හිටපු ඇමති රාජිත සේනාරත්න සම්බන්ධයෙන් ඊයේ පුවත් දෙකක් වාර්තා විය.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,056
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිටපු ඇමති රාජිත සේනාරත්න සම්බන්ධයෙන් ඊයේ පුවත් දෙකක් වාර්තා විය. එකක් නම් ඔහුගේ නම ගෑවුණ සුදුවෑන් නඩුවෙන් ඔහුගේ නම ඉවත්වන පොටක් පෑදිමය. දෙවැන්න රාජිත ළඟදීම රනිල් වෙත ගොස් සෞඛ්‍ය ඇමති ධූරය ලබාගන්නට උත්සාහ කිරීමය.

    2019 ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ එවකට අමාත්‍ය වත්මන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න විසින් සංවිධානය කරන ලද බවට ප්‍රචාරය වූ ආන්දෝලනාත්මක “සුදු වෑන්” මාධ්‍ය හමුවට සහභාගි වූ අතුල සංජීව මදනායක ඊයේ (2) කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශ කළේ වෛද්‍ය සේනාරත්නට එරෙහිව අදාළ මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ කරන ලද පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කරන ලද අනිසි බලපෑම් හේතුවෙන් සිදු කරන ලද්දක් බවත් රාජිත හිටපු ඇමති ඊට සම්බන්ධ නැති බවත්ය.

    ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවේදී තමාගේ සැබෑ අත්දැකීම පමණක් හෙළි කළ බවයි. එම මාධ්‍ය හමුවෙන් අනතුරුව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් කළ ඔහු කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම මත තමන් වෛද්‍ය සේනාරත්නට එරෙහිව අදාළ මහේස්ත්‍රාත්වරයා හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකළ බවයි.

    එවකට ඉහළ තනතුරක් දැරූ සීඅයිඩී නිලධාරියෙකු තමා වෙත පැමිණ “ඔබ දින 21 කින් ගෙදර යනවාද, දින 21 කින් පොළව යටට වැටෙනවාද?” යනුවෙන් ප්‍රකාශ කළ බවට මදනායක චෝදනා කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් කළ ප්‍රකාශයේ සඳහන් නමක් “රාජා” යන්නෙන් “රාජිත” ලෙස වෙනස් කිරීමට එම නිලධාරියා තමන්ට බලපෑම් කළ බවද ඔහු සඳහන් කළේය.


    මේ අතර ඊයේ මාධ්‍ය වේදීන් ඉදිරියේ අදහස් පළ කර ඇති රාජිත සේනාරත්න “සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි විෂය පථයක් මට ලබා දුන්නොත් ජාතිය ගොඩගන්න ලොකු කාර්යභාරයක් කරන්න මට පුළුවන්” යයි ප්‍රකාශ කර ඇත.
    සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරූවද ස්වාධීන ලෙස කටයුතු කරන රාජිත සේනාරත්න සජිත් ප්‍රෙමදාසට සහයට මාධ්‍ය වෙත අදහස් දැක්වීම් හෝ රැස්වීම් වලට සහභාගීවීම් කලෙක සිට නතර කර තිබෙයි. ඔහු රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා සමග සමීප වී ඇති බව දේශපාලන ආරංචි පවසා තිබේ.


    සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශයක් තමාට ලබා දෙන්නේ නම් ජාතියේ වත්මන් අර්බුදය විසඳීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට තමාට හැකි වනු ඇතැයි ඔහු කියා තිබුනේ මෙසේය.
    “සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි විෂය පථයක් මට ලබා දුන්නොත් ජාතිය ගොඩගන්න ලොකු කාර්යභාරයක් කරන්න මට පුළුවන් .. අතීතයේ සියලුම රජයන් වරින් වර නව අමාත්‍යවරුන් පත් කළා.. ඒ එම විෂය ප්‍රගතියට පත් කිරීමට..ඉතින් මේ වෙනස මං අපේක්ෂා කරනවා.‘

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මැතිවරණය පැවැත්වීමට පෙර ජනතාවට ආහාර ලබාදිය යුතු බවයි. SJB මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවසන් වුවහොත් ඔවුන් රජයට එක්වන බවටත් වාර්තා පළ වන බවයි.