කොස් ගහ යටදී දුටු චාර්ලිස් සීයා ගේ අවතාරය.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කොස් ගහ යටදී දුටු චාර්ලිස් සීයා ගේ අවතාරය.

    [FONT=&quot]මේ සිදුවීමට මම මුහුණ දීලා දැනට අවුරුදු තුනකට නම් වැඩියි. ඉතින් මම මීට කලින් මේ සිදුවීම නොලියා හිටියේ හේතුවක් ඇතිව[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]මගේ ගමේ දී මම කවුරු හරි කෙනෙකුට මේ සිදුවීම කිවුවා නම් ඒ අය මේක අහගෙන ඉඳලා මට මෙහෙම කියාවි [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    "[/FONT][FONT=&quot]හප්පුච්චියේ ඉතින්[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]ඔයිං ගියා මදෑ[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඒත් කොළඹ නුවර වගේ නාගරික කෙනෙකුට මම මේ කතාව කීවොතින් ලැබෙන උත්තරේ මට හිතාගත්තැකි[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]එක්කෝ මට පිස්සු කියලා හිතයි නැත්තං පිස්සු ඩබල් කියලා හිතයි[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]උඹලට ඕන දෙයක් හිතා ගනිල්ලා මම මේක ලියා දානවා[/FONT][FONT=&quot] ..!! [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]මීට වසර තුනකට විතර ඉහතදී දවසක මගේ හොඳම මිතුරෙක් වෙච්ච අජිත් අයියාගේ ගෙදර පිරිතක් කියන්න කටයුතු සූදානම් වෙමින් තිබුණා[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]අපේ කොල්ලෙකුගේ වැඩකට අපි නොගිහින් කොහොමද[/FONT][FONT=&quot] ? [/FONT][FONT=&quot]මමත් උදේ දහයට විතර වැඩ වලට උදවු දෙන්න හිතාගෙන එහේ ගියා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]ඔය සන්දියේ මම ජොබක් කලේ නෑ ඉතින් මට ඕනෑ විදිහට ඇවිදින්න යන්න නිදහස තිබුණා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මම අජිත් අයියලෑ දිහා යනකොට අපේ ගමේ කොල්ලෝ රැලැක්ම එදා ඉස්කෝලේ ගමන අවලංගු කරලා දාලා එහේට සෙට් වෙලා හිටියේ පිරිත් අහනවාටත් වඩා ෆන් එකක් ගන්න අදසින්[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]අපි උදේ ඉඳන්ම අජිත් අයියලාගේ ගෙදර පිරිසිදු කළා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වත්ත සුද්ද කළා[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]පිරිත් මණ්ඩප්පේ ගැහුවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]වැඩ සේරම වගේ කළා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    "[/FONT]
    [FONT=&quot]උඹලා එහෙනම් පිරිත් අහන්න ලෑස්ති වෙලා වරෙල්ලකෝ[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]හවස අපි යන්න ලැහැස්ති වෙන අතරේ අජිත් අයියා අපිට කීවේ ඇහැක් ගහන ගමන්[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]එයා ඇහැක් ඉඟි මරලා ඒ කියාපු කතාව මට ටස් ගාලා තේරුණා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]ඒ ඉඟියෙන් කියවුණේ[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]රෑට බොන්නත් ඇහැකි[/FONT][FONT=&quot]" ..[/FONT][FONT=&quot]කියන කියමනයි[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඒකාලේ මට අරක්කු කීවොත් ආයේ ඊට එහා දෙයක් නෑ[/FONT][FONT=&quot] ! [/FONT][FONT=&quot]වැඩේ වෙලා තිබුණේ ඒ දිනවල බොන්න මුදල් නැති කම[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]අම්මගෙන් තමයි මම ඒකාලේ යැපුනේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතින් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන බොන එක කරන්න මම බොහෝම අකමැතියි[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]පිරිත් අහන්න ඕන නිසා අපි හැමෝම හවස් යාමේ ඇළෙන් නාලා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]පිරිත් අහන්න සුදුසු ඇඳුම් වලින් සැරසිලා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]හය හමාර හත[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]විතර වෙනකොට අජිත් අයියලාගේ ගෙදරට එකතුවුණා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]අපේ ගෙවල් වල උදවියත් පිරිත් අහන්න ඇවිල්ලා හිටපු නිසා අපි කට්ටියම හැසිරුණේ නිකං පූස් පැටවු ගානට[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කට්ටියක් තේ හදනවා[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]කට්ටියක් පුවක් කපනවා[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]තව කට්ටියක් තේ අල්ලනවා[/FONT][FONT=&quot] ..! [/FONT][FONT=&quot]ඔන්න ඔය විදිහට වෙලාව දන්නෙම නැතිව ගෙවිලා ගියා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]අපේ ගෙවල් වලින් ආ උදවිය ආයෙමත් ගෙවල් බලා ගියා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් එළිවෙනකම් පිරිත් අහන්න සූදානමින් හිටි අය ඉතිරි වුණා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]ඔන්න ඔය අතරේ අපි කට්ටිය අජිත් අයියගේ ගේ පිටි පස්සට එකතුවුණා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගේ පිටුපස තිබුණේ වෙනම සමාජයක්[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ගේ මැද පිරිත් කියන අතරේ ගේ පිටිපස්සේ පන්සිල් පදයක් කඩන්න ලෑස්ති වෙනවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මගේ ගෙදර පිරිතක් තිබුණ දවස් වල නම් මම අරක්කු[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]කසිප්පු බින්ඳුවක් වත් ගේ හරියට ගෙනාවේ නෑ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]ඒත් ඉතින් මේ මගේ ගෙදර නෙවෙයි නේ[/FONT][FONT=&quot] ..! [/FONT][FONT=&quot]අනික නිවැසියෝ කැමැත්තෙන් සංග්‍රහ කටයුතු කරනවා නම් අපි මොකටද පිටුපාන්නේ[/FONT][FONT=&quot] ? [/FONT][FONT=&quot]අපිත් වීදුරුවකට සෙට් වුණා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ප්ලාස්ටික් බූලිය ටිකෙන් ටික හිස් වෙන අතරේ මම වට පිට බැලුවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]සමහරු කට් වෙලා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]සමහරු මෙතන පිරිත් කියනවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]සමහරු බුදු දහමේ අගය ගැන කට්ටියට වටහලා දෙනවා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]මම නම් ඔය වෙනකොට දාලා හිටියේ හතර වෙනි ෂොට් එක[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඒක නිසා මම හොඳටම හොඳින්[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]ඔය අතරේ අජිත් අයිය ගේ තාත්තා දුවගෙන ආවා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]"[/FONT][FONT=&quot]දරුවනේ බලාපල්ලකෝ පුවක් මල්ල කොහේද දාලා හොයාගන්න බෑ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]දැන් හාමුදුරුවොන්ට දැහැත් විට සපයන්න විදිහක් නෑ බං පුවක් ගෙඩි දෙකයි තියෙන්නේ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]අනේ කොහෙන් හරි පුවක් ටිකක් හොයාන වරෙල්ලා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]![/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]අජිත් අයියගේ තාත්තා එහෙම කීවා විතරයි අපි සුටුස් ගාලා කර කර හිටි වැඩේ පැත්තට දාලා නැගිට්ටා[/FONT][FONT=&quot] ..

    "[/FONT][FONT=&quot]අපි හොයං එන්නං මාමේ[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]වෙලාව එකොලයයි කාලට විතර ඇති මට හරියටම වෙලාව මතක නෑ[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]පුවක් ගහක් යටට ගිහිං පුවක් ටිකක් අහුලං එමු කියලා හිතාගෙන අපි කළුවරේම පිටත් වුණා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]ඔය වෙලාවේ ගේ ඇතුළේ ආටානාටිය පිරිත වැයෙමින් තිබුණා[/FONT][FONT=&quot] ..! [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ගමේ ඇල පාර දිගේ ටික දුරක් ඉහළට යද්දී පුවක් ගස් යායක් වැවිච්ච පොඩි වගුරු බිමක් හමුවෙනවා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]අපි ගියේ අන්න එතනට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කාටවත් අයිති නැති ඒ බිම්කඩේ කොයි වෙලාවේ බැලුවත් පුවක් නම් වරදින්නේ නෑ[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මගෙත් එක්ක තව කොල්ලෝ හතර දෙනෙක් මේ ගමනට එකතු වෙලා හිටියා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]එකෙක් සාගර අයියා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]එයා ඇවිල්ලා අපිට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් අපේ ගමේ ප්‍රධාන මේසන් බාසුන්නැහේ[/FONT][FONT=&quot] .. "[/FONT][FONT=&quot]හෙඩ් බාස්[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]කීවොත් හැමෝම දන්නවා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]අනිකා සමන්ත මල්ලි ඒ අපේ ඉස්කෝලේ සර් කෙනෙකුගේ පුතෙක්[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]මිනිහා මත් පැන් කටේවත් තියන්න කැමති නෑ ඒත් බොන එවුං එක්ක එකට ඉන්න නම් ගොඩාක් කැමතියි[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඊළඟට හිටියේ අනුෂ්ක කියලා මගේ පරණ මිත්‍රයෙක්[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]මිනිහා නම් එදා බීලා හිටියේ කුණු වෙන්න[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]ඊළඟට ළහිරු සහ මම[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]සඳරු කීවාම මාව කවුරුත් දන්නවා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ළහිරු අපේ ගමේ නෙවේ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සමන්ත මල්ලි අතේ තිබුණු අලි එළවන ලොකු ටෝච් එක කළුවර මකලා අපිට නියම එළියක් දුන්නා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඒ ටෝච් එක පත්තු කළාම රෑත් දවල් වගේ[/FONT][FONT=&quot] ! .[/FONT][FONT=&quot]ඉතින් අපිත් හෙමිහිට වළවල් වල වැටෙමින් පුවක් ලන්දට කිට්ටු කළා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]විනාඩි හත අටකින් අපි හිටියේ පුවක් ලන්ඳේ[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]පුවක් යායට පිටු පසින් ගලාගෙන යන ඇලේ වතුර වල[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]ජබු ජබු[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]හඬ මට හීනිවට ඇහුණා[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]ඔය අතරේ[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]පුවක් ගෙඩි වල දත් ගහන්න ආපු වවුල්ලු වගයක් මහ හඬින් සද්ද කරා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]වවුල්ලුන් ගේ පොරය අතරේ පුවක් ගෙඩි කීපයක්[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]සරස්[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]ගාලා පහළ තිබුණු හබරල කොළයක් උඩට වැටුණා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]පාර දිගේ බීමතින් කියෝ කියෝ ආපු අපේ කට්ටියගේ කටවල් ඔන්න ඔතනදී ගොළු වුණා[/FONT][FONT=&quot] ! [/FONT][FONT=&quot]සමන්ත මල්ලී ලොකු ටෝච් එක අල්ලගෙන ඉන්න අතරේ අපි හැමෝම පුවක් එකතු කරා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]එකතු කරන පුවක් ගෙනියන්න මල්ලක් නොගෙනාපු නිසා සාගර අයියා ඒ පුවක් දාන්න එයාගේ සරම බොකු ගහලා හදාගත්තා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]අපිත් එකතු කරන පුවක් ගෙඩි[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]එකින් එක සාගර අයියගේ සරමේ පිරෙවුවා[/FONT][FONT=&quot] . ..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]පුදුමයි වෙනදාට ගෝනි ගණං පුවක් පුරුවන්න හැකි මේ ඇල ඉවුරේ අද පුවක් හම්බුනේ දහයක් විතර[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]ඔය අතරේ ළහිරු ටිකක් එහාට ගියා ළහිරු ගියේ පුහු කොස් ගහ ගාවට[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඒ කොස් ගහ වසාගෙන හැදුණු ලොකු පිළිලයක් නිසා ඒ කොස් ගහේ මට මතක ඇති කාලෙක පොලොස් ගැටයක් පමණ හදිලා නෑ[/FONT][FONT=&quot] ..! [/FONT][FONT=&quot]ඒකයි හැමෝම ඒ දැවැන්ත කොස් ගහට පුහු කොස් ගහ කීවේ[/FONT][FONT=&quot] ..! [/FONT]
    [FONT=&quot]

    [/FONT][FONT=&quot][/FONT]
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    [FONT=&quot]ඔන්න ඔය අතරේ තමයි අපි හැමෝටම අමුතු ගඳක් දනෙන්න පටන් ගත්තේ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]නිකං කැරපොතු ගඳ වගේ ගඳක් අපි හැමෝටම දැනුණා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඒත් එක්කම අපිට ඇහුණේ ළහිරු අපි හැමෝටම කතා කරන හැටි[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]මහා අමුතු හඬකින්[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]අමුතුම අමුතු හඬකින්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    "[/FONT][FONT=&quot]සමන්ත මල්ලීඊඊඊඊ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]සඳ්ඳ්ඳෲ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]අනේ එන්නකෝ මේ බලන්නකෝ[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]අනේ මම කියන දේ අහලා වරෙල්ලකෝ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මෙන්න මේ මෙතන [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඒ කතා කරපු හඬ මට තවම මතක වෙනවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මේ ලියන මොහොතේ පවා මගේ ඇඟේ හිරිගඬු පිපිලා තියෙන්නේ එදා මම මුහුණ දීපු කම්පනය තවම මගේ හිතේ නොමැකෙන්නම තියන නිසා[/FONT][FONT=&quot] .
    [/FONT][FONT=&quot]සමන්ත මල්ලී ළහිරු කතා කරන පැත්තට ටෝච් එක ඇල්ලුවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඔන්න එතකොටම මම ඒකාව දැක්කා[/FONT][FONT=&quot] !![/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ළහිරු හිටියේ හෙමීට අපේ දිහාට එන ගමං ඌ තණියම කියවනවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]ළහිරුට පිටිපස්සෙන් හිටියේ අමුතුම අමුතු කෙනෙක්[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]සුදු කොණ්ඩයක් සහිත[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]හම තැන තැන පැලිච්ච අමුතුම කෙනෙක්ව මම දැක්කා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]ඒ දැකපු කෙනාගේ ඇස් දෙක මට කවදාවත් අමතක කරන්න බෑ[/FONT][FONT=&quot] ...[/FONT][FONT=&quot]ඒව ඇස් නෙවේ ගිනි බෝල[/FONT][FONT=&quot] ..!! [/FONT][FONT=&quot]ඇඟේ තිබුණේ රෙදි නෙවෙයි පැලිච්ච හම[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඒ මනුස්සයෙක් නෙවේ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මට ඕන තැනක දිවුරලා කියන්න පුළුවන් ඒ මනුස්සයෙක් නම් නෙවේ[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    "[/FONT][FONT=&quot]හුහූඌඌඌඌඌඌඋ[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සාගර අයියා[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]හූ[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]කියන සද්දෙ මගේ කන ළඟින් ඇහුණා [/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මට ඊට පස්සේ වෙච්ච දේවල් මතක් වුණේ දවසක් විතර ගියාට පස්සේ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මතක් වෙච්ච විදිහට නම් සමන්ත මල්ලී ඇල පාර දිගේ උඩහට දිවුවා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]මමත් සාගරත් ඒ පිටි පස්සෙන් දිවුවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ළහිරු තවම කෑගහනවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    "[/FONT][FONT=&quot]අනේ මේ බලහල්ල්කෝ අනේ අහපල්ල්කෝ[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]අනේ ඉඳපල්ලකෝ [/FONT][FONT=&quot].". [/FONT][FONT=&quot]ඒත් එහම කියමින් ඌත් දුවනවා [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]අඩි දහයක් දුවන්න ලැබුණේ නෑ[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]මට ඉස්සරහින් දුවපු සමන්තයි සාගරයි දෙන්නා එක ගොඩේ වැටුණා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]ටෝච් එක පඳුරක් අස්සට වීසි වුණා ඒත් ඒකෙන් එන එළියට මුලු පාරම එළියයි[/FONT][FONT=&quot]..! [/FONT][FONT=&quot]ආපහු හැරෙද්දි මම ආයේ අර අමුතු මිනිහාව දැක්කා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කැමරාවක ෆ්ලෑසර් එක අපේ අහැට ලං කරලා පත්තු කළොත් මොහොතක් යනකම් අපිට ඒ එළිය බලන බලන අත පේන්න ගන්නවා වගේ මම හැරෙන හැරෙන පැත්තේ මට මේ නාකි මිනිහව පේන්න ගත්තා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඔන්න ඔය අතරේ ළහිරු මාව පහු කරගෙන දිවුවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මට සමන්තව නැගිටුවන්න සිහියක් තිබුනේ නෑ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මටත් මහ හයියෙන් කෑ ගැහුණා[/FONT][FONT=&quot] ..! [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මම සෑහෙන වලි සීන් වලට ගිහිං තියනවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මට කවදාවත් මේ තරම් බය දැනුණේ නෑ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මගේ වෙරි මත කැලේ[/FONT][FONT=&quot] !! ..[/FONT][FONT=&quot]මම විනාඩි දෙකක වේගවත් දිවීමකින් පස්සේ හිටියේ පිරිත් ගෙදර ඉස්සරහා තියා තිබුණු ප්ලාස්ටික් පුටු ගොඩත් පෙරලගෙන බිම පතබෑවිලා[/FONT][FONT=&quot].. . . . .[/FONT][FONT=&quot]මට සිහිය තිබුණා හොඳටම[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඒත් මගේ කන් අගුල් වැටිලා වගේ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මොහොතකින් මට ආයේ හැමදේම පේන්න තේරෙන්න ගත්තා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    "[/FONT][FONT=&quot]සඳරු උඹට දැන් කොහොමද මයෙ පුතේ[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අජිත් අයියලෑ තාත්තා මගේ ඔළුව අතගානවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]"[/FONT][FONT=&quot]පුතේ මේ පිරිත් වතුර ටික බොන්න[/FONT][FONT=&quot] .."[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අසල් වැසි නැන්දා කෙනෙක් මට වතුර දෝතක් පෙවුවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]ඔන්න තව පැයක් විතර ඔළුව ගහගෙන හිටියට පස්සේ මම යන්තම් ඔළුව ඉස්සුවා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]පුටුවෙන් නැගුටලා ගිටගත්තා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]අජිත් අයියගේ වාරුවෙන් ගිහිං පිරිත් අහන්න පැදුරේ ඉඳ ගත්තා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මගේ කකුල් දෙක තාම මට අවනත නෑ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මට නිකම්ම කෑගැහෙන්න යනවා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]මම පැයක් විතර යනකම් වැඳගෙන හිටියා[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]මූණ පාතට නවාගෙන[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මට ඕන වුණේ ඉක්මනට එළිය වැටෙනවා දකින්න[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]මට උදේ වෙනකම් නින්ද ගියේ නෑ[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]පිරිත ඉවර වුණාට පස්සේ ස්වාමින් වහන්සේ නමක් මට කතා කරලා මගේ අතේ පිරිත් නූලක් බැන්ඳා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]..‍‍[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ළමයෝ දැන් ඔවුවා අමතක කරලා දාන්න[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]තරුණ ළමයි නේද ඔහොම බය වෙලා පුළුවන්ද[/FONT][FONT=&quot] ? [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දවල් බත් කෑවට පස්සේ ඔන්න මගේ ළඟට කට්ටිය වට වුණා[/FONT][FONT=&quot] .. "[/FONT][FONT=&quot]මොකද සඳරු වුණේ[/FONT][FONT=&quot] ?[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මගෙන් එහෙම ඇහුවේ ගෙවල් ළඟ ගීතා ඇන්ටි[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]එතකොටයි මට මගේ යාළුවෝ කට්ටිය ගැන මතකෙට ආවේ[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]උන්ට මොකෝ වුණේ[/FONT][FONT=&quot] ..?

    "[/FONT][FONT=&quot]කෝ සමන්ත මල්ලි[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]සාගර[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]අනුෂ්ක[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]කෝ ළහිරු[/FONT][FONT=&quot] .?.[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම වට පිට බලමින් ඇහුවා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අනුෂ්ක එතකොට කොහේදෝ ඉඳලා මගේ ළඟට ආවා[/FONT][FONT=&quot] .. "[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මචං උඹලා දුවනවා කෑගහනවා දැකලා මමත් බය වුණා මම උඹලගේ පස්සෙන් දුවගෙන ආවා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මොකද වුණේ[/FONT][FONT=&quot] ..?[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේක මාර කතාවක් අනුෂ්ක කිසිදෙයක් දැකලා නැද්ද[/FONT][FONT=&quot] ?[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මම වෙච්ච සිද්ධියම කට්ටියට ආපහු කීවා මගේ වචන ගොත ගැහෙන්න ගත්තා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]ඔන්න එතකොට අජිත් අයියා කතාව පටන්ගත්තා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]"[/FONT][FONT=&quot]අපිට රෑ අහුණා කවුද හූ කියන සද්දේ[/FONT][FONT=&quot] ? [/FONT][FONT=&quot]තාත්තා කීවා උඹලා පුවක් ගේන්න ගියා කියලා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඊට පස්සේ හිටපු හැමෝම තාත්තට දොස් කීවා පිරිතේ ආටානාටිය කොටස කියන වෙලාවේ මොන එහෙකටද උඹලව ඇල පැත්තට යවුවේ කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතින් හූ කියපු දිහාවට අපි හැමෝම යන්නයි හැදුවේ එතකොට තමයි උඹයි ළහිරුවයි සමන්තයි දුවගෙන ආවේ[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මම අහලා තිබුණු විදිහට නම් ආටානාටිය පිරිත කියන වෙලාවට අමනුෂ්‍යයෝ එළියට ඇදෙනවා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]මමත් මෝඩයා වගේ බිබී ඇවිදින්න ගියා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]හොඳ වැඩේ මට[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]මම හිතෙන් මටම දොස් කියාගත්තා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අජිත් ආයෙමත් කතාව කියන්න ගත්තා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]"[/FONT][FONT=&quot]අපි කට්ටිය සාගරව හොයාගෙන ඇල පැත්තට දුවද්දී පඳුරක් අස්සේ කසුන් මල්ලිගේ ටෝච් එක පත්තු වෙවිවී තිබුණා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]අපි ඒක අරං බලනකොට සාගරගේ සරම එතනම වැටිලා තිබුණා බං[/FONT][FONT=&quot]..! [/FONT][FONT=&quot]හික් හික්[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]අපි සරමත් අරගෙන සාගර හොයන්න යන්නයි හැදුවේ ඒත් සරම අතට ගත්ත ගම්න්ම අපිට කලන්තේ හැදෙන්න ආවා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]බං[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ඇයි ඇයි උඹලත් දැක්කද[/FONT][FONT=&quot] ?[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]"[/FONT][FONT=&quot]කෙහෙම්මල අපි දැකපු හොල්මනක් නෑ බං[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]සාගරට රෙද්දේ රෙවිලා[/FONT][FONT=&quot]!! [/FONT][FONT=&quot]සරමෙන් එකයි ගූ[/FONT][FONT=&quot] !! [/FONT][FONT=&quot]ගන්ධස්සාරේ බෑ බං[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඒ ගඳට හොල්මන දුවන්න ඇති[/FONT][FONT=&quot]..!! [/FONT][FONT=&quot]උඹලා බේරුණේ ඒකයි[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]අපි ආපහු එනකොට සාගර ගේට්ටුව ළඟ කලන්තේ දාලා වැටිලා හිටියා[/FONT][FONT=&quot] ..! [/FONT][FONT=&quot]වතුර ගහලා සරමක් අන්දලා ඔන්න ගෙදරට ගිහිං දැම්මා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මම තනියම කල්පනා කළා වෙච්ච වැඩේ[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]එදා අපි බීව එවුවා නිසා මොනවා හරි මායවක් අපිට පෙනුනද[/FONT][FONT=&quot] ? [/FONT][FONT=&quot]නෑ එහෙනම් එවුවා කටේ තියාපු නැති සමන්තත් ඒක දැක්කේ කොහොමද[/FONT][FONT=&quot] ? [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]අපි පස්දෙනාම දවසක මේ ගැන කතාබහ කළා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]අනුෂ්ක ඇරෙන්න අනික් අය හැමෝම මේ වයසක උන්දෑව දැකලා තිබුණා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]එකම හැඩරුව[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ගිනි බෝල ඇස්[/FONT][FONT=&quot] !. [/FONT][FONT=&quot]අපි හතර දෙනාටම විශ්වාසයි ඒ දැක්කේ මිනිහෙක් නොවන වග[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]සාගර කියන්නේ ලේසියෙන් බයවෙන කෙනෙක් නෙවේ ඒ මනුස්සයාටත් බඩ එළිය යන තරමට බයවෙන්න නම් මේ සිදුවීමේ බියකරු බව කොයිතරම්ද කියලා හිතලා බලන්න[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]මම කවදත් හොල්මං අවතාර විශ්වාස කළේ නෑ[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]ඒ ගැන කියද්දී හිනහා වුණා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]මගේ තාත්තත් මට කීවේ ඔවුවා විකාර කියලා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]ඒත් මම ඒ දැක්ක දේ මොකද්ද[/FONT][FONT=&quot] ?[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]කොහොම හරි ඔය කියන වසක උන්දෑට බය වුණේ අපි හතර දෙනා විතරක්ම නෙවේ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]ඊට මාස ගාණකට පස්සේ ගමේ කිරි විකුණන අංකල් ඔතන සිහි නැතුව වැටිලා ඉඳලා හම්බ වුණා[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]සිහිය ආව පස්සේ එයත් කීවේ අපි දැකපු දේම තමයි[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]සමහරු කියනවා ඒ අපේ ගමේ ඉස්සර හිටපු ගුරුවරයෙක්ලු නම චාර්ලිස් සීයලු[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඔය සිද්ධියෙන් පස්සේ අපේ ගෙවල් වලින් අපිට කාලයක් යනකම් හැන්දෑවට එළියට යන්න දුන්නෙම නෑ[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]සගර අයියගේ නමත් වෙනස් වුණා[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]එදා[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]හෙඩ් බාස්[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]කියලා හඳුන්වපු සාගර අයියව අද හඳුන්වන්නේ[/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රෙවිච්ච හෙඩ් බාස් කියලා[/FONT][FONT=&quot]" !! [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]කොහොම හරි මට සතියක් විතර යනකම් ගොත ගැහෙන එක නවත්ත ගන්න බැරුවම තිබුණා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]පස්සේ හැමදෙයක්ම වගේ ඔය සිදුවීමත් අතීතයට එකතු වුණා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]දැන් මගේ හිතේ බය කියන එකට ඉඩ නෑ[/FONT][FONT=&quot] ..![/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උපන්දා ඉඳන් මම ජීවත් වෙන මේ ගම ඇතුලේදී මම දැකපු එකම හොල්මං සිද්ධිය මේක වුණත් තව මේවගේ සිදුවීම් සිය ගනනක් මම අහලා තියනවා[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]ඒවායින් එකක්වත් ඇත්ත වෙන්න බැරිද[/FONT][FONT=&quot] ? [/FONT][FONT=&quot]මේ ලෝකේ අපිට හිතාගන්න බැරි ගොඩක් දේ තියනවා[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]නොදැක්ක පලියට යමක් අවිශ්වාස කරන එක වැරදියි[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඒත් ඕනෑවට වඩා නොදැක්ක දේවල් විශ්වාස කරන එකත් අමුම මෝඩ වැඩක්[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මම දැන් හිතන්නේ හොල්මං අවතාර තිබුණත් එකයි නැතත් එකයි[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]තිබුණත් මගෙ මොකෝ[/FONT][FONT=&quot] ! [/FONT][FONT=&quot]නැතත් මගෙ මොකෝ[/FONT][FONT=&quot] .! .[/FONT][FONT=&quot]හොල්මන් අවතාර වලට ඕන ඕන විදිහට උං ඉඳීවි මම ඉන්න විදිහට මම ඉන්නම්[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]එහෙම හිතාගත්තාම හිතට සැනසීමයි[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]

    [/FONT][FONT=&quot]සමහර නම් මණංකල්පිතයි[/FONT][FONT=&quot] ..[/FONT]





    (මෙක මගෙ කතාවක් නෙමෙ.. මෙක මම අරගත්තෙ සදරු ගෙ .. හිස් අහසින් .. මෙක සදරුගෙ අත් දැකිමක්.. එ වගෙම සදරු ලියන එවා මම හරිම ආසාවෙන් කියවන කෙනෙක්.. ඔහුගෙ කතා ලිවිමෙ ක්‍රමය හරිම ලස්සනයි.. මෙම කතාවට මම ගොඩක් කමති නිසා ඔයලටත් බලන්න දැම්මා ඔන්.:angry:.. සදරුට දිගටම හොද නිර්මාණ් කිරිමට ශක්තිය ලැබෙවායි පතමි!!!:yes: )
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩෝ සඳරුව එලට දෙනවා උගේ බ්ලොග් එකේ ටෝක්ස් . මම ඔක්කොම පෝස්ට් බැලුව එක දිගට. නියම බුවෙක්. තැන්ක්ස් මචන් බෙදා හදා ගත්තට.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අඩෝ සඳරුව එලට දෙනවා උගේ බ්ලොග් එකේ ටෝක්ස් . මම ඔක්කොම පෝස්ට් බැලුව එක දිගට. නියම බුවෙක්. තැන්ක්ස් මචන් බෙදා හදා ගත්තට.


    ow..mamath kiyawanawa free time ekak awama..danne nati ayata balannath ekka tamai damme.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    [FONT=&quot]සරමෙන් එකයි ගූ[/FONT][FONT=&quot] !! [/FONT][FONT=&quot]ගන්ධස්සාරේ බෑ බං[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]ඒ ගඳට හොල්මන දුවන්න ඇති[/FONT][FONT=&quot]..!!
    -- :lol:
    [/FONT]