කොරෝනා vs පොඩි එවුන්

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    Maru maru. 😍😍 Organ play karanawanam Guitar ekak ehema poddak play karanna ugannanna. tham stamdard guitar eka lokui wage hithenawanam ukulule ekak wage balanna habai small body guitars thiyanawada koheda ukulule walata wada tikak loku. mona unath podi guitar ekak ehema play karanna danaganna eka hodai. 6 years, guitar ehema hemita teach karanna start karna wayasa. 🙂🙂
     
    • Love
    Reactions: TNHM and Kolama

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    prototype board ekak ganin ethakota podi ekata solder karanna one na.. man gawa pothak thibba issara wijaya paththe yana circuit hadana hati thibba ewa kapala alawapi.. mechano set ekakuth aran dunnanam hari..
     
    • Love
    Reactions: TNHM and Kolama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඕව පොඩි උන්ට සිරා
    අද මම ඉන්න තැනට එන්න මම අපේ තාත්තා එක්ක පොඩි කාලෙ ඔය වගේ සර්කිට් හදලා හිතට ආපු දේවල් වලින් ලොකු උදවුවක් උනා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕව පොඩි උන්ට සිරා
    අද මම ඉන්න තැනට එන්න මම අපේ තාත්තා එක්ක පොඩි කාලෙ ඔය වගේ සර්කිට් හදලා හිතට ආපු දේවල් වලින් ලොකු උදවුවක් උනා

    උබේ තාත්තා ගොඩක් ඉදිරිය දැකලා තියෙනවා. වාසනාවක්! :love:
     
    • Like
    Reactions: MrFrog and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    උබේ තාත්තා ගොඩක් ඉදිරිය දැකලා තියෙනවා. වාසනාවක්! :love:
    දැනටත් ගෙදර ගියාම සමහර වෙලාවට එක එක ගැජමැටික් බාගෙට හදල තියනවා මම ආවම ඉතිරි ටික හදන්න කියලා
    ලඟදි ගියාම මහන මැශින් එකක මෝටරේකින් වැලි කඩදාසියක් අලවපු ලී කොටයක් කැරකෙන්න හදල තිබ්බා ඔය එක එක තල මදින්න කියලා,
     
    • Love
    Reactions: Kolama

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එහෙ මෙහෙ ගියෙ නැතත් පහුගිය කාලේ නම් අපේ අවුරුදු හයේ පුතා, හවසට එයාගෙ අහල පහල යාළුවො එක්ක සෙල්ලං කලා. ඒත් දැන් ඉස්සරහ ගෙදර කෙනෙක්ටත් කොරෝනා. උවමනාම දෙයකට ඇරෙන්න කවුරුවත් එළියට එන්නෙ නෑ.

    ඉතින් මම එයා ගෙදරටම වෙලාම ඉන්න නිසා පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න බඩු ටිකක් ගෙනත් දුන්නා. ගෙනාපු දවසෙම එයා මේ කාර් එක හැදුවා, දෙවෙනි දවසේ මගෙත් උදවු ඇතිව (මම තමයි පාස්සන වැඩේ කලේ) LED ලයිට් දෙකේ සර්කිට් එක (Multivibrator) හැදුවා. අද එයා LEDවලින් පොඩි ලයිට් සෙට් දෙකක් හැදුවා. ආයි එළියට ගියාම තව මේ වගේ කෑලි, කිට්ස් ටිකක් ගේන්න ඕන. තව අපි මේ වගේ රේඩියෝ එකක් හදන්න ඉන්නෙ.

    https://www.wikihow.com/Create-a-Simple-AM-Radio
    https://scoutlife.org/hobbies-projects/projects/40/catch-some-radio-waves/
    https://www.instructables.com/Build-your-own-Crude-FM-Radio/

    මේවා තමයි ඉතින් අපි නම් කරන්නෙ. උබලා මේ දවස්වල පොඩි එවුන් එක්ක කරන වැඩ/සෙල්ලම් මොනවද? :rolleyes:

    RANzrT0.jpg
    අපේ දෙවෙනි එකත් එක්ක අමාරුයි බන්. ඌ ඕවා ගිලිනවා.

    ඔය කාර් එකේ බෝර්ඩ් එක හොයාගත්තෙ කොහෙන්ද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ දෙවෙනි එකත් එක්ක අමාරුයි බන්. ඌ ඕවා ගිලිනවා.

    ඔය කාර් එකේ බෝර්ඩ් එක හොයාගත්තෙ කොහෙන්ද?

    එහෙම නම් පරිස්සමෙන් මචන්.

    ඉලෙක්ට්‍රොනික් සර්කිට් බඩු තියෙන කඩවල තියෙනවා මචන්.
     
    • Like
    Reactions: Honda.putha

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    එහෙ මෙහෙ ගියෙ නැතත් පහුගිය කාලේ නම් අපේ අවුරුදු හයේ පුතා, හවසට එයාගෙ අහල පහල යාළුවො එක්ක සෙල්ලං කලා. ඒත් දැන් ඉස්සරහ ගෙදර කෙනෙක්ටත් කොරෝනා. උවමනාම දෙයකට ඇරෙන්න කවුරුවත් එළියට එන්නෙ නෑ.

    ඉතින් මම එයා ගෙදරටම වෙලාම ඉන්න නිසා පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න බඩු ටිකක් ගෙනත් දුන්නා. ගෙනාපු දවසෙම එයා මේ කාර් එක හැදුවා, දෙවෙනි දවසේ මගෙත් උදවු ඇතිව (මම තමයි පාස්සන වැඩේ කලේ) LED ලයිට් දෙකේ සර්කිට් එක (Multivibrator) හැදුවා. අද එයා LEDවලින් පොඩි ලයිට් සෙට් දෙකක් හැදුවා. ආයි එළියට ගියාම තව මේ වගේ කෑලි, කිට්ස් ටිකක් ගේන්න ඕන. තව අපි මේ වගේ රේඩියෝ එකක් හදන්න ඉන්නෙ.

    https://www.wikihow.com/Create-a-Simple-AM-Radio
    https://scoutlife.org/hobbies-projects/projects/40/catch-some-radio-waves/
    https://www.instructables.com/Build-your-own-Crude-FM-Radio/

    මේවා තමයි ඉතින් අපි නම් කරන්නෙ. උබලා මේ දවස්වල පොඩි එවුන් එක්ක කරන වැඩ/සෙල්ලම් මොනවද? :rolleyes:

    RANzrT0.jpg
    oya gajamatikcs eka gatte kohenda link ekak ewapan
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    Teckකතා අයගෙන් ගත්ත Techduino ආර්ඩියුනෝ බෝඩ් එක මාලග තියෙනවා මචන්. දැන් ඒක අරං අවුරුදු දහයක් විතර වෙනවා. දෑන්නම් මෙලෝ දෙයක් මතක නෑ. මම හෙට අනිද්දා පුතත් එක්ක ඒකෙන් පොඩි පොඩ් වැඩ කරන්න කියලා ඉන්නෙ බං. මම උබ කියපු එක බලන්නම්. ගොඩක් ස්තූතියි!
    ආහ් Techduino එකත් මරු. ඒ දවස් වල කාලිංග අයියට වැන්දෙ නැති ටික විතරයි ඕකක් ගෙන්න ගන්න. ඔඩර්ස් පරක්කුයි නෙ
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    oya gajamatikcs eka gatte kohenda link ekak ewapan

    මෙතන මහලොක් දෙයක් නෑ බං. මේ ටික ඕන ඉලෙක්ට්‍රොනික් සර්කිට් බඩු තියෙන කඩයක තියෙනවා.

    ආහ් Techduino එකත් මරු. ඒ දවස් වල කාලිංග අයියට වැන්දෙ නැති ටික විතරයි ඕකක් ගෙන්න ගන්න. ඔඩර්ස් පරක්කුයි නෙ

    මම පොර ඒ දවස්වල වැඩ කරපු WTC එකේ ඔෆිස් එකටම ගිහින් අරං ආවෙ ආවෙ බං. :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සුපිරි මචෝ...
    වයර් කෑලි දෙකක් පාස්සගන්න පුලුවන් වුණාට මටනං,
    ඉලෙක්ට්‍රොනික් වැඩ මුකුත් තේරෙන්නෙ නෑ....
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සුපිරි මචෝ...
    වයර් කෑලි දෙකක් පාස්සගන්න පුලුවන් වුණාට මටනං,
    ඉලෙක්ට්‍රොනික් වැඩ මුකුත් තේරෙන්නෙ නෑ....

    පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගෙන හෙමීට පටන් ගනින් මචන්. මේ චැනල් එක බලපන්. මේකෙම ඉන්න කොල්ලෙක් කරන්නෙ.

    https://www.youtube.com/c/EISlk/videos
     
    • Love
    Reactions: PHBhagya