කොලෙස්‌ටරෝල් (Cholesterol)

කොලෙස්‌ටරෝල් (Cholesterol)

එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී මිනිසා සතුටට පත්වන අවස්‌ථාවන් ගණනාවක්‌ම තිබේ. ඒ අතර අන් අවස්‌ථා සියල්ලම පරයා ප්‍රමුඛස්‌ථානයට පත් වන්නේ මිනිසා ආහාරයෙන් සංතෘප්ත වන අවස්‌ථාවය. නෙත සිත දිව පිනවන නේක වර්ගවල ආහාර කුස පිරෙන්නට ගන්නා අවස්‌ථාව මිනිසා වැඩිපුරම සතුටු වන වේලාව බව මුළු ලොම අද පිළිගත් කාරණයකි.

එහෙත් ආහාර ගැනීමේදී අද අප පුරුදුව සිටින වැරැදි ආහාර රටාව හා වැරැදි ජීවන රටාව නිසා හුඟදෙනෙක්‌ ඉතා කෙටි කලකින් මේ සතුට අහිමි කර ගන්නා බව විශ්වාස කරන්නට ඔබ කැමැතිද...?

කැමැති වුවත් අකැමැති වුවත් ඒ කාරණය අද තිත්ත ඇත්ත ලෙස බාර ගන්නට අපට සිදුව තිබීම මොන තරම් අභාග්‍යයක්‌ද?

දිව පිනවන සිත පිනවන ආහාර වර්ග පමණ ඉක්‌මවා ගැනීම හා ඊට සාපේක්‍ෂව ශරීර ක්‍රියාකාරිත්වය හැඩගස්‌වා නොගැනීම හේතුවෙන් සමාජය බෝ නොවන රෝග ගණනාවකටම අද ගොදුරු වී සිටින බව පුංචි දරුවන් පවා හොඳින් දන්නා කාරණයකි. මේ අයුරින් ඩයබිටික්‌ස්‌, ප්‍රෙෂර්, කොලස්‌ටරෝල් ආදී රෝග තත්ත්වයක්‌ සාදා ගන්නා අපේ සමාජයේ නව පරපුර ඊළඟට කරන්නේ වෛද්‍ය උපදෙස්‌ මත බියවී තම ආහාර රටාව සම්පූර්ණයෙන්ම වෙනස්‌ කර ගැනීමය.

තමන් කන්නට කැමැති ආහාර පසෙක තබා තමන් අකැමැති ආහාර අකැමැත්තෙන් බුදිමින් ජීවිතයෙන් භාගයකට වඩා වැඩි කාලයක්‌ අතෘප්තියෙන්, අසන්තෝෂයෙන්, අසහනයෙන් ගත කරන දිවිය අපි ආරම්භ කරන්නේ එතැන් පටන්ය.

මෙය කොයිතරම් දුකක්‌ද.... කොයි තරම් අභාග්‍යයක්‌ද... කොයි තරම් අවාසනාවක්‌ද කියා දැනෙන්නේ සැබැවින්ම ඒ තත්aත්වයට මුහුණදී බලන විටය.

ජීවිතය රසවත් ලෙස විඳිමින් ගත කරන්නට ඇති කාලය භාගයකටත් වඩා ඉතිරිව තිබියදී අප පරාජය බාරගෙන ලෙඩ රෝගවලට ඉඩදී සිතින් ගතින් මනසින් රෝගීන් වී සදාකල් දුක්‌ විඳිය යුතුමද? ඉන් ගැලවිල්ලක්‌ ඇත්තේ ම නැද්ද?

ඒ ප්‍රශ්නයට සතුටුදායක උත්තරයක්‌ වැඩි ඈතක නැති බව කියමින් පසුගියදා අප සමග කතා බහ කළ අයෙකි ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර. ආහාර ගැන අප තුළ ඇති අනවබෝධය බොරු බිය හා සාම්ප්‍රදායික අවිශ්වාසය ඉවත් කර අප අවට ඇති ආහාර පිළිබඳ නිවැරැදි අවබෝධයකින් ආහාර රටාව හා ජීවන චරිත රටාව හැඩගස්‌වාගෙන මේ ගැටලු ජය ගන්නා මාවත ඔහු අපට කියා දුන්නේය.

මෙතැන් පටන් මේ ලිපි මාලාව ඔස්‌සේ අප ඔබ හමුවේ මුදා හරින්නේ ආහාර, පෝෂණය, ජීවන ඇවතුම් පැවතුම් හා චර්යා රටා පිළිබඳ ඔහු දැක්‌වූ විවාදාත්මක අදහස්‌ සමුදායකි. ඔහු මෙම සංවාදය ආරම්භ කළේ අද මුළු මනුෂ්‍ය වර්ගයා භීතියෙන් ත්‍රස්‌ත කළ ආහාර සංඝටකය වන කොලෙස්‌ටරෝල් (Cholesterol) නමැති දෙය කුමක්‌ද, එය අපට අවශ්‍ය ද, ඊට බිය විය යුතුද යන නව අදහස්‌ සමුදාය විවරණය කරමිනි.

කොලෙස්‌ටරෝල් කියන දේ ගැන අහන්න පවා අද සමහරු බයයි. ඒත් මම වගකීමකින් යුතුව කියනවා ඒක බිය විය යුතු දෙයක්‌ නොවෙයි කියලා. කොලෙස්‌ටරෝල් අපේ ශරීරයේ වර්ධනය හා පැවැත්ම උදෙසා අත්‍යවශ්‍යම සංඝටකයක්‌. ශරීරයේ සෛලවල පිට ආවරණය සාදන්න, අත්‍යවශ්‍යම හෝර්මෝන නිර්මාණය කරන්න, ඩී විටමින් ඇතුළු අත්‍යවශ්‍යම විටමින් වර්ග සාදාගන්න අපට කොලෙස්‌ටරෝල් උපකාරී වෙනවා.

සමහරු තුළ වැරැදි මතයක්‌ තියෙනවා කොලෙස්‌ටරෝල් අපේ ශරීරයට ඇතුළු වන්නේ අපි කන ආහාර මගින්ය කියලා. ඒ කියන්නේ මස්‌, මාළු, කිරි, බිත්තර, පොල්තෙල් මගින් පමණයි කියලා හිතලා ඒවා නොකා ඉන්නවා. නමුත් ඒක තමයි ලොකුම විහිළුව.

මොකද අපේ ශරීරය ඊට අවශ්‍ය කොලෙස්‌ටරෝල් ප්‍රමාණය ලබා ගන්නේ කෑමවලින්ම නොවෙයි. කෑමවලින් කොලෙස්‌ටරෝල් ලබා ගන්නේ 30% යි. ඉතිරි 70% ම අපි අපේ අක්‌මාව තුළ නිපදවා ගන්නා බව හුඟ දෙනෙක්‌ දන්නේ නැහැ.

ඇත්තටම කියනවානම් අපේ අක්‌මාවට පුළුවන් දවසකට කොලෙස්‌ටරෝල් මිලි ග්‍රෑම් 1,000 ක්‌ නිෂ්පාදනය කරන්න. නමුත් අපිට ශරීරයට එච්චර කොලෙස්‌ටරෝල් ඕන නැහැ. මිලි ග්‍රෑම් 300 ක්‌a විතර තමයි දෛනිකව අවශ්‍ය වෙන්නේ.

අක්‌මාව මෙන්න මේ කොලෙස්‌ටරෝල් ප්‍රමාණය නිපදවන්නේ අපි කන ආහාරවල තියෙන කොලෙස්‌ටරෝල්වලින් නෙමෙයි. අපේ ඇඟේ ඉතිරිවෙලා තියෙන අමතර ශක්‌තියෙන්.

මෙහෙම කියමුකෝ. අපි කන ඕනම දෙයක්‌...... විශේෂයෙන්ම පිටි කෑම, පාන්, බත්, රොටි, අල වර්ග ආදී ඕනෑම දෙයක්‌. ඊට අමතරව සීනි කෑම තෙල් කෑම ආදි සියල්ල ගත්තම ඒවා දහනය වෙලා ශරීරයේ තැන්පත් වෙන්නේ අමතර ශක්‌තියක්‌ හැටියටයි. අන්න ඒ අමතර ශක්‌තිය යොදාගෙන තමයි අක්‌මාව විසින් කොලෙස්‌ටරෝල් නිෂ්පාදනය කරන්නේ.

ඒ වගේම අපි ආහාරයට ගන්නා මස්‌, මාළු, කිරි, බිත්තරවල යම් ප්‍රමාණයක්‌ කොලෙස්‌ටරෝල් තියෙනවා කියමු. නමුත් ඒ ඔක්‌කොම ප්‍රමාණය ශරීරය අවශෝෂණය කරගන්නේ නැහැ. බොහෝ ප්‍රමාණයක්‌ ශරීරයෙන් පිට කරලා හරිනවා.

මම මෙච්චර මේ කියන්නේ අපේ ඇඟේ තියෙන එහෙම නැත්නම් ලේවල තියෙන කොලෙස්‌ටරෝල් ප්‍රමාණයයි ආහාරවලින් හැදෙන කොලෙස්‌ටරෝල් ප්‍රමාණයයි අතර කිසිම සම්බන්ධයක්‌ නැහැ.

අපි මෙහෙම විස්‌තර කරමු තවදුරටත් කොලෙස්‌ටරෝල් කියන එක හැදිල තියෙන්නේ කෝලේ ස්‌ටැරෝල් කියන වචන දෙක එකතු වීමෙන් (Chole + Starol) කෝලේ කියන්නේ සත්තු. ස්‌ටැරෝල් කියන්නේ ලිපිඩ වර්ගයක්‌. ඒ අනුව කොලෙස්‌ටරෝල් කියන්නේ සත්ත්වයන්ගෙන් එන ලිපිඩ (තෙල්) වලට.

අනිත් අතට ශාකවල කොලෙස්‌ටරෝල් නැහැ. ශාකවල තියෙන්නේ ෆයිටෝ ස්‌ටැරෝල් කියල වර්ගයක්‌ (Phytosterol) ෆයිටෝ කියන්නේ ශාක. ස්‌ටැරෝල් කියන්නේ ලිපිඩ ඒ අනුව ෆයිටෝස්‌ටැරෝල් කියන්නේ ශාක මගින් හැදෙන ලිපිඩ නැත්නම් තෙල් වර්ගයකට.

දැන් බලන්න සමහර වෙළෙඳන්දෝ, නිෂ්පාදකයෝ ශාකවලින් හදන ආහාරවල ලේබල් ගහනවා. "කොලෙස්‌ටරෝල් free" කියලා. ඒක අන්තිම බොරුවක්‌. එහෙම ගහන්න අවශ්‍ය නැහැ. ශාකවලින් ගන්නා ආහාරවල කොලෙස්‌ටරෝල් නැහැ තමයි. එහි තියෙන්නේ ෆයිටොස්‌ටැරෝල් විතරයි. ඒවයි ඇඟේ තියෙන කොලෙස්‌ටරෝලුයි අතර සම්බන්ධයක්‌ නැහැ.

හැබැයි ශාක ආහාර ගත්තම ඉතාම හොඳ දෙයක්‌ වෙනවා. ෆයිටොස්‌ටැරෝල් ශරීරයට උරා ගන්න බැහැ. හැබැයි එමගින් ශරීරය කොලෙස්‌ටරෝල් උරා ගන්නා ප්‍රමාණය අවම කරනවා. මොකද අවශෝෂණය සඳහා කොලෙස්‌ටරෝල් ෆයිටොස්‌ටරෝල් කියන දෙක තරග කරන කොට කොලෙස්‌ටරෝල් දුර්වල වෙනවා.

මෙන්න මේක නිසා තමයි අපි කියන්නේ ශාකමය ආහාර, පිටිමය ආහාර, මංශජනක ආහාර සමබර විදියට ගන්න කියලා.

මාංශජනක ධාතු අඩංගු ආහාර තියෙනවා මස්‌, මාළු, කිරි, බිත්තර ආදී සියල්ල. ඒවා ගැනීමේදී අපි තවදුරටත් හිතේ තියාගෙන තද කරගෙන අදහගෙන ඉන්න වැරැදි ආකල්පය දැන්වත් ඉවත් කළ යුතුයි.

උදාහරණයක්‌ වශයෙන් සමහර අය ලාබෙටම ප්‍රොaටීන් හා විටමින් ගන්න තියෙන මාර්ගය වන බිත්තරය කන්නේ නැහැ. කොලෙස්‌ටරෝල් තියෙනවා කියලා. බිත්තරය නොකා ඒ වෙනුවට අලි බත් පිඟානක්‌ හරි පාන් තුන්කාලක්‌ හරි කනවා පරිප්පු හරි මොනව හරි හොදි ජාතියක්‌ එක්‌කලා. ඒකෙන් මොකද වෙන්නේ. බිත්තරයෙන් කෙලින්ම ලැබෙන ප්‍රොaටීන් ටික, යහපත් පෝෂ්‍ය කොටස්‌ නොලැබී යනවා. ඒ වෙනුවට වෙන්නේ පාන් කනකොට ඇඟට පිටි ලැබිලා ග්ලූකෝස්‌ බවට පත්වෙලා ඒවා අමතර ශක්‌තිය ලෙස තැන්පත් වෙලා ඊට පසු අර බිත්තරයේ තියෙන ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක්‌ වැඩි කොලෙස්‌ටරෝල් ප්‍රමාණයක්‌ අක්‌මාවෙන් බිහි කරනවා. ඕවා තමයි වැරැදි ආහාර පුරුදු.

මම මේක තව ටිකක්‌ විස්‌තර කළ යුතුයි. බිත්තරවල කොලෙස්‌ටරෝල් නැහැමද කියල කවුරු හරි ඇහුවොත් මම කියනවා ඔව් තියනවා කියලා. බිත්තරයක තියෙනවා කොලෙස්‌ටරෝල් මිලිග්‍රෑම් 185 ක්‌ විතර. හැබැයි අක්‌මාවට පුළුවන් දිනකට මිලිග්‍රෑම් 1000 ක්‌ හදන්න. හැබැයි ශරීරයට උවමනා මිලිග්‍රෑම් 300 යි.

අපි බිත්තරයක්‌ කෑවාම එහි තිබෙන මුළු කොලෙස්‌ටරෝල් මිලි ග්‍රෑම් ප්‍රමාණයම ශරීරයට අවශෝෂණය කරගන්නේ නැහැ. සමහරවිට මිලිග්‍රෑම් 100 ටත් වඩා අඩු විය හැකියි.

මොකද බිත්තරවල තියෙනවා එන්සයිම වර්ග කොලෙස්‌ටරෝල් අවශෝෂණය කර ගැනීමට පටහැනිව ක්‍රියා කරන.

උදාහරණ වශයෙන් බිත්තරවල තියෙනවා ලිසිටින්a කියලා එන්සයිමයක්‌. ඒවා සෝයාවලත් තියෙනවා. ඉන් කොලෙස්‌ටරෝල් අවශෝෂණය අඩු කරනවා. ඊට අමතරව බිත්තරවල තියෙනවා තෙල් වර්ගයක්‌ අපි ඊට කියනවා අසංතෘප්ත මේද අම්ල කියලා. (Unsaturated Fat) මේවා විශාල ප්‍රමාණයක්‌ තියෙනවා. ඉන් කරන්නේ ඇඟෙහිs හැදෙන කොලෙස්‌ටරෝල් ප්‍රමාණය බාල කරන එක.

තව එකක්‌ තියෙනවා සංතෘප්ත මේද අම්ල කියලා (Saturated Fat) ඒව තමයි කොලෙස්‌ටරෝල් හදන මේද අම්ලය. බිත්තරවල ඒවා නැහැ. බිත්තරවල තියෙන්නේ කොලෙස්‌ටරෝල් අඩු කරන මේද අම්ලය විතරයි. ඒකයි අපි කියන්නේ බය නැතුව බිත්තර කන්න කියලා.

ඕක තව ටිකක්‌ අපි විග්‍රහ කරගමු. මෙන්න මෙහෙම.

අපේ ඇඟේ ලේවල තියෙනවා කොලෙස්‌ටරෝල් ස්‌වභාවයන් දෙකක්‌. එකක්‌ අපි එල්. ඩී. එල්. (LDL) කියල කියනවා. (Low Density Lipoprotein) මේවා අපි "නරක කොලෙස්‌ටරෝල් කියල හඳුනා ගෙන ඉන්නවා. අනිත් එකට කියනවා. එච්. ඩී. එල්. (HDL) කියලා. (High Density Lipoprotein) ඒකට අපි හොඳ කොලෙස්‌ටරෝල් කියලා කියනවා. මෙයින් නරක කොලෙස්‌ටරෝල් තමයි භයානක. මොකද මේවා ඇඟපුරා ලේ සමග ගිහින් කරන්නේ නහරවල බිත්තිවල මේදය තැන්පත් කරන එක. ඒක නරකයි. අනිත් එච්. ඩී. එල්. කියන හොඳ කොලෙස්‌ටරෝල් වාහකය මගින් කරන්නේ එසේ තැන්පත් කරල තියෙන මේද ප්‍රමාණය ගලවාගෙන ආපහු අක්‌මාවට ගේන එක. ඒක හරියට කුණු ලොරියක්‌ පාරේ දෙපැත්තේ තියෙන කුණු එකතු කරගෙන පාර පිරිසිදු කරන් යනවා වගේ වැඩක්‌.

අපි දැනගත යුතු දේ තමයි බිත්තරවල තිබෙන අසංතෘප්ත මේද අම්ල මගින් වෙන්නේ ශරීරයේ හොඳ කොලෙස්‌ටරෝල් වාහකය වැඩි කරවන එකයි (HDL). අන්න ඕක නිසා තමයි අපි හැමවිටම කියන්නේ බිත්තර කන්න බය වෙන්න එපා කියලා.

අපි බිත්තරයක්‌ ගමුකෝ. බිත්තරයක සුදු මදය චුට්‌ටක්‌ වත් අගුණ නැහැ. සුදු මදය පුරාම තියෙන්නේ ප්‍රොaටීන්. 94% ක්‌ ප්‍රොaටීන් තියනවා. කිරිවල මේක තියෙන්නේ 86.5% ක්‌. මස්‌වල 77% යි. මාළුවල 76% යි. දැන් බලන්න බිත්තර ග්‍රෑම් 100 ක ප්‍රොaටීන් කොපමණ තියෙනවද කියලා?

හැබැයි කහ මදයේ තමයි සියලු ප්‍රශ්න තියෙන්නේ. එහි තියනවා විටමින් සී හැරුණු විට අත්‍යවශ්‍ය විටමින් සියල්ල. ඊට අමතරව අයඩින්, සින්ක්‌, යකඩ, කැල්සියම්, සෙලීටියම් ආදී අත්‍යවශ්‍ය සියලු ඛණිජත්, බිත්තර කහ මදේ තියනවා.

ඊට අමතරව තමයි මේ කහ මදේ තෙල් සහ කොලෙස්‌ටරෝල් දෙකම තියෙන්නේ. මෙන්න මේ ටිකට තමයි මිනිස්‌සු බය. දොස්‌තරලා මිනිස්‌සු බය කරන්නේත් මේ ටිකට තමයි.

නමුත් මෙහි තියෙන්නේ අසංතෘප්ත මේද අම්ල විතරයි. ඒ කියන්නේ ශරීරයට හිතකර එච්.ඩී.එල්. විතරයි. ඒක නිසා බය වෙන්න එපා. ඒ හැරුණාම ඉතිරි කොලෙස්‌ටරෝල් ප්‍රමාණයට බයවෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒ මිලිග්‍රෑම් 185 ම ශරීරයට අවශෝෂණය කරගන්නේ නැති නිසා.

අපි මේවා පර්යේෂණ මගින් තහවුරු කරපු කාරණා. ඒක නිසා මේ පිළිබඳ කරුණු කියන්න අපි කොතනකවත් පැකිලෙන්නේ නැහැ. ඕනම සංවාදයකදී වුණත් මේ කරුණු ඔප්පු කරන්න අපි ලෑස්‌තියි.

ඔන්න ඔය කාරණා අනුව අපි මොකටද කොලෙස්‌ටරෝල් වලට ඕනවට වැඩිය බය වෙන්නේ.?
ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර
 
Last edited:

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මාතර ළමයා;17355802 said:

    මම මෙච්චර මේ කියන්නේ අපේ ඇඟේ තියෙන එහෙම නැත්නම් ලේවල තියෙන කොලෙස්‌ටරෝල් ප්‍රමාණයයි ආහාරවලින් හැදෙන කොලෙස්‌ටරෝල් ප්‍රමාණයයි අතර කිසිම සම්බන්ධයක්‌ නැහැ.


    :eek:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Kaata hari ekek ta choleterol thiyanwa nam Ou statin ganna hitan innawa nam choleterol adu karanna me tika karala balanna...



    Maintain a good healthy liver -- Ekata Livox / liv52 wage ekak beepan himalaya (liver enzimes normal wenawa


    Pranajeewa patta - Pr0ven to lower LDL and triglcerdies ....





    Eeta amatarawa .. .Goraka + Ginger + Gralic - Celon cinnamon wage ingredients thiyana dewal ganna


    Plant sterols wadi wena taramata kana choleterol badanwa adui... a nisa vegarables kedi thiyana ewa ganna


    Puluwan nam



    Omega 3 + Choterol QR + Pranajeewa + Milk thoitle (ingrediant)



    hpyala balanna ....statin beth replace karanna puluwan....


    Ayudrveda ewata baya wenna ona naa...GMP / Ayurveda Reg products ganin ewala ETI certified nam safetyness ok ...




    BUMP...Good thread!
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ලංකාවේ දැකලම නෑ.බිතර තියෙනවා ගෝල්ඩ් යෝක් එක තියෙන.මේක කහ මදය නෙවෙයි.හුගක් ඒවා අලු පාටයි ලංකාවේ.පිටරටවල ඉන්න තඩි වර්ණවත් කිකිලියො මේක දාන්නේ .ඒක බිත්තරයත් ටිකක් ගෝල්ට් පාටයි.බ්‍රවුන් ගතිය වැඩී.මදේ කහ එකට වඩා ගෝල්ඩ්. මේක ටේස්ට් එක වැඩී.ලංකාවේ බිතර වලට වඩා යුරෝපිය බිත්තර වල අමුතු ටේස්ට් එකක් තේරෙනවා.
    Golden-Yolk-Eggs-A.jpg
     
    Last edited: