කොවිඩ් මර්ධනයට අනිල් ජාසිංහ යළිත් කැඳවයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉදිරියේදී පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

    හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උසස්වීමක් ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ බව මෙහිදී විපක්ෂයෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය පවසා සිටියා ය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් වුයේ සිය කැමැත්තෙන් බවද මෙහිදී අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට කියා සිටියා ය.

    වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් තනතුර පුරප්පාඩු වී සිටිය අවස්ථාවේදී බවද එහිදී අනාවරණය විය.

    මේ වනවිට නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු පත් කොට තිබෙන නිසා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය කැමැත්තෙන්ම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වූ බව අමාත්‍යවරිය පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් පැවසුවාය.

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    දැන් නම් පාලනය කරන්න අමාරු තරමට ගිහින් නේ. ඔතන උනේ මේ මිනිස්සුන්ට කාඩ් එක යයි කියල බයට මාරු කරා හිතලා බලන්නේ නැතිව. එකෙන් කක්කා ගොඩක් උනා වැඩේ