකාරය නෑ. ඒ නිසා කැළල හැදුන තැනින් සාමාන්‍ය හමේ ක්‍රියාකාරීත්වය සිදුවෙන්නෙ නෑ. මේ වගේම පෙනහලු පටකය හානි වෙන තැන් තන්තුමය පටකයෙන් පිරෙනවා. එතකොට මම කලින් ත්‍රෙඩ් එකේ දාපු විදියට ගර්ථ ප්‍රමණය අඩුවෙන නිසා ඔක්සිජන් හුවමාරු කරන පෘෂ්ඨීය වර්ගඵලය අඩු වෙනවා. පෙනහලු වලට රුධිර සැපයීම කරන ධමනි වල ලේ කැටි ඇතිවීමත් පෙනහලු හානිය සඳහා දායක වෙන බව පශ්චාත් මරණ පරීක්ෂණ වලින් තහවුරු ක්කොටගෙන තියෙනවා.
■රුධිර සංසරණ පද්ධතිය
රුධිර නාල තුළ රුධිර කැටි ගැසීමේ ප්‍රවණතාව කොරෝනා රෝගයෙන් සුව වූ පුද්ගලයින්ගේ දකින්න ලැබෙනවා. හැබැයි ඒ 5% කටත් අඩු ප්‍රමාණයක්. ඒකට හේතු රැසක් තියෙනවා.
•කොරෝනා වෛරසය මඟින් සෘජුව රුධිර නාල වලට හානි කිරීම. - ඔයාලගේ අතේ පයේ තුවාලයක් වුනාම ටික වෙලාවක් ගිහිල්ල ලේ කැටි ගැහෙනවනේ. තුවාල තිබ්බෙ නැත්නම් නිරෝගී කෙනෙක්ගේ ඉබේ ලේ කැටිගැහෙන්නෙ නෑනෙ. ඒ විදියට තුවාලයක ලේ කැටි ගැහෙන්නෙ රුධිර නාලයකට හානි වුනාම නාලය ඇතුලේ තියෙන සමහර ප්‍රෝටීන එළිඅයට එන නිසා. අන්න එතකොට රුධිර පට්ටිකා දැන ගන්නවා මෙතන තුවාලයක් කියලා. එතකොට කැටි ගැසීමට අදාල රසායන ද්‍රව්‍ය නිදහස් වෙලා රුධිර කැටියක් එතන හැදිලා බ්ලොක් වෙනවා. මේක ඇඟේ ඇතුලේ රුධිරනාල වලටත් අදාලයි. හැබැයි කොරෝනා වලින් රුධිර නාලයට හානි කලාට එතනින් ලේ ලීක් වෙන්න තරම් හානියක් නෑ හැබැයි මේක වැරදියට තේරුම් ගන්න පට්ටිකා එතන රුධිර කැටියක් හදනවා. මේක ගැලවිලා මොළයට ගියොත් අංශභාග තත්ත්වයක් වුනත් ඇතිවෙන්න පුලුවන්. තව හේතු විදියට කොරෝනා රෝගියෙක්ගේ ඇතිවෙන
•ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධික්‍රියාකාරී තත්ත්වය රුධිර කැටි ඇතිවීම උත්තේජනය කරන රසායනික පණිවිඩකාරක නිදහස් කිරීම වේගවත් කරනවා.
•ඔක්සිජන් ඌණතාවය (hypoxia) තව හේතුවක්.
■හදවත
රෝහලෙන් නිදහස් වෙලා දවස් 60ක් ඇතුළත පපුවේ කැක්කුම හැදුණු බවට 20% පමණ කොරෝනා රෝගීන් දැනුම් දී තිබෙනවා. අපි හිතුවේ නැතුවට කොරෝනා වෛරසය හදවතට ලොකු බලපෑමක් කරනවා. ගිය අවුරුද්දේ කරපු research එකක මට මතක හැටියට රෝග ලක්ෂණ නොමැති අය 60% ආසන්න ගණනාවක හදවත් පේශී ප්‍රදාහයට පත්වී තිබ්බ බව cardiac MRI පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. මේකට හේතුව හදවතේ ACE2 ප්‍රතිගාහක හරහා වෛරසය සෘජුව හදවත ආක්‍රමණය කිරීම. ඔය කොරෝනා හැදිලා එකපාරට හදිසියේ මියයන තරුණ පිරිස ගොඩකට viral myocarditis කියන තත්ත්වය තියෙනවා. මියගිය පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වලදී 60% කටත් වඩා වෛරසය හදවතේ තිබෙන බව තහවුරු වී තිබෙනවා. ප්‍රදාහය පස්සෙ ආපහු සාමාන්‍ය තත්ත්වයට එනවා හැබැයි කොරෝනා ආසාදනයකදී හදවතේ සෛල ප්‍රදාහයට ලක් වෙනවාට අමතරව මිය යන්න පටන් ගන්නවා. අන්න එතකොට ඉක්මනින් විඩාව දැනෙන්න පටන් ගන්නවා. මොකද ඒ වෙනකොට ඔබට උරුම වෙන්නෙ අවුරුදු 80ක විතර මහලු හදවතක්. පහල රූපය science magazine එකෙන්.
■ස්නායු පද්ධතිය
ස්නායු පද්ධතිය සම්බන්ධ රෝග ලක්ෂණ ලෙස විඩාව, හිසරදය, ඇඟේ පතේ වේදනාව, මතකය ඇතුළු ඉහල ඥාණාත්මක ක්‍රියා (higher cognitive functions) බාල වීම (කෙටියෙන් brain fog කියනවා.) තවදුරටත් මානසිකව විශාදය, කාන්සාව සහ නින්ද යෑමේ අපහසුතා ඇතිවී තිබෙනවා. මේවාට හේතු වෙන්නෙ මොළයේ ස්නායු සෛල වලට වෛරසය ආසාදනය වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධික්‍රියාකාරීවීම නිසා මොළයේ ප්‍රදාහමය තත්ත්වයක් ඇතිවීම, මොළයේ රුධිර කැටි සිරවීම නිසා රුධිර සැපයුම අඩාල වීම.
■වකුගඩු
වකුගඩු වල තියෙනවා මුත්‍රා පෙරෙන ක්ෂුද්‍ර නාල වගයක් tubules කියලා. මේවාට හානි වීම නිසා එකවර වකුගඩු ක්‍රියාවිරහිත වෙනවා (Acute tubuler necrosis). එහෙම ලෙඩකට එක උදාහරණයක් තමා මී උණ. එහෙම ලෙඩෙක්ට ඩයලිසිස් මැෂින් එකට හයි කරන්න වෙනවා. මුත්‍රා එක්ක ලේ ගිහිල්ල තමා වකුගඩු වලට මෙහෙම වෙන්නෙ. පස්සෙ ඩයලයිසිස් මැෂින් එකෙන් අයින් කරන්න පුලුවන් උනත් වකුගඩු වලට සිදු වෙච්ච හානිය සම්පූර්ණයෙන්ම හොඳ වෙන්නෙ නෑ.
■අන්තරාසර්ග පද්ධතිය
දියවැඩියා රෝගීන් කෝමා තත්ත්වයට පත් කරන Diabetic ketoacidosis කියන තැනට අපේ ඇඟ තල්ලු කරන්න කොරෝනා වෛරසයට හැකියි. මීට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රදාහක තත්ත්වය නිසා පසුකලෙක තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාව නතර වීමේ අවදානමක් නිරීක්ෂණය කරලා තියෙනවා.
උණ, කැස්ස, නියුමෝනියාවට අමතරව කොරෝනා වෛරසයට කරන්න පුලුවන් විනාසෙ ගැන යම් තරමක අවබෝධයක් මේකෙන් ගන්න ඇති කියලා හිතනවා. රෝගය වේගෙන් පැතිරෙද්දි සෞඛ්‍ය අංශ වල අවධානය යොමු වෙන්නෙ ඒ වෙලාවෙ එන රෝගීන්ගේ රෝගයට පිළියම් කරන්න. ඒ නිසා මේ වගේ කාලෙකට පස්සෙ රෝග ලක්ෂණ වලට අවදානය යොමු වෙනවා අඩුයි සහ කොරෝනා රෝගීනුත් මාස ගාණකට කලින් හැදුන කොරෝනා රෝගය නිසා මේවා ඇති වුනා කියල හිතන්නෙ නෑ. මේ නිසා ඉස්සරහට දියවැඩියා සායන, හෘදරෝග සායන වගේ කොරෝනා සායනත් හදන්න වෙයි කියලා වෛද්‍ය විශේෂඥයෝ පවසනවා.
මූලාශ්‍ර - Nature Medicine - April 2021 - Post-acute COVID-19 syndrome
New Scientist - 31 October 2020 - Long covid Symptoms that won’t stop
Nature - 17 September 2020 - COVID-19’S LASTING MISERY