කොලෙස්ටරෝල්වලට...
කොලෙස්ටරෝල් වැඩිවීම අද හැමෝටම වගේ බලපාන ප්‍රශ්නයක්. මේකට හොඳ විසදුමක් හොයාගෙන තියෙනවා..
ඇමරිකානු පර්යේෂකයන් විසින් මෑතකදී සිදු කළ පර්යේෂණවලදී අනාවරණ අනුව බාල, තරුණ හා මහලු සියලු දෙනා අතිශයින් ප්‍රිය කරන පලතුරු වර්ගයක් වන දොඩම් නිරතුරුව ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටත්, අධි රුධිර පීඩනය අවම කරලීම හා ආඝාතය (ස්ට්‍රොක්) වැළඳීමේ අවදානම අඩු කිරීමට හේතු වේ.
සීට්‍රස් කුලයට අයත් පලතුරක් වන දොඩම් පිළිබඳව සිදු කරන ලද මෙම පර්යේෂණ ප්‍රතිඵල ඇමරිකානු හෘද සංගමය විසින් මෙම අප්‍රේල් මාසයේ පළ කරන ලද ආඝාතය පිළිබඳ සඟරාවෙහි පළ කර තිබේ.
පර්යේෂණවලට අනුව දොඩම් ඇතුළු සීට්‍රස් කුලයට අයත් පලතුරු වර්ගවල අන්තර්ගත 'ෆ්ලෙවනොන්ස්' නමැති ද්‍රව්‍ය කාන්තාවන්ට ආඝාතය වැළඳීමේ අවදානම අඩු කරලීමට මුල් වන බව හෙළි වී තිබේ.
අවහිර වූ රුධිර නාලිකාවන් හේතුවෙන් මොළයට සැපයෙන රුධිරය අඩුවීමෙන් සෑදෙන ආඝාතය රෝගය වැළඳීමේ අවදානම අඩු කරමින් රුධිර සංසරණය වර්ධනය කරමින් හෘද පේශියෙහි නිරෝගී බව වර්ධනය කරලීමට දොඩම්වල අඩංගු 'ෆ්ලෙවනොන්ස්' හේතු වන බව පර්යේෂකයෝ පවසති. මෙම අධ්‍යයනය සඳහා වසර 14 ක් හෙදියන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා සහභාගි වූ කාන්තාවන් 70,000 ක් පමණ දෙනා යොදා ගෙන ඇති අතර ඔවුන්ට සෑම වසර හතරකට වරක්ම සිය ආහාර රටාවන් පිළිබඳ වාර්තා කිරීම සඳහා ප්‍රශ්නාවලියක් ලබාදී තිබේ. අනතුරුව පර්යේෂකයන් ඉහත කී කාන්තාවන් ප්‍රශ්නාවලියට ලබා දුන් පිළිතුරු අනුව ඔවුන් ආහාරයට ගනු ලැබූ ආහාරවල අන්තර්ගත "ෆ්ලෙවනොයිඩ්" ප්‍රමාණයන් ගණනය කර තිබේ.
එහිදී අධ්‍යයනයට සහභාගි වූ ඇතැම් කාන්තාවන් "ෆ්ලෙවනොයිඩ්" දොඩම් හා ග්රේප්පෲට් යුෂ පානය කිරීමෙන් ලබා ගන්නා බව හෙළි වී තිබේ. කෙසේ වුවද පර්යේෂකයන්ට අනුව සීට්‍රස් පලතුරුවල අන්තර්ගත 'ෆ්ලෙවනොන්ස්' යහමින් ලබා ගැනීම සඳහා නම් සම්පූර්ණ පලතුරම ආහාරයට ගත යුතුය.
විටමින් සී ආදේශකයන් ගැනීමෙන් වැළකී සීට්‍රස් කුලයට අයත් දොඩම් වැනි පළතුරු සම්පූර්ණයෙන් අනුභව කිරීම හිතකර බවද ඔවුහු පෙන්වා දෙති. විටමින් සී මගින් ආඝාතය වැළඳීමේ අවදානම අඩු නොකරලීම මෙයට හේතු වී තිබේ. මෙයට පෙර කරන ලද පර්යේෂණවලදී ද දොඩම්වල අන්තර්ගත 'ෆ්ලෙවනොයිඩ්ස්' ශරීරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලීමට හේතු වන බව අනාවරණය වි තිබිණි. 2011 වසරේදී සායනික පෝෂණය පිළිබඳ ඇමරිකානු සඟරාවේ පළ කරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව දොඩම්වල අන්තර්ගත 'හෙස්පිරඩින්' නමැති ෆ්ලෙවනොයිඩ් ද්‍රව්‍යය අධිරුධිර පීඩනය අවම කර හෘද රෝග වැළඳීමේ අවදානම අඩු කිරීමට සමත්ය. එම අධ්‍යයනයට සහභාගි වූ සියලු දෙනා පිරිමින් වන අතර එමගින් පිරිමින්ගේ හදවතෙහි සෞඛ්‍යයටද දොඩම් උපකාරී වන බව තහවුරු වී තිබේ.
මේ වගේම
ලෙමන් යුෂ පෝෂ්‍යදායී පානයකි. උදැසන පානය කරන්නේ නම් එයින් ලැබෙන පෝෂණ ගුණය ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම යමෙකු උදැසන තේ කෝප්පය කිරි රහිතව සකස් කර ගන්නේ නම් කිරි වෙනුවට ලෙමන් ස්වල්පයක් හා මී පැණි තේ කෝප්පයට එක් කර ගත හැක.
දිනපතා ආහාරයට ලෙමන් යුෂ එක්කර ගන්නේ නම් එහි වාසිදායක තත්ත්වය ඉහළය. ලෙමන් විශේෂයෙන්ම ආහාර ජීර්ණ ප්‍රශ්න මඟ හරවා ගැනීමට උපකාරී වේ. එහි ඇති ජීර්ණ ක්‍රියාවලිය පහසු කරලීමේ ගුණය නිසාම පපුවේ දැවිල්ල, වැනි තත්ත්වයන් සමනය කිරීමට උපකාරී වේ. පුරාණයේ කාන්තාවන්ට උණ රෝගය හෝ උදරාබාධ තත්ත්වයක් හටගත්විට ලෙමන් යුෂ කෝප්පයක් ලබාදීම සිරිතක් විය.
ලෙමන් සමේ රෝග තත්ත්වයන් මඟ හරවන පලතුරක්ද වේ. ඉන්දියාවේ බොහෝ දෙනෙකු තම ශරීරයෙහි බර අඩු කර ගැනීම සඳහා ලෙමන් යුෂ හා මී පැණි එකට මිශ්‍ර කර පානය කිරීමට හුරුවී සිටිති.
උගුර රිදීම ඇතුළු උගුරේ ආසාධනයන් රැසකට ලෙමන් යුෂ ප්රත්යක්ෂ ඔසුවක් වේ. පොටෑසියම් ලවණ ඉහළ මට්ටමක පැවැතීම නිසා හෘදයාබාධය වැළඳුණු පුද්ගලයන්ට ලෙමන් යුෂ ඖෂධීය පානයකි. වෛද්‍යවරුන්ට අනුව පුද්ගලයන්ගේ අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් පාලනය කිරීම සඳහා ලෙමන් ඉතා යෝග්‍යය.
එය මිනිස් සිරුරට ආසාදන තත්ත්වයන් කරනු ලබන ක්ෂද්ර ජීවීන්ට පහරදී සිරුරෙහි ආසාදන තත්ත්වයක් ඇති කර වැළැක්වීමද සිදුකරයි. ආඝාතය, හෘද රෝග හා පිළිකාවන් වැනි භයානක රෝගී තත්ත්වයන් වළක්වාලීමද ලෙමන් ක්‍රියා කරයි. ලෙමන්වල පවතින තවත් ගුණාත්මක තත්ත්වයක් වනුයේ එමගින් අධිරුධිර පීඩනය අඩුකිරීමටත් එයින් පසුව හොඳ කොලෙස්ටරෝල් තත්ත්වය වර්ධනය කරවීමත්ය.
ලෙමන් යුෂ ස්වාභාවික කෙස්වල වර්ණය දීප්තිමත් කරනු ලබන හා සම දීප්තිමත් කරන එමෙන්ම කෙස් ඩයි කිරීමේදී හා සම බ්ලිච් කිරීමේදී ඇතිවන රසායනික ආසාත්මික ප්‍රතික්‍රියාවන් වළක්වාලයි. දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්රමවලදී ලෙමන් යුෂ සාමාන්‍ය උණ වැළැක්වීම සඳහාද, මුත්‍රාශය ආශ්රිත ආසාදනයන් හා ගොනෝරියා වැනි රෝග තත්ත්වයන් වළක්වාලීම හෝ ප්‍රතිකාර කිරීම සඳහාද ගැස්ට්‍රයිටිස් රෝගය ආශ්රිත වේදනාවන් සමනය කිරීම සඳහා භාවිත කෙරේ.
ලෙමන් යුෂවල පවතින තවත් ගුණයක් වනුයේ ලුණු ස්වල්පයක් යොදා උණුසුම් ජලය හා මිශ්‍ර කර සෑම දිනකම උදැසන පානය කිරීමෙන් රුධිර ගත කොලොස්ටරොල් මට්ටම හා ශරීරයේ බර අඩු කර ගත හැකි වීමයි. පාචනය වැනි තත්ත්වයකදී ශරීරයෙහි විජලනය වැළැක්වීමේ පානයක් ලෙසද එය සැලැකේ.
මුඛය සෝදන දියරයක් වශයෙන්ද ලෙමන් යුෂ භාවිත කළ හැකි අතර එමගින් දත් දිරායැම වළක්වා දත් සුදු පැහැ ගැන්වීම මෙන්ම එනැමලය ශක්තිමත් කිරීම සිදු කරයි. ලෙමන් යුෂ මගින් උගුර සේදීමෙන් උගුරෙහි ආසාදන තත්ත්වයන් මඟහරවා සහනය ලබාදෙන බව පැවැසේ. ඔස්ටියෝආතරයිටිස් රෝගය හට ගැනීම වැළැක්වීම සඳහාද ලෙමන් යුෂ උපකාර වන බව වෛද්‍ය මතයයි.

වටිනවා..... 