කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ කාලේ ගෙදරම ඉන්න කිව්වට ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
    මම නම් wedding වලට හැර අනිත් හැම තැනම යනවා. ඒ යන ගමන් කොවිඩ් හදාගන්නේ නැතුව බේරගන්න මම කරන දේවල් ටිකක් බෙදාගන්න හිතුවා

    මේ තියෙන්නේ මගේ වාහනේ පිටිපස්සේ Tray එක

    20210814_133723.jpg


    1) අලුත් surgical Mask
    2) අලුත් surgical Mask (Child)
    3) Used KN 95 Mask
    4) Used Surgical Mask
    5) Transparent Sanitary Gloves
    6) Face Shield (Used & New)
    7) අලුත් KN95 Mask

    මේ වැඩේ නිසා හරිම පහසුයි. Box එකක දාපු නිසා face shield තැලෙන්නේ, හීරෙන්නෙත් නෑ...

    Surgical mask ගනිද්දී Melt Blown Fabric තියන Allen කියලා Emboss කරලා තියන මාස්ක් තමයි ගන්නේ.
    සමහරු මේ මාස්ක් එක හොඳ නෑ කියනවා, ඒත් සමහරු මේක අනිත් ඒවට වඩා හොඳයි කියනවා. ඇත්ත මොකක්ද දන්නේ නෑ. දන්න කෙනෙක් මටත් කියන්න

    (Surgical mask 385/- ටත් තියනවා. ඒ කඩ වලම මේ Allen එක 650/- ක් වෙනවා. පාරවල් වල නම් 500/- යි)

    ටවුන් එකට ගියාට පස්සේ Wife යි මමයි දෙන්නම වාහනෙන් එලියට යන්නේ Surgical mask එක Cross එකට දාලා ඊට උඩින් KN95 එක දාලා ඊටත් උඩින් Face Shield එක දාලයි. සුපර්මාර්කට් වලට යද්දී විතරක් අත් වලට Sanitary Gloves දානවා

    බැංකුවකට, ඔෆිස් එකකට ගියත් කිසිම පුටුවක වාඩි වෙන්නේ නෑ. ආපහු ඇවිත් වාහනේ සීට් එකේ වාඩි වෙන්න වෙන නිසා.

    මේ දවස් වල AC තියන සුපර්මාර්කට් වලට යන එක අනතුරුදායක වුනත් ඕනේ දේවල් ගන්න මම නම් ඒවට යනවා. කිසිම හේතුවක් නිසා AC ඇතුලේ මාස්ක් එක ගලවන්නේ නෑ . කාර්ඩ් එකෙන් ගෙවන්නේ.

    වාහනේට ආවම අපි දෙන්නම මාස්ක් 2යි, Face Shield එකයි ගලවලා මල්ලකට දාලා අත් සැනිටයිස් කරනවා, සපත්තු වල යටත් සැනිටයිස් කරනවා, ෆෝන් එකත් සැනිටයිස් කරනවා.
    වාහනේ දොරවල් වල අල්ලපු Handle පවා සැනිටයිස් කරනවා.

    ආයේ වෙන තැනකට වාහනෙන් ගිහින් වෙන කඩෙකට යද්දී වෙන මාස්ක් 2යි, Face Shield එකයි අලුතෙන් දාගන්නවා.

    එක පාරක් Wife එක්ක ටවුන් එකට ගිහින් එද්දී අපි දෙන්නටම Mask 14යි, Face Shield 6යි, සැනිටයිසර් 200ml ක් විතර යනවා.

    ගෙදර ආවට පස්සේ බේසමකට ඩෙටොල් වතුර දාලා ගෙනාව බඩු සේරම ඒකේ ඔබලා අරන් ඩෙටොල් වතුර හේදෙන්න හොඳ වතුර බේසම් 2ක ඔබලා පිහදාලා වේලෙන්න තියනවා.
    (අව්වේ තියන්න හැම වෙලේම මිදුලට අව්ව නෑ ගෙදර වටේටම සාදික්කා ගස් නිසා)
    වතුරේ ඔබන්න බැරිම දෙයක් නම් තමා සැනිටයිස් කරන්නේ

    කාර්ඩ්බෝඩ් බොක්ස් වල තියන දේවල් කවර අයින් කරලා ගන්නවා
    බඩු හෝදපු ඩෙටොල් වතුරෙන් වාහනේ ඉස්සරහා කාර්පර්ට් දෙක හෝදලා වතුර බහින්න තියනවා එලියට ගිහින් ඇවිත් කාර්පට් දෙක පාගන නිසා

    මාස්ක්, Shield සේරම ඩෙටොල් වතුරේ දාලා පැයක් විතර තියලා ලාවට පොඩි කරලා අරන් වේලලා ගන්නවා
    මාස්ක් එකක් 2-3 පාරක් විතර දාල තමයි අයින් කරන්නේ. මොකද රෙදි මාස්ක් වුනත් හෝදලා දාන එකේ අවුලක් නෑනේ. එහෙනම් ඒවත් හෝදද්දී ඩැමේජ් වෙන්න එපැයි.

    දාගන ගිය සපත්තු ගෙට ගේන්නේ නෑ . ගෙට ඇතුල් වෙන්නේ නාලා ඉවර වෙලයි. ඊට පස්සේ Purse එක සැනිටයිස් කරනවා. Purse එකේ අන්තිමට ඉතුරු වෙලා තියන කොල සේරමත් සැනිටයිස් කරනවා. ඊයේ පෙරේදා UV Light එකක් ගෙනාවා මේ වැඩේට, ඒත් එක ගැන ලොකු විස්වාසයක් නෑ

    පිට කෙනෙක් වාහනේට නග්ගගන්නෙම නෑ, එහෙම කරන්නම වුනොත් අපි මාස්ක් දාලා, වාහනේ ග්ලාස් ඇරලා AC ඕෆ් කරලා යන්නේ. අන්තිමට ඒ කෙනා වාඩි වුණු සීට් එකම සැනිටයිස් කරනවා.

    ගෙදර ගේට්ටුව Lock කරලා තියෙන්නේ. බෙල් කලාම ගේට්ටුව අරින්නේ මාස්ක් දාගන ගිහින්.
    මාස්ක් නැතුව අහල පහළ කෙනෙක් ආවත් ගේට්ටුවෙන් ඇතුලට ගන්නේ නෑ මාස්ක් දාගන එන්න කියලා මූණටම කියනවා.

    ලයිට් බිල, වතුර බිල, ලියුම්, Courier වලින් එන දේවල් පවා සැනිටයිස් කරලා ගන්නේ

    C විටමින් 500mg Flavors 4කින් ගෙනත් කෑම මේසේ උඩ tray එකක දාලා ගෙදර අයට දවසට 1 හෝ 2 ගානේ කන්නම ඕනේ කියලා අනිවාර්ය කරලා තියෙන්නේ

    හවසට "සුවධරණි" බොනවා, සමහර දවස් වලට සුදුළුුණු තම්බලත් කනවා.

    එලියෙන් Nescafe වගේ බොනවා නම් වාහනේට ගෙනත්, වාහනේ තියන කෝප්ප වලට දාලයි බොන්නේ.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    එක පාරක් Wife එක්ක ටවුන් එකට ගිහින් එද්දී අපි දෙන්නටම Mask 14යි, Face Shield 6යි, සැනිටයිසර් 200ml ක් විතර යනවා.

    ෆේස්ශීල්ඩ් හයක්, පාරෙ ඉන්න උන්ටබෙදනවද උබලා,
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    “එක පාරක් Wife එක්ක ටවුන් එකට ගිහින් එද්දී අපි දෙන්නටම Mask 14යි, Face Shield 6යි, සැනිටයිසර් 200ml ක් විතර යනවා. “

    owwath karala kanna bonna badu gannath salli thiyenawa kiyanne uba wasanawanthai.
     
    • Haha
    • Wow
    Reactions: nooby and shawije

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    “එක පාරක් Wife එක්ක ටවුන් එකට ගිහින් එද්දී අපි දෙන්නටම Mask 14යි, Face Shield 6යි, සැනිටයිසර් 200ml ක් විතර යනවා. “

    owwath karala kanna bonna badu gannath salli thiyenawa kiyanne uba wasanawanthai.
    ඕවා කනවද බං
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    Ammoo... Marai.. but that's the best way to avoid the virus. Good! Stay safe!

    Btw bill, letters sanitize karanne kohomada ban?

    Fruits, veggies wash karanne kohomada? Haal genama kohomada wash karala athulata agnne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    පට්ට බන්. සල්ලි තියෙන අය මෙන්න මේ විදියට ආරස්සා වෙන්න.

    අපි නම් ජුප්පත් මිනිස්සු. ගෙදර ඇවිත් සන්ලයිට් කෑල්ලෙන් අත හොදල තමයි මාස්ක් එක ගලවන්නෙ. නාල කරල හුමාලේ අල්ලල උනුවට කොත්තමල්ලි එකක් ගහනව කට කැපිල යන්න.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මං නං ඔච්චර පරිස්සම් වෙන්නේ නැහැ. අපේ ඔෆිස් එකෙත් මාස්ක් දෙක තුන දාලා හිටපු අයට තමයි මුලින්ම කෝවිඩ් හැදුනේ.

    අනික් උන් ටික යස අගේට ඉන්නවා. ඒ හැදුන අයටත් ලොකු අමාරුවක් නැහැ.
     
    • Like
    Reactions: rasikac

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඔහොම බැලුවාම අපි පරිස්සං වෙන්නෙම නැ නේ. Mn eka mask eka dan sathiyk wtra danne. 😖
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    දොස්තර කෙනෙක් වත් ඔච්චර දේවල් කරන්නෙ නැතුව ඇති.

    පැය 4 - 5 කට එක මාස්ක් එකක් ඇති. මාස්ක් එක ගලවන එක තමයි අවදානම

    අනික ලෙඩක් නැතුව බොරුවට බේත් බොන එකත් හොඳ දෙයක් නෙවෙයි
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මං නං ඔච්චර පරිස්සම් වෙන්නේ නැහැ. අපේ ඔෆිස් එකෙත් මාස්ක් දෙක තුන දාලා හිටපු අයට තමයි මුලින්ම කෝවිඩ් හැදුනේ.

    අනික් උන් ටික යස අගේට ඉන්නවා. ඒ හැදුන අයටත් ලොකු අමාරුවක් නැහැ.
    dann ekekk marenknn oma gamenn thama godakk aya inne :(
     
    • Like
    Reactions: S_M_S

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    මචං උබෙ celerio එක 2000 කීයේ ද? ඕකෙත් පස්සට ගිහින් ඉස්සරහට එන කේස් ඒක තියෙනවද? ෂිට් comfartable අඩුයි නේ ද?

    , Any way, Good guide. Thanks for sharing.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    දොස්තර කෙනෙක් වත් ඔච්චර දේවල් කරන්නෙ නැතුව ඇති.

    පැය 4 - 5 කට එක මාස්ක් එකක් ඇති. මාස්ක් එක ගලවන එක තමයි අවදානම

    අනික ලෙඩක් නැතුව බොරුවට බේත් බොන එකත් හොඳ දෙයක් නෙවෙයි
    vitamin c water solubale awlk na biwwata.
    suwa dharani th Ayurveden recommenced ekk ... awlk na

    mask nm oma galawanna oni na ... eka gamankata dagena ghilla yana okkoyema ghinn
    gedra awill dispose kara nm hodatama athi..

    Ohoma karapu godak ayata haduna ban.matath haduna.ohomama nathath godak parissam welath.dan wadiya hithanne na.eth parissam wenawa ithin puluwan tharam.monawa karannada ban.amaru kalayak
    e kohe hari awlk thiyela
    nathnm haraiyata innaw nm hadenne na ... :yes:
    ------ Post added on Aug 14, 2021 at 5:35 PM
     
    • Like
    Reactions: S_M_S and Identity