කොරෝනා vs පොඩි එවුන්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙ මෙහෙ ගියෙ නැතත් පහුගිය කාලේ නම් අපේ අවුරුදු හයේ පුතා, හවසට එයාගෙ අහල පහල යාළුවො එක්ක සෙල්ලං කලා. ඒත් දැන් ඉස්සරහ ගෙදර කෙනෙක්ටත් කොරෝනා. උවමනාම දෙයකට ඇරෙන්න කවුරුවත් එළියට එන්නෙ නෑ.

    ඉතින් මම එයා ගෙදරටම වෙලාම ඉන්න නිසා පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න බඩු ටිකක් ගෙනත් දුන්නා. ගෙනාපු දවසෙම එයා මේ කාර් එක හැදුවා, දෙවෙනි දවසේ මගෙත් උදවු ඇතිව (මම තමයි පාස්සන වැඩේ කලේ) LED ලයිට් දෙකේ සර්කිට් එක (Multivibrator) හැදුවා. අද එයා LEDවලින් පොඩි ලයිට් සෙට් දෙකක් හැදුවා. ආයි එළියට ගියාම තව මේ වගේ කෑලි, කිට්ස් ටිකක් ගේන්න ඕන. තව අපි මේ වගේ රේඩියෝ එකක් හදන්න ඉන්නෙ.

    https://www.wikihow.com/Create-a-Simple-AM-Radio
    https://scoutlife.org/hobbies-projects/projects/40/catch-some-radio-waves/
    https://www.instructables.com/Build-your-own-Crude-FM-Radio/

    මේවා තමයි ඉතින් අපි නම් කරන්නෙ. උබලා මේ දවස්වල පොඩි එවුන් එක්ක කරන වැඩ/සෙල්ලම් මොනවද? :rolleyes:

    RANzrT0.jpg
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    good idea mchn . m tawa chess kiyala denna , carrom asa wei. ida tiye nm football cricket one bump wage ghanna . music instrument ekak kiyala denna

    චෙස් නම් තාම එයාට තෙරෙන්නෙ නෑ මචන් (ගෙදර බෝඩ් එකක් තියෙනවා). එයාගෙ අම්මා ඕගන් ගහන හැටි කියලා දෙනවා. කැරම් නම් නියම අයිඩියා එක. බෝඩ් එකක් ගන්න වෙනවා.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,608
    113
    එක තැනක නෑ
    Very good. At least children will know what is a circuit and how one can convert diagram in circuit to circuit board.
    If not they are addicted to computer games .

    aniwa. Me wage dewal walata podi kalema involve karagaththama, Games gahanna addict wena chance eka godak adu wenawa. Game wage dewal hadanna try karana chance eka wadi wenawa.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Lankawe set ekak karana project ekak thiyenawa Magibit kiyala, naththam Arduino kit ekak aran denna



    Teckකතා අයගෙන් ගත්ත Techduino ආර්ඩියුනෝ බෝඩ් එක මාලග තියෙනවා මචන්. දැන් ඒක අරං අවුරුදු දහයක් විතර වෙනවා. දෑන්නම් මෙලෝ දෙයක් මතක නෑ. මම හෙට අනිද්දා පුතත් එක්ක ඒකෙන් පොඩි පොඩ් වැඩ කරන්න කියලා ඉන්නෙ බං. මම උබ කියපු එක බලන්නම්. ගොඩක් ස්තූතියි!

    Good.... කීයද වයස මචං ...

    අවුරුදු හයයි මචන්.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Ardunio නන් නිසල් ගේ යූටියුබ් වීඩියෝ බලන්න . ලෙසට කියලා දෙනවා.ඔයා electroic spare තියෙන ශෝප් එකකට ගිහින් ඔයාගේ සීන් ඒක කියන්න.කඩවල pcb තියෙනවා.ඒව අරගන්න.මෙතන ත් pcb තියෙන.බුදු රැස් මාලා වගේ හදන්න දෙන්න.එකේ hugak සොල්ඩර් points තියෙන හින්දා ඉගෙනගන්න හොඳයි
    https://scionelectronics.com/product-category/pcbs/
     
    • Love
    Reactions: TNHM and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ardunio නන් නිසල් ගේ යූටියුබ් වීඩියෝ බලන්න . ලෙසට කියලා දෙනවා.ඔයා electroic spare තියෙන ශෝප් එකකට ගිහින් ඔයාගේ සීන් ඒක කියන්න.කඩවල pcb තියෙනවා.ඒව අරගන්න.මෙතන ත් pcb තියෙන.බුදු රැස් මාලා වගේ හදන්න දෙන්න.එකේ hugak සොල්ඩර් points තියෙන හින්දා ඉගෙනගන්න හොඳයි
    https://scionelectronics.com/product-category/pcbs/

    මම Nisal Hewagamageගෙ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නෙ මචන්. පොරගෙ සමහර වීඩියෝස් මම බලලා තියෙනවා. උබ මතක් කරපු එක හොදයි. මේ PCB තියෙන සයිට් එක ගොඩක් වටිනවා. ස්තූතියි!
     
    • Like
    Reactions: Rankira and TNHM