හෙල බේත්/ පැනි වැඩ කරේ නැතිවුනාම කියන නිදහසට කරුනු.
1. කිල්ලට අහුවෙලා.
2. රාහු කාලෙනේ බීලා තියෙන්නේ.
3. ඉංගිරිස් බේත් ගන්න ගමන්නේ අරන් තියෙන්නේ.
4. මී පැණි ඔස්ට්‍රේලියන්! ඉතිං වැඩ කරයිද?
5. බිව්ව ගමන් ගෑනි එක්ක ඩිංජි ඩිකා කොරල! නෙදකින් වනචරයා!
6. ගෝවා කෑවනේ, උෂ්ණයි, බේතේ බලේ බහිනවා.
7. ඇම්බුං කෑවාද? අන්නේකයි සීතලයි! බේත වැඩකරන්නේ නෑ!
8. නිදි මැරුවා? ඉතිං කාටද මේව කියන්නේ??
9. හයියූ! උදේ හතට කලින් එලියට බහින්න එපා, පින්නට අහුවුනොත් වැඩේ ඉවරයි!
10. ගිනි මද්දහනේ කුඩයක්වත් නැතුව ඇවිද්දනේ. ඉතිං වැඩකරයිද?
11. හප්පෝ වැස්සට තෙමුනද? බෙහෙත් ගන්න ටිකේ පරිස්සං වෙන්න බැරි හැටි!
12. හැඳි හතරක් කියන්නේ හතරක්! මාත්‍රාව වැරදියිනේ. මේ.... වී ඕ සී හැඳි වලින් මනින්නේ!