කොලඹ වායු දූෂනය යලිත් එයි
කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණය හෙට (27) සිට යලිත් ඉහල යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ හෙට සිට ලබන 2 වැනිදා දක්වා උදෑසන කාලයේ දී මෙම තත්ත්වය පැවතිය හැකි බවයි.
වායුගෝලයට එක්වන දුම් ආදිය හේතුවෙන් වායුගෝලීය අංශු ප්‍රමාණය ඉහළ යන අතර සුළඟ සමඟ ඒවා පාව යාම සාමාන්‍ය තත්ත්වයයි.
නමුත් මෙම දිනවල පවතින සුළං රටාවේ වෙනස්වීමක් හේතුවෙන් වායුගෝලීය අංශු ප්‍රමාණය එසේ පාලනය වන්නේ නැහැ.
මෙම දිනවල පහළ වායුගෝලයේ සුළං එක් දිශාවකටත්, ඉහළ වායුගෝලයේ සුළං තවත් දිශාවකටත් හැමීම හේතුවෙන් වායුගෝලීය අංශු ඉහළ වායුගෝලය කරා නොයා පහළ වායුගෝලයේම රැඳී තිබෙන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම උදෑසන කාලයේ දී වායුගෝලීය අංශු ප්‍රමාණය ඉහළ යාමට හේතුව විශාල රථ වාහන ප්‍රමාණයක් කොළඹ නගරයට ඇතුළුවීම බවයි එම සංවිධානය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

, Air Visual Mobile app eken pennuwa time damme