කොස්ලන්ද නාය යාම

FreeWiFi

Member
Sep 27, 2014
29
2
0
Ane Manda
අර භූ විද්දියා හා පතල් කාර්යන්ශය කියල ලබ්බක් තියෙන්නෙ ඒ හු#$$ මොනා කරනවද දන්නෙ නෑ. මේ වගේ දේවල් වෙන්ඩ ඉස්සෙල්ල අනතුරු අගවන්ඩ ඕනෙ නේද... :angry:

මිනිස්සුට ඊයෙත් කිව්වා බං අයින් වෙන්න කියලා.මිනිස්සුට අයින් වෙන්න කීවට ඒ මිනිස්සු කොහේ කියල යන්නද බං..
 

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,889
    113
    Dubai
    1(365).gif


    2(958).gif


    3(559).gif


    4(253).gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,889
    113
    Dubai
    350 ක් පණ පිටින් වැළලේ


    ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් අද (29) පෙරවරු 7.45 ට පමණ ලංකා සිතියමෙන් මැකී ගියේය.

    මේ ගමේ අඩු ගණනේ 350ක් පමණ වාසය කළහ.රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ දිවි බේරා ගන්නට ඇතැයි සහන සේවකයෝ කියති.

    ගමේ පදිංචි දිවි බේරාගත් තවත් කිහිප දෙනකු පැවසුයේ ‘ගමේ සමහර ගෙවල් අඩි සීයයක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.සමහර තැන්වල ගෙවල් අඩි 50 කින් පමණ යට වෙලා

    සිද්ධිය සැල වී හපුතලේ සිට එහි ගිය ටී ප්‍රදීපන් පවසනුයේ මීරියබැද්දේ ලයින් කාමර අඩි තිහක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.‘

    ලයින් හතක සීයක් එකසිය විස්සක් පමණ හිටියා. හය දෙනෙක් පමණ බේරිලා ඉන්න බව ආරංචියි.දවස් දෙකකට කලින් මහත්තුරු කට්ටියක් ඇවිත් මේ ගමින් ඉවත් වන්නැයි කියා තිබෙනවා.ඉතින් ඒ මිනිස්සු කොහේ යන්නද.ඒ මහත්තුරුන්ට කරන්න තිබුණේ කොහාට හරි තැනකට අරන් යන්නයි.මා එදා දුටු ගම දැන් මහා මඩ වළක් .ඒ මඩ වළ උඩින් වතුර පාරකුත් යනවා‘.

    .1997 කොස්ලන්දේ නාකැටිය නාය ගියා.එයින් හත් දෙනකු මිය ගියා.මේ නාය යෑමෙන් 300 ක් විතර මැරෙන්න ඇති.ඒ අය කවදාවත් ගොඩ ගන්න බැරිවේවි.මේ ගම පිහිටියේ එදා නාය ගිය නායකැටියට උඩින්.‘

    කන්ද නාය යද්දී අඹු සැමි යුවළක් දුවන්නට වූහ.බිරිය පසු පසින් දිව්වාය.ඇගේ නම රාජු ලක්ෂ්මීය .සැමියා ආපසු හැරී බැලුවේය.බිරිය දකින්නට නැත.ඇය සොයා ආපසු යන්නට පෙර පස් කන්ද එනු දුටු ඔහු හැකි තරම් වේගයෙන් දිව්වේය.

    දැන් ඔහු යාබද ගමේ ගනේෂා දෙමළ මහා විදුහලේ අනාත කඳවුරේය. බිරිය ගැන කිසිදු තොරතුරක් නැත.එම කඳවුරේ 300ක් පමණ රැකවරණ ලබති.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දෙමල මිනිස්සු නම් අහිංසකයි. සමහර මුස්ලිම් මිනිස්සු වගේ නෙමේ
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ලංකාවේ ව්‍යසනයක් වෙන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙනවා අඩුයි (පාලකයන් සහ මහජනතාව කියන දෙගොල්ලොම). මතකනේ සුනාමිය. අපි අහලවත් තිබ්බේ නෑනේ.

    යටවෙලා ඉන්න අය ඉක්මනට බේරගන්න පුළුවන් වෙයි කියලා ප්‍රර්ථනා කරනවා.