එහෙම දෙයක් නම් පේන් නැහැ සහෝදරයා,,,උගේ තියෙන බලු ගතියට කූඩුව ඇදලා පොර වෙන්න හදනවා කියලා නම් පේනවා,,,
ඌ එකෙන් කූඩුව බිම දැමීම අදහස් කලා කියලා මට නම් වීඩියෝ එක බැලුවම පේන්නේ නෑ බං.
අනික වෙසක් කූඩුවක් බෞද්ධයෝ හදන්නේ ඇයි? බුදු හාමුදුරුවෝ කිව්වද වෙසක් කූඩු හදන්න කියලා?
වෙසක් කූඩුවක් කියන්නේ අනිත්‍යය පසක් කරන දෙයක්. අන්න ඒකයි වෙසක් එකට වෙසක් කූඩු හදන්නේ.බටවලින් හදලා සව් කොළ වලින් අලෝපු වෙසක් කූඩුව අද වගේ ඉස්සර බල්බ් වලින් නෙමෙයි මචං ආලෝකමත් කලේ. ඉටිපන්දම්, පහන් හෝ ගින්දර යම් විදිහකින් යොදාගෙන. අවසානයේ ඒ කූඩුව ඒ ගින්දරින්ම අලුවෙලා පිච්චිලා යන දිහා බලාගෙන මේකනේ බුදුන් වහන්සේ දේශනා කල අනිත්‍යය කියලා මෙනෙහි කරන්නයි වෙසක් කූඩුව නිර්මාණය උනේ. කොල්ලෙක් උඹලා කියන විදිහට බලු කමට හෝ මම කියන විදිහට කොලු කමට රැලි වලින් ඇදලා කූඩුව බිම වැටුනම අපි නියම බෞද්ධයෙක් නම් මෙනෙහිකරන්නත් ඕනේ අනිත්‍යය බව මිසක් අරූට හෙණ ගහපන්, පොන්නයා, අවජාතකයා කියලා නෙමෙයි මම හිතන්නේ.