උදේ අම්මව ඇඩ්මිට් කරන්න ගියා ඇඹිලිපිටියේ හොස්පිටල් එකට. අනිද්දා සර්ජරි එකක් තියනවා. එතකොට "හැමෝම අයින් වෙන්න, කොවිඩ් රෝගියෙක් එනවා" කියල වයසක මනුස්සයෙක් එක්කගෙන ඇවිත් ඇම්බියුලන්ස් එකට නැග්ගෙව්වා. ඊට පස්සේ වෝඩ් එකට ගියාම එතන වෝඩ් එක ඇතුලේ තව ගෑනු කෙනෙක් පොසිටිව්. උදේ 9.30 ඉඳලා අන්තිමට දැන් ටිකකට කලින් ඇඩ්මිට් කරගත්තා අම්මව. ඒ වෝඩ් එකේම අර පොසිටිව් වෙච්ච මනුස්සයත් ඉන්නවා. ඒ මනුස්සය වෙන් කරලත් නෑ. මේ පාර නම් වැඩේ හිතනවට වඩා අමාරුවෙයි කියල හිතෙනවා.
