කොලඹ වායු දූෂනය යලිත් එයි

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    කොලඹ වායු දූෂනය යලිත් එයි

    කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණය ‌හෙට (27) සිට යලිත් ඉහල යා හැකි බව ජාතික ‌‌ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

    එම සංවිධානය ‌පෙන්වා ‌දෙන්නේ හෙට සිට ලබන 2 වැනිදා දක්වා උදෑසන කාලයේ දී මෙම තත්ත්වය පැවතිය හැකි බවයි.

    වායුගෝලයට එක්වන දුම් ආදිය හේතුවෙන් වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහළ යන අතර සුළඟ සමඟ ඒවා පාව යාම සාමාන්‍ය තත්ත්වයයි.

    නමුත් ‌මෙම දිනවල පවතින සුළං රටාවේ වෙනස්වීමක් හේතුවෙන් වායුගෝලීය අංශු ප‍්‍රමාණය එසේ පාලනය වන්නේ නැහැ.

    මෙම දිනවල පහළ වායුගෝලයේ සුළං එක් දිශාවකටත්, ඉහළ වායුගෝලයේ සුළං තවත් දිශාවකටත් හැමීම හේතුවෙන් වායුගෝලීය අංශු ඉහළ වායුගෝලය කරා නොයා පහළ වායුගෝලයේම රැඳී ති‌බෙන බවයි එම සංවිධානය ‌පෙන්වා ‌දෙන්නේ.

    විශේෂයෙන්ම උදෑසන කාලයේ දී වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහළ යාමට හේතුව විශාල රථ වාහන ප‍්‍රමාණයක් කොළඹ නගරයට ඇතුළුවීම බවයි එම සංවිධානය වැඩි දුරටත් ‌පෙන්වා ‌දෙන්නේ.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    8am-11am wage case

    ගෝටාගේ රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙනකොට පඩ අරින නිසාද මේ වායු දූෂනය ඉහල යන්නේ ඒ වෙලාවට
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    72611793_10156723923763963_4057860980724465664_o.jpg


    remember this wall ponnayo? this wall was a city air purifier
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    ගොන් ආතල් දෙන්න එපා බන්. ඉරිදා රෑ 12 ට තමා වැඩීම තිබ්බේ ගිය සතියේ. ඒ වෙලාවට පුදුම වාහන තොගයක් නේ යන්නේ. .......
    ඉන්දියාවේ ඉදන් එන හුලගේ තියන දුම් මධ්‍යම කඳුකරය හින්දා කැරකිලා නිරිත දිග ට එකතු වෙනවා. Strong හූලගක් නැහැ ආපහු අදින්න මුහුද දිහා ට.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,211
    2
    10,809
    113
    Home Sweet Home
    Apo na :D, Air Visual Mobile app eken pennuwa time damme
    ගෝටාගේ රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙනකොට පඩ අරින නිසාද මේ වායු දූෂනය ඉහල යන්නේ ඒ වෙලාවට