කොවිඩ්-19 පහුගිය නොවැම්බරයට පෙර

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කොවිඩ්-19 පහුගිය නොවැම්බරයට පෙර

    කොවිඩ්-19 පහුගිය නොවැම්බරයට පෙර ලෝකයට කඩා වැදුනා නම්.. කසලසිරින් පිරි සිරි ලංකාවේ මෙහෙම ඇහෙයි නේ..

    ⛔ ''..දැන් ඔය කයිවාරු ගහන අයට අමතක උනාට කලින් එක්කෙනාගෙ ආණ්ඩුව කාලෙ නානාප්‍රකාර වෛරස් එනකොට මමයි සෞඛ්‍ය ඇමති..නානාප්‍රකාර වයිරස් ආවා.. කිබොලා කියයි.. සෝස්ද මොනවද කියයි.. ඒවා එනකොට ඔය කයිවාරු ගහන කවුරුවත් එතකොට රටෙත් හිටියෙ නෑ.. මම තනියම තමයි ඒ වෛරස් නැති කරන්න සියළු උපදෙස් දුන්නෙ.. මම මේ අළුත් එක ගැනත් හොයලා බලලා මොනවද කරන්න ඕනැ කියලා හිටං මට නිර්දේශ කරන්න කමිටුවක් පච්කරා.. මාස තුනක් ඇතුලත කඩිනමින් වාර්ථාව දෙන්න කියලා මම නියෝග කරලා හිටං තියෙන්නෙ..'' - අතිගරු සිරිසේන

    ⛔ ''..මම එංගලන්තෙ අගමැයිතුමාට ඊයෙ රෑත් කෝල් කරා.. එතුමාවත් ඕක සත පහකට ගනං අරං නෑ.. ඔය ඇහැට පේන්නෙත් නැති එකකට මොනවට බය වෙනවද.. අනික තාම මෙහේ කවුරුවත් මැරුණෙත් නෑ.. එංගලන්තෙ මේ වෙනකොට එකසිය ගාණක් මැරිලා.. ඇමයිකාවෙත් එහෙමයි.. ඉතිං එයාලා කලබල උනාද.. නෑ නේ.. නෑ නේ.. ඉතිං අපි මොකටද කලබල වෙන්නෙ.. හැක්.. හැක්.. අනික ත්‍රිපිඨකේ 53 වෙනි පිටුවේ තුන් වන පේලියේ අගට වෙන්න ලොකුවට තියෙනවා ගහලා.. ''තණ නම් පණ අග වැහි පොද වැන්නේ..'' කියලා.. ඒවා තියෙන්නෙ ඔළුවට තියං බුදියන්න නෙවෙයි.. පිළිපදින්න..'' - රනිල් අගමැයිතුමා

    ⛔ ''..රන්ජන් අයියේ.. බලනවකෝ.. අපේ ලොක්කට පුදුම නොලේජ් එකක් නේද ඕයි තියෙන්නෙ..'' - හිරුණිකා

    ⛔ ''..මිත්‍රවරුණි.. මම මේ සදා ලෝක පූජිත කොරෝනා ගම්මානෙ කැප කරනවා.. පුද දෙනවා.. අසරණ කොවිඩ්-19 ජනතාව වෙනුවෙන්.. ඒ වගේම මිත්‍රවරුණී.. මම කියන්න කැමතියි.. මේ ගම්මානෙ යතුරු අරං මම හෙටම යනවා දැඩි සත්කාර ඒකකයට.. මම ඒ ලෙඩ්ඩුන්ගෙ ඇඳ ලඟ දන නවලා.. බඩ ගාලා.. මේ යතුරු පිළිගන්වනවා.. ඔය අනිත් කයිවාරු ගහන කට්ටිය අංගොඩ පොලිස් වසමටවත් නොගියට.. මේ සජිත් ප්‍රේමදාස බය නෑ.. සජිත් ප්‍රේමදාස බය කියන එක අඳුනන්නෙ නෑ.. බය මේ සජිත් ප්‍රේමදාසට බයයි.. මම ඒ අසරණ රෝගීන්ට මැරුණත් මැරෙන්න දෙන්නෙ බොහොම සතුටින්.. සෙනෙහසින්.. සිනහවෙන්.. අභිමානයෙන්..'' - සජිත් පුතානෝ

    ⛔ ''..නංගී බලනව කො අර අපේ දෙවනි බූරුවා කියන කථා.. කිසිම කැපෑසිටියක් නැති හරකෙක් නේද ඕයි.. උගේ සමහර කථා ඇහුවම එතනම නවලා අරින්න හිතෙනවා පුත්තියේ..'' - රංජන්

    ⛔ ''..දැන් පත්තර වල ලියන ඔහේලා වෛරස් ස්පෙෂලිස්ලද.. මම දොස්තර කෙනෙක්.. ඔය සංගම්වල ඉන්න දෙකයි පනහෙ දොස්තරලා වගේ නෙවෙයි.. ලෝක සෞඛ්‍ය සංවිධානෙත් වැඳලා පිලිගත්ත දොස්තර කෙනෙක්.. නොදන්න පණ්ඩිතකම් කියවන්න එපා.. මේක වෛයිරස් එකක්ද.. ඕවා කියනවා වෛරස් දැකලා නැති එවුන්ට.. මම දැනටම ඕකට බෙහෙත හදවලා තියෙන්නෙ.. ලබන සතියෙ එළියට දානවා.. කැමති එවුන්ට බොන්න පුළුවන්.. බැරි එවුන්ට නිකං ඉන්න පුළුවන්..'' - රාජිත සුවපති

    ⛔ ''..ළමයෙක්ට කොරෝනා හැදුනොත් ලක්ෂයක් දෙනවා.. බය නැතුව පාසැල් එවන්න..''. - අකිල

    ⛔ ''..අපිට මේ වෛරස් අවස්ථාව තුලින් ගමන් කරන්න තියෙනවා.. ඒකට කලබල වෙලා බැහැ.. මේ අවස්ථාවෙ උප නායක ලෙස ජනතාව තුලින් විජයග්‍රහණය ලබලා රට සමෘධිමත් කරනව.. ඒ තුලින් තමයි අපි හිතන්න ඕනැ ජයග්‍රහණය ලබන්න.. එහෙම කරන්න කලබලේට විජයග්‍රහණ ලබලා දෙන්න ගමන් කරන්න බෑ..'' - රවී සන්ද්‍රිස්

    ⛔ ''..මිත්‍රවරුණි.. මේක ගෝලීය තත්වයක්.. අපි ජාත්‍යන්තර සන්දර්භය ඇතුලෙ මේක දිහා බලන්න ඕනැ.. මම මේකට යෝජනා කරා මෙගා ග්ලෝබල් සැලැස්මක්.. ඒක මෙහාට විතරක් නෙවි මුළු ලෝකයටම.. මගේ සැලැස්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණයෙ තියෙන්නෙ.. ඒක අනිවාර්යයෙන් එයාලට පිළිගන්න වෙනවා.. එහෙම උනොත් මම මුලින් ඉතාලියේ සහ මුළු යුරෝපෙම මේ ප්‍රශ්ණෙ විසඳනවා.. ඊළඟට මගේ කණ්ඩායමට ඇමරිකාවට සහය වෙන්න වෙනවා.. ඊට පස්සෙ ලංකාව ගැන බලන්න ඕනැ.. නිකං පිස්සො වගේ වැඩ කරන්න බෑ.. අපිට තියෙන්න ඕනැ ප්‍රයො-රොටී ලිස්ට් එකක්.. යුද්ධෙ මම කරා කියලා පපුවට ගහ ගන්නවා වගේ සරල නෑ මේවා..'' - පාච මෙගා රණේ

    ⛔ ''..හමුදාව සීරුවෙන්.. අපිට පුළුවන් මේක මර්ධනය කරන්න සහය වෙන්න.. ඒකට අපිට බලතල පවරලා අදාල නියෝගය එනකල් අපි බලන් ඉන්නවා.. එහෙම නැතුව මේවට මැදිහත් වෙන්න අපිට බලතල නෑ.. ඉතිං බලං ඉන්නවා ඇර දැනට අපිට මොකුත් කරන්න බෑ..'' - හමුදාපති

    ⛔ ''..මේ ආණ්ඩුව මොකුත් තේරෙන්නෙ නෑ.. මොනවා උනත් රාජපක්ෂලාගෙ කාලෙ වෙලාවට කලාවට වැඩ ටික උනා.. මට පොලිසිය බාර දීලා බලතල එක්ක පහසුකම් දෙනවා නම් සතියෙන් කොරෝනා නෙවෙයි ඕනැ කලවැද්දෙක් කුණුකට්ටෙක් මර්ධනය කරනවා.. එහෙම නොදුන්නොත් ජනතාවට සොරි.. කොරෝනා හැදිලා දුක් විඳලා මැරෙනවට වඩා හොඳයි වලක් කපලා වලට බැහැලා වහ කුප්පියක් බොන එක.. කවුරු හරි බේරිලා හිටියොත් ගඳ උහුලන්න බැරුව වල වහලා දාවි නේ.. හැක්.. හැක්.. හෑ..'' - ෆීල්ඩ් මාෂල්

    ⛔ ''..මට අපේ ඩැඩා ගැන හරිම පුදුමයි.. පුදුමයි කියන්නෙ.. ඒක කියලා වැඩක් නෑ.. හිතා ගන්නත් බෑ.. මේ මනුස්සයා මේකත් හරියටම කිව්වා නේ.. එයා නිසා මම ආපහු මම බේරුනා.. හ්ම්.. මම අ.. හ්ම්..පේ ඩැ..ඩාට සදා ණය ගැති..යි.. මට වාවන්නෙ නෑ..'' - ☑න්

    ⛔ ''..මළ පනින්නෙ නැද්ද බලපංකො.. දෙහිවල එකාට හොඳ ඇඳක්.. බදුරලියෙ මගේ එකාට පරණ ඇඳක්.. බල්ලෙකුට ලඟින්න බෑ.. මම කියලා දුන්නා දොස්තරයට සුද්ද සිංහලෙන්.. මගේ එකාට හොඳ ඇද හම්බ වෙනකල් මම මෙතනම බුදියනවා.. දොස්තරයට ගෙදර යන්න වෙන්නෙ මගේ ඔළුව උඩින්..නෑ මල්ලී.. මුං දැන ගන්න ඕනැ.. නියෝජ්‍ය ඇමති කෙනෙකුට ගරු කරන්න.. මගේ එකාට හොඳ ඇඳක් දී ගන්න බැරුව මොකටෙයි මේ ඇමතිකම්.. මගෙ බල්ලටත් එපා..'' - තුන්වරක්පෙරුම

    ⛔ ''..දැන් බලන්න.. පළමු රෝගියා ආවෙ ඉතාලියෙන්.. ආවද.. නෑ.. ගෙන්නුවා.. කවුද ගෙන්නුවෙ.. ඉන්න මම කියන්නම්.. ඒ රෝගියා ඉන්නෙ මාරවිල.. ඒත් බිරිඳ මාතර.. බිරිඳගෙ මාමා දෙයියන්දර.. මාමගෙ නෝනා.. අන්න කොහේද මාමගෙ නෝනා.. වී..රකැටියෙ.. වීරකැටියෙ ඇසිලින් අක්කා කිව්වම පලාතෙම අය දන්නවා යන්න එන්නෙ මොන වලව්වටද කියලා.. රාජපක්ෂ මහත්තයෝ.. කවුරු රැවැට්ටුවත් මේ ජේවීපී එක රවට්ටන්න ඔයාට බෑ.. හෙට අනිද්දා වෙද්දි මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මෙයාලා අරයව ගෙන්නන්න ඉතාලියට යවපු ටිකට් එකේ අංකෙ ඉදං.. ටිකට් එකේ අංකෙ ඉදං හෙලිදරව් කරන්න අපි සූදානම්.. අපි මේ රාජපක්ෂලාගෙ ත්‍රාඩ බල වියරුව පරද්දන්න ඕනැ.. ඒක වෛරස්වලට බය කරලා නවත්තන්න අපි ඉඩ දෙන්නෙ නෑ.. අඩු ගානෙ හිතන්නවත් එපා..'' - නම ඕනෙ නෑනේ.. අරයා

    කොහොමද සැට් එක හිටියා නම්.. අපේ පැත්තෙ මාර සිද්ධි තමා..
    Wishwa Chinthana
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    රතු පාවඩ දම්මලා කොරෝනා ගෙන්නගෙන. ගෙන්නපු එවුන්වත් හරියට නිරෝධායනය නොකර ගෙවල් වලට යන්න දීලා. සමහරුන්ට පැනලා යන්න දීලා. කරනදේ හරියට නොකර ඔහේ කරන්නන් වාලේ කරලා. කොන්ද කෙලින් තියන් තීන්දු ගන්න ඕන වෙලාවෙදි නොදන්න දේශපාලන ගේම් ගහන්න ගිහින් රටේ මිනිස්සුන්ගෙ ආරක්ශාවට තර්ජනයක් වෙන දෙයක් රට ඇතුලෙ පැතිරෙනකම් ගොන් වැඩ කර කර ඉඳලා.

    5000ක් මැරිලවත් ලොක්ඩවුන් කරේ නෑ. අරකයි මේකයි මම බය නැති පොරක් කියලා වදන් දීලා. මේක මොකක්ද මේ කිය කිය මෝඩයකුගේ ලක්ෂන මුළු රටටම පෙන්නල වහසි බස් දොඩපු එකාට අද බල්ලෙක් වගේ ඒ ඒ විද්වත්තු කියන විදිහට වැඩ කරන්න වෙලා තියෙනවා. මට හරි වේදනයි ඔය එක එක පරයන්ගෙ කීමට ඔළුව පාත් කරලා ස'ට ඇඳිරි නීති දාන්න උන එකටයි එයාපෝර්ට් හාබර් වහන්න උන එකටයි. වේදනාව ටිකක් හරි අඩුවෙන්නෙ ජවිපෙට බැන්නමයි. ගූඇන්පී ආන්ඩුවක් තිබ්බනම් අරහම වෙයි මෙහෙම වෙයි කිය කිය හිතුවහම තමයි.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766

    :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සහතික ඇත්ත බං.....අනිවා අකිල නම් නිවාඩු දෙන්නේ නෑ..ලක්ෂයක් දෙනවා කියයි
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    BVnsq48.jpg
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ